ලොව භයානකම දේවල් වලට අංක 1 හිමිකරගත් රටවල් 10ක්!

ලෝක කුසලාන 5 කට හිමිකම් කියන රටක් වශයෙන් බ්‍රසීලය ආඩම්බර වෙන අතර, ලොව සතුටින්ම සිටින රට යන ගරු නාමය ඩෙන්මාර්කයට හිමි වී තිඛෙනවා. නමුත් සියලුම වාර්තාවන් ධනාත්මක ඒවා නොවෙයි. අද නොදුටු ලෝකයෙන් ඔබව දැනුවත් කරන්නේ, යම් රටකට දැරිය හැකි නරකම වාර්තාවන් 10ක් පිළිබඳවයි.

1. වැඩිපුරම දුම්පානය කරන රට (ඔස්ට්‍රියාව)

දුම්පානය යනු පිළිකා ලොතරැයියක් බව ඔබ දන්නවා ඇති. නමුත් අවසානවකට ඔස්ට්‍රියාව එම කරුණ තේරුම් අරගෙන තිඛෙන බවක් නම් පෙනෙන්නට නැහැ. මොකද වැඩිම දුම්පානය කරන පිරිසක් සිටින රට බවට පත්වන්නේ ඔස්ට්‍රියාවයි. ඔස්ට්‍රියාවේ ජනගයනයෙන් සියයට 36.3ක පිරිසක් දුම්පානය කරනවා.

2. බහුල ලෙස මත්පැන් පානය කරන රට (බෙලාරස්)

යමෙක් බේබදු කමට ඇබ්බැහිවී සිටිනවානම් එය ඛේදවාචකයකි. නමුත් මුළු රටම බීමත්කමට ඇබ්බැහි වී සිටිනවානම් එය ඊටත් වඩා දරුණු තත්වයක් බවට පත්වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව, ඛෙලරුසියන් වැසියෙක් සෑම අවුරුද්දකටම පිරිසිඳු ඇල්කොහොල් ලීටර් 17.5 ක් පමණ පානය කරනවා. මීලගට පවසන කරුණ ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි. එනම්, ඛෙලරුසියන් පිරිමියෙක් සෑම අවුරුද්දකම ඇල්කොහොල් ලීටර් 27.5 පමණ පානය කිරීමයි.

3. වැඩිපුරම රූපලාවන්‍ය සැත්කම් සිදුවෙන රට (දකුණු කොරියාව)

ශරීරය වඩාත් අලංකාරවත් කරගැනීමේ අරමුණෙන් යුතුව මිලෙන් අධික, වේදනාත්මක සහ අතිශයින් භයානක සැත්කමක් වලට මුහුණ දෙන පුද්ගලයින් වැඩිපිරිසක් සිටින රට බවට පත්වෙන්නේ දකුණු කොරියාවයි . දකුණු කොරියාව තුල ප්ලාස්ටික් සැත්කම් දිනපතාම සිදුවෙනවා. ඒවගේම දකුණු කොරියාවේ සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් කුමන හෝ රූපලාවන්‍ය සැත්කමකට මුහුණදී තිබෙනවා. ඇමෙරිකානු කාන්තාවන් හා සසඳා බලන විට එය 4 ගුණයකටත් වඩා වැඩියි.

4. ඉහල වන විනාශ අගයක් ඇති රට ( හොන්ඩියුරාස්)

වන විනාශය යනු මුළු ලෝකයම මුහුණ දී සිටින ප්‍රධානම ගැටළුවකි. නමුත් ඇතැම් රටවල් ලෝකයේ අනෙක් රටවල් වලට වඩා එය දරුණුවටම සිදු කරනවා. ගෝලීය වනාන්තර සම්පත් තක්සේරු වාර්තාවට අනුව, ලොව වැඩිම වනවිනාශයක් සිදුකරන රට බවට පත්වන්නේ හොන්ඩියුරාස් ජනරජයයි.

5. අඩුම ආයු අපේක්ෂාවක් ඇති රට (චැඩ්)

අඩුම ආයු අපේක්ෂා අගය 49ක් ලෙස පවතින නිසා, ඉපදීමට ඇති නරකම රටක් වශයෙන් චැඩ් ජනරජය හඳුන්වන්න පුළුවන්. මෙම අඩුම ආයු අපේක්ෂා අගය සඳහා වගකිවයුතු ප්‍රධානම සාධකය වන්නේ මන්දපොෂණයයි. තවද නියගයන් වැනි ස්වභාවික ව්‍යසනයන් සඳහාද චැඩ් ජනරජය බහුලවම ගොදුරු වෙනවා. සුඩානය සමග මෑතකදී පැවති ගැටුම හේතුවෙන්ද එම තත්වය වඩාත් නරක අතට හැරුනා.

6. යුරෝපයේ වැඩිපුරම ගණිකාවන් සිටින රට (ජර්මනිය)

ජර්මනියේ සිටින ගණිකාවන් ගණන නිසා යෝරෝපයේ අංක 1 බවට පත්වීමට ජර්මනියට හැකි වී තිඛෙනවා. ලිංගික කම්කරුවන් ලක්ෂ 3ක් පමණ ජර්මනියේ සිටිනවා. ඒ අතරින් හරි අඩක් විදෙස් රටවල් වල උපත ලද අය බවයි වාර්තා වෙන්නේ. 2002 වර්ෂයේ සිට ගණිකා වුර්තිය නීතිගත කිරීමත් සමග ජර්මනිය සුපිරි ගණිකා වෙළඳපොළක් බවට පත්වුනා. බර්ලින් නුවර ගණිකා නිවෙස් 500ක් පමණ තිඛෙනවා. අවුරුද්දකට ඩොලර් බිලියන 20ක් පමණ ඉන් උපයනවා.

7. මිනීමස් කෑම (පැපුවා නිව්ගිනියා)

පැපුවා නිව්ගීනියාව යනු වනාන්තර, හඳුනානොගත් සත්වයින් සහ ගෝත්‍රිකයන්ගෙන් සමන්විත දුපතකි. එහි වෙසෙන ගෝත්‍රිකයින් ලෝකයෙන් වසන්ව අද දක්වාම වාසය කරනවා. සාම්ප්‍රදායික සිරිතක් වශයෙන් ඔවුන් මේවනතුරුත් මිනී මස් අනුභව කරන බව වාර්තා වෙනවා. කවාරි යනු එවැනි ගෝත්‍රික කණ්ඩායමකි.

8. සත්ව හිංසනය (ජපානය)

වැඩිපුරම සත්ව හිංසනය සිදුකරන රට කුමක්ද යන්න සෙවීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. එම නිසා, අන්තර්ජාතික වශයෙන් තහනමට ලක් කොට තිඛෙන තල්මස් සහ ඩොල්ෆින් දඩයම පාදක කොට එය තීරණය කර තිඛෙනවා. ඩොල්ෆින් සහ තල්මස් දඩයම අප්‍රකටව මහා පරිමාණයෙන් සිදුකරගෙන යන රටක් වශයෙන් ජපානය හඳුන්වන්න පුළුවන්. එමගින් අවුරුද්දකට ඩොලර් මිලියන 10ක් පමණ ඔවුන් උපයනවා. ඉතුරුවෙන තල්මස් මත්ස්‍යයින් හොර රහසේ පාසල් සිසුන් සඳහා දහවල් ආහාරය විදියට ලබා දීමටද කටයුතු කර තිඛෙනවා.

9. ළමා සොල්දාදුවන් (සෝමාලියාව)

ළමