ළුණු වලින් මෙතරම් විශ්මිතදේ කළහැකි බව ඔබ දැනසිටියාද ?

ආහාරයට ගැනීමට අමතරව ළුණු වලින් කරගත හැකි තවත් බොහෝ දේ තිබෙනවා. නොයෙකුත් සෞඛ්‍යය තත්වයන් සුවකරගැනීමට ඈත අතීතයේ සිටම ළුණු භාවිතා කර තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.

ළුණු වල විෂබීජමර්දක ගුණයක නිසා එය ප්‍රතිජීවක ඖෂධයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. එම නිසා කුඩා තුවාලට වලට සහ කනෙහි ඇතිවන ආසාදන තත්වයන් සඳහාද ඉතාමත්ම ගුණදෙනවා. තවද මුළුතැන්ගෙයි උපකරණ විෂබීජ වලින් තොර කිරීමටත් භාවිතා කරන්නට පුළුවන්.

බරපතල සෞඛ්‍ය තත්වයන් ඇතිවීම වලක්වාගැනීමට ළුණු භාවිතා කරමු.

ළුණු සහ සුදුළුනු වල තන්තු, කැල්සියම්. ෆොස්පරස්, පොටෑසියම්, විටමින් B6, සල්ෆර්, ප්‍රතිඔක්සිකාරක සහ ෆ්ලෙවනොයිඩ් වැනි පෝෂක කොටස් අන්තර්ගත වෙනවා.

ඊට අමතරව ළුණු වල quercetin කියන බලවත් ප්‍රතිඔක්සිකාරකයද ඇති නිසා හදවත් රෝග, පිළිකාවන්, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වලින්ද ඔබව ආරක්ෂා කරනවා.

ප්‍රතිශක්ති සෛල වලින් histamines ශ්‍රාවය වීම වළක්වමින් අසාත්මික ප්‍රතික්‍රියාවන් සඳහා ක්ෂණික සහනය සැලසීමේ හැකියාවක්ද ළුණු වලට ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඉහත සඳහන් සියලු සෞඛ්‍යය ප්‍රතිලාභ වලට ස්තූතිවන්ත වෙන්න දියවැඩියාව, ඇදුම සහ කන්තුකවාහිනී රෝගීතත්වයන්ගෙන් ආරක්ෂාව සලසා ගන්නට ඔබට පුළුවන්.

ළුණු ඖෂදයක් ලෙස භාවිතා කරන්නේ මෙහෙමයි.

1. කන ආශ්‍රිත ආසාදන තත්වයන්

කන ආශ්‍රිත ආසාදන තත්වයන් සුවකරගැනීමට ළුණු ගෙඩියක් කුඩා කැබලිවලට කපා එය කුඩා රෙදි කඩකින් ආවරණය කොට පොට්ටනියක් සකසාගෙන අදාළ ස්ථානය තුල තබාගෙන සිටින්න. අදාළ ස්ථානයට එම පොට්ටනිය තබා වෙළුම් පටියකින් පැය කිහිපයක් තබාගෙන සිටිනවානම් ඉක්මන සනය සැලසෙනවා.

2. උණ

සාමාන්‍ය උණ තත්වය සුවකරගැනීමට නම් ඔබ කලයුතු වන්නේ ළුණු පෙත්තක් ගෙන එය දෙපතුල් මත තබාගැනීම පමණයි. එය වේලුම් පටියකින් බැඳගෙන මේස් දෙකක් පැළඳී විට ශරීරයේ වූ උරාගන්නා නිසා සුවවීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා.

3. ඔක්කාරය

ලොකු ළුණු ගෙඩියක් කුඩා කැබලි වලට කපා එය සිහින් රෙදි කැබැල්ලකින් ආවරණ කොට ඉස්ම පිටතට පැමිණෙන තුරු හොඳින් මිරිකන්න. එලෙස එක්රැස් කරගත් ළුණු යුෂ හැඳි තේ හැඳි දෙකක් බොන්නේ නම් ඔක්කාරය වහා සමනය වෙනවා.

4. කැස්ස

කැස්සට බොන සිරප් එකක් ලෙස ළුණු භාවිතා කරන්නට පුළුවන් බව ඔබ කිසිවිටක දැන නොසිටින්නට ඇති. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ ලොකු ළුණු ගෙඩියක් දෙකට කපා එහි උඩ පැත්ත ආවරණය වෙන ලෙස සීනි තේ හැන්දක් එකතු කොට ප්ලාස්ටික් කවරයකින් ආවරණය කොට පැයක් පමණ වසා තැබීමයි. පසුව එය කුඩා කැබලි වලට කපා මුඩිය හොඳින් වාසිය හැකි බඳුනක දමා ශීතකරණය තුල සතියක් පමණ තිබෙන්නට හරින්න. අවශ්‍ය වූ විට එම මිශ්‍රණයෙන් මේස හැන්දක් පරිභෝජනය කරන්න.

5. කැපුම් තුවාල

තියුණු මුවහතක් ඇති ආයුධයකට ඔබේ අත සම තුවාල වුනොත්, විනිවිද පෙනෙන තරම් සිනිඳු ළුණු සිවියක් අදාළ ස්ථානය මත තබා වෙලා ගන්න. ඒ විසින් රුධිරය වහනය වීම වලක්වනවාට අමතරව ආසාදන තත්වයන් ඇතිවීමද වළකනවා.

ළුණු වල ඇති සෞඛ්‍යමය වටිනාකම නොදත් ඔබේ මුතුරන් දැනුවත් කරන්න කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න.

Copyright Protected – Nodutu Lokaya

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *