ඔක්සිජන් නිසා මෙම කාලයේදී මුළු පෘතුවියේම ජීවය විනාශ වුනා!

ඔක්සිජන් යනු ජීවයට අවශ්‍යම සාධකයක් බව ඔබ දන්නවා ඇති. නමුත් ඔක්සිජන් විසින් මුළු පෘතුවියේම ජීවය විනාශකරපු කාලයකුත් තිබුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. අද අපි ඔබව දැනුවත් කරන්නේ හොඳ දෙයක් වුනත් ඕනෑවටත් වඩා ලැබුනොත් සිදුවිය හැකි මහා විනාශයක් පිළිබඳවයි.

මීට වසර බිලියන 3කට පමණ පෙර පැවති Archean Eon යුගයේදී අප පෘතුවිය අඳුරගන්නවත් බැරි තරමට වෙනස්ව පැවතියා. ඒවගේම කිසිම ජීවියෙකුට දිවිරැක ගැනීමට හැකියාවක් තිබුනේ නැහැ. එම කාලයේදී වියලි ගොඩබිම් ප්‍රදේශයන් පැවතියේ පෘතුවියෙන් සියයට 2ක හෝ 3ක කොටසක පමණයි. ඉතුරු සියයට 97ම සාගරයෙන් වැසී පැවතියා. එම සාගරයන් යකඩ අනු වලින් පිරී පැවතීම නිසා එදා එම සාගරයන් දිස්වුනේ නිල් පාටින් නොවෙයි, කොළ පාටින් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

එදා සගාරයන් කොළ පැහැයෙන් දිස්වුනේ මල බැඳීම නිසයි. මල බැඳුනා නම් සාගරයන් දුඹුරු පැහැයකින් දිස්විය යුතු බව ඔබ සිතනවා ඇති. නමුත් කොල පාට මලකඩද තිබෙනවා බත මතක තබාගන්න. එලෙස කොළ පැහැයකින් මලබැඳුනේ එකල ඉතාමත්ම අවම ඔක්සිජන් සැපයුම්ක් පැවති නිසයි. මොකද Archaean Eon යුගයේදී මුළු පෘතුවිය පුරාම පැවතියේ ඉතාමත්ම අවම ඔක්සිජන් මට්ටමක්.

ඉතින් සාගරය තුලවූ යකඩ හයිඩ්රොක්සයිඩ්ස් සහ සල්ෆර්, ක්ලෝරීන් වැනි මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කිරීම නිසා මුළු ලෝකයම කොළපාටින් මලබැඳි තිබුනා.

එම කොලපහැති සාගරයට උඩින් පිහිටි වායුගෝලය වැඩිපුරම සෑදී තිබුනේ නයිට්‍රජන් වලින්. ඔක්සිජන් පැවතියේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකි. ඉතින් වසර බිලියන 3කට පෙර අප පෘතුවිය මත වාසය කරන්නට ඇත්තේ නිර්වායු ක්‍ෂුද්‍රජීවීන්. එසේත් නොමැති නම් වර්ධනය සඳහා ඔක්සිජන් අවශ්‍ය නොවෙන ක්‍ෂුද්‍රජීවීන් විශේෂයන්.

ඉන් වසර බිලියන 2.3කට පමණ පසුව පෘතුවිය මත ප්‍රභාසංශ්ලේෂක ක්ෂුද්‍රජීවීන් බිහිවුණා. එම බැක්ටීරියාවන් අද අප පෘතුවිය මත වෙසෙන cyonobacteria වලට ඉතාමත්ම සමානයි. ඔවුන් සුර්ය බලය උපයෝගී කරගනිමින් කාබන්ඩයොක්සයිඩ් වලින් ජලය සහ ආහාර නිපදවාගනුලැබුවා. එහි අතුරු ප්‍රතිපලයක් වශයෙන් ඔවුන් පෘතුවියේ වායුගෝලයට ඔක්සිජන් නිදහස් කරා.

ඔක්සිජන් පිටකරන එම ජීවීන් නිසා කාලයත් සමග ජෛවගෝලයේ රසායනික සමතුලිතතාවය සහමුලින්ම වෙනස් වුනා. වසර මිලියන 300ක් ගිය පසුව එම බැක්ටීරියාවන්ගෙන් නිදහස් වූ ඔක්සිජන් සාගරයේ වූ යකඩ සමග ප්‍රතික්‍රියා කිරීම ඇරඹුනා. අවසානයේදී කොළ පැහැයකින් දිස්වූ පෘතුවියේ පෙනුම පසුව ලෝහිත රක්ත වර්ණය දක්වා වෙනස්වුනා. අද අපි එය Iron Oxide හෝ මලකඩ යනුවෙන් හඳුන්වනවා.

