ඔබේ වර්ධනය කවදාවත් නතර නොවුනොත්, කුමක් සිදුවෙවෙවිද ?

එක්තරා අදියරකදී මිනිසාගේ වර්ධනය නතරවීමක් සිදුවෙනවා. උදාහරණයක් විදියට එක්තරා උස මට්ටමකට පැමිණි විට ඊටවඩා උසයන්නේ නැහැ. නමුත් අපේ වර්ධනය එක්තරා අවස්තාවකදී නතර නොවී නොනවත්වාම වර්ධනය වුනොත්, කුමක් සිදුවේවිද ?

ඉතිහාසයේ පුරාවට අදහාගත නොහැකි තරම් උස මිනිසුන් හමුවෙනවා. ලොව උසම මිනිසාට හිමි වාර්තාවට අදටත් හිමිකම් කියන්නේ රොබර්ට් වැඩ්ලෝ මහතායි. ඔහු ඔහුගේ මිතුරන්ටත් වඩා අඩි 2.72කට වඩා වැඩි උසකින් යුතු වුනා.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස උසයාම වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වන්නේ Gigantism යනුවෙනි. එය ඉතාමත්ම දුලභ නමුත් භයානක සෞඛ්‍යය තත්වයක්. එම සෞඛ්‍යය තත්වය විසින් අස්ථි පද්ධතිය වගේම, මාන්ෂපේශී සහ ඉන්ද්‍රියයන්ද සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලව වර්ධනය වීමට සලස්වනවා.

Gigantism ලෙස හඳුන්වන එම තත්වය ඇතිවන්නේ කුඩාකාල සිට ඔවුන්ගේ සිරුරු තුල වර්ධක හෝමෝන අධික ලෙස ශ්‍රාවය වීම හේතුවෙනි.බොහෝ අවස්තාවන් වලදී වර්ධක හෝමෝන අසාමාන්‍ය ලෙස ශ්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්තියේ වූ Bengin Tumor එකක් නිසයි

Bengin Tumar එකක් පුද්ගලයෙකුට මාරාන්තික වන්නේ නැහැ. ඒවගේම පිළිකාවක් මෙන් අසලවූ පටක වලට හෝ ඉන්ද්‍රියයන් වලට පැතිරෙන්නේ නැහැ. එය එක් ස්ථානයකම පවතිනවා.

මීට වසර කිහිපයකට පෙර ජාතික සෞඛ්‍යය විද්‍යායතනය විසින් අපුරු අධ්‍යයනයක් සිදුකරා. එහිදී Gigantism සෞඛ්‍යය තත්වය සහ X chromosome හී එක්තරා කලාපයක් අතර සම්බන්ධයක් ඇතිබව හැලිවී තිබෙනවා. එහිදී වැඩිදුරටත් හෙළිවී තිබුණු පරිදි පුද්ගලයෙකු කොපමණ උසයනවාද යන්න තීරණය කරන්නේ, එම කලාපයේ වූ තනි ජානයක් විසින්.

එය සත්‍යයක් නම් අදාළ ජානය සංස්කරණය කිරීම මගින් පුද්ගලයෙකු කොපමණ උසයා යුතුද යන්න තීරණය කරන්න අපිට පුළුවන්.

නමුත් සාමාන්‍යය ප්‍රමාණයට වඩා අසාමාන්‍ය ලෙස ශරීරය උස යෑම නිසා බරපතල සෞඛ්‍යය තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතිනවා.

උදාහරණයක් විදියට Gigantism තත්වයෙන් පීඩා විඳින පුද්ගලයින්ට, අධි රුධිර පීඩනය සහ හදවත් රෝග ඇතිවීම දැඩි අවදානමක් ඇතිබව ඇස් පනාපිටම පෙනෙන්නට තිබෙනවා.

ඊට අමතරව ආතරයිටිස් සහ පෙනීමේ දෝෂයන්ද ඇතිවීමට ඉහල අවදානමක් තිබෙනවා. එපමණක් නොවෙයි, Gigantism තත්වය නිසා පිලිකා අවදානමද ඉහල යනවා.

පුද්ගලයින් මිලියන 5.5ක් පමණ වූ දෙනෙක් යොදාගෙන සිදුකරනු ලැබූ අධ්‍යයනයකින් හෙළිවී තිබෙනේ, ශරීරයේ උස වැඩිවෙන සෑම සෙන්ටිමීටර් 10කටම, කාන්තාවන් තුල පිළිකාවන් ඇතිවීමට 18% අවදානමක්ද, පිරිමින් තුල පිළිකාවන් ඇතිවීමට 11%ක අවදානමක්ද ඇති බවයි.

සිරස් අතට උසයාම වගේම තිරස් අතට ශරීරය වර්ධනය වීමද සෞඛ්‍යය අනතුරට පත්කරනවා. මිනිස් සිරුරක බර වදිවෙනවාත් සමගම ඒ විසින් සිරුර මත ඇතිවෙන පීඩනයද ඉහල යන බව මතක තබාගන්න. එක් රාත්තලකින් බර වැඩිවීම එතරම් දෙයක් නොවෙන බව ඔබට සිතුනත්, එම බර දරාගෙන ඇවිදීමේදී, ඔබේ අස්ථි සන්ධි මත විශාල ආතතියක් ඇතිකරනවා.

ශරීරයේ බර එක් රාත්තලකින් අඩු කරගන්නේ නම්, දණහිස් සන්ධිය මත පැටවෙන ආතතිය විශාල ප්‍රමාණයකින් අඩුකරගන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඔබ සැතපුමක් දුර අවිදිනවානම් දණහිස් සන්ධිය මත පැටවෙන අධි භාරය රාත්තල් 4,800කින් අඩුවෙනවා.

ඉතින් පුද්ගලයෙකුගේ ශරීරයේ නොනවත්වා වර්ධනය වුනොත්, එම බර දරාගැනීමට හැකිලෙස ශරීරය නිර්මාණය වී නැති නම්, එම අමතර බර හේතුවෙන් සෞඛ්‍ය බරපතල ලෙස අනතුරට පත්වෙනවා.

මේ පිළිබඳව ඔබ දන්නේ මොනවගේ මතයක්ද ? කැමති තරම් වර්ධනය වීමට අවස්තාවක් ලැබුනොත්, ඔබ කැමති මොන තරම් උසක් දක්වා වර්ධනය වෙන්නද ?

Copyright Protected – All Rights Reserved (Nodutu Lokaya)

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!