අන්ධ සැමියාට ඇස් දෙක වූ අබ්බගාත බිරිඳ!

දෙදෙනෙකු විවාහ ගිවිසගැනීමේදී මුළු ජීවිත කාලයටම එකට සිටින බවට දිවුරා පොරොන්දු වෙනවා. ඉන් අදහස් කරන්නේ ලෙඩකදී දුකකදී වගේම ඕනෑම දුෂ්කර අවස්තාවකදී උනත් වෙන් නොවී එකට සිටින බවයි. නමුත් එම පොරොන්දුව රකින්නේ කීයකින් කීදෙන්ක්ද ?

නමුත් එම පොරොන්දුව ඉටු කරමින් ලෝකයටම ආදර්ශයක් වුනු යුවලක් පිළිබඳව චීනයෙන් වාර්තා වෙනවා.

සැමියාගේ ඇස් දෙකම නොපෙනෙන අතර බිරිඳ අබ්බගාත කාන්තාවක්. අබ්බගාත බිරිඳ කරමත තබාගෙන ඇවිදින අන්ධ සැමියාට ඇස් දෙක ලෙස සිටින්නේ අයගේ අබ්බගාත බිරිඳයි. ඔවුන් තම දුබලතාවන් හමුවේ පරාජය නොවී ජීවිකාව ගෙවන හැටි දකින ඕනෑම කෙනෙකුගේ හදවත කම්පාවෙනවාට කිසිම සැකයක් නැහැ.

මොහොතක් සිතන්න, ඔබ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් ජීවිතය ගැන ඇති සියලු බලාපොරොත්තු අත්හරිනවා නේද ?

නමුත් මෙම ධෛර්යමත් යුවල දෙදෙනාගේ ආබාදිත තත්වයන් හඳුනාගෙන එකිනෙකාට උදව් වෙමින් ජීවිතය පවත්වාගෙන යනවා. Cao Shucai සහ Xu Houbai යුවල Basket Couple යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

1988 වර්ෂයේදී Cao ගේ ඇසවල පෙනීම නැතිවන විට ගිරහනිය ලෙස හඳුන්වන රෝගී තත්වය නිසා බිරිඳගේ දෙපයේ වාරු නැතිව ගියා.

එදා සිට අද දක්වා දෙපා වාරු නැති බිරිඳ කරමත තබාගෙන ඔහු ඇවිදින අතර ඇස් නොපෙනෙන සැමියාට මග පෙන්වන්නේ එම කාන්තාවයි.

මෙම චායාරූප පෙළ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට එකතු කිරීමට සමග එය ලෝකය පුරාම අතිශය ජනප්‍රිය බවට පත්වුනා. ඔවුන් දෙදෙනාගේ ආදර කතාව සැමට පරමාදර්ශක් බවයි සැවොම එකහෙලා පවසා සිටින්නේ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!