අප පෘතුවියේ භූමි ස්තරයන් වල අදටත් තද දුඹුරු පැහැයකින් යුත් පාෂාණ ස්තරයන් වල ඒවා දක්නට තිබෙනවා.

වැඩිවෙමින් පැවති ඔක්සිජන් මට්ටම නිසා එකල පෘතුවියේ විසූ ජීවීන්ට මරු පහරක් එල්ල වුනා. ඔක්සිජන් විෂවීම නිසා නිර්වායු ක්ෂුද්‍රජීවී විශේෂ මියයද්දී ප්‍රභාසංස්ලේෂක ජීවීන් පෘතුවිය පුරාම වේගයෙන් පැතිරුනා.

සාගරයේ වූ ඔක්සිජන් සාගර මතුපිටින් වාතයට ඇතුළු වූ නිසා, ඉතිහාසයේ ප්‍රථමවතාවට පෘතුවියේ වායුගෝලය තුල විශාල වශයෙන් ඔක්සිජන් තැන්පත්වුනා. එය පෘතුවි ඉතිහාසයේ වැදගත්ම ඉතාමත්ම වැදගත් අවස්තාවක් සේ සැලකෙනවා.

එවිට කාලගුණයද විශාල වශයෙන් වෙනස් වුනා. ප්‍රභාසංෂ්ලේෂක බැක්ටීරියාවන් පෘතුවිය පුරා පැතිරීමේදී එම බැක්ටීරියාවන් විසින්, පෘතුවි වායුගෝලයේ එක්රැස්වී තිබු කාබන්ඩයොක්සයිඩ් මහා පරිමාණයෙන් පරිභෝජනය කරා. ඔබ දන්නවා ඇති කාබන්ඩයොක්සයිඩ් යනු හරිතාගාර වායුවක්. එම නිසා කාබන්ඩයොක්සයිඩ් මට්ටම පහත බැසීමේදී උෂ්ණත්වයද අඩුවුනා.

ඊට අමතරව ඔක්සිජන් අනු මීතේන් සමග ප්‍රතික්‍රියාකිරීමට පටන්ගත් නිසා වායුගෝලයෙන් මීතේන් ඉවත්වීමක්ද සිදුවුනා.

වායුගෝලයේ වූ කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් වැනි හරිතාගාර වායුන් ඉවත්වී යෑම හේතුවෙන්, ඉතිහාසයේ ප්‍රතමවතාවට පෘතුවියම වසාගත් විශාල අයිස් යුගයක් ඇතිවී තිබෙනවා.

ඉතින් ඉතිහාසය පුරාවට සිදුවූ මෙම රසායනික පෙරලිය නිසා පෘතුවියේ ජීවය සහමුලින්ම වඳවීගියා කිව්වොත් නිවැරදියි. පෘතුවියට ඔක්සිජන් දායාද කරපු ප්‍රභාසංස්ලේෂක බැක්ටීරියාවන්ද ඒ සමගම විනාශයට පත්වුනා. මොකද කාබන් ඩයොක්සයිඩ් නොමැතිව එම ජීවීන්ට දිවිරැක ගැනීමට හැකියාවක් තිබුනේ නැහැ. වෙනත් විදියකට කිව්වොත් ඔවුන්ගේ බහිශ්‍රාවීය අපද්‍රව්‍ය වල ප්‍රතිපලයක් වශයෙන් ඔවුන් විනාශයට පත්වුනා.

මෙතෙක් අපි විස්තර කරපු ඓතිහාසික කතාව Oxygen Catastrophe ලෙස හඳුන්වනවා. එය ඉතිහාසයේ විශාලතම සමූල වඳවීම් අතරින් එකක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ.

ඉහත විස්තරකරපු අයිස් යුගය නිමාවෙනවාත් සමගම පෘතුවි මත නැවත ජීවය ආරම්භ වෙනවා. ඔක්සිජන් වලින් පොහොසත් පෘතුවිය මත ඕසෝන් ස්තරය යනුවෙන් තවත් අලුත් ආරක්‍ෂිත ස්තරයක් නිර්මාණය වීම නිසා, සුර්යාගෙන් පැමිණෙන හානිකර කිරණ පෘතුවිය මත පතිත වුනේ නැහැ. එම නිසා කාලයත් සමග පෘතුවිය මත සංකීර්ණ ජෛව පද්ධතියක් නිර්මාණය වුනා.

කුඩා බැක්ටීරියාවක ක්‍රියාකාරකමක් නිසා මුළු ප්රුතුවියම අයිස් වැස්මකින් වැසීගිය හැටි සහ පෘතුවියේම ජීවය විනාශ වුනු හැටි හරිම පුදුමාකාරයි නේද ?

Source – slate.com

Copyright Protected – Nodutu Lokaya

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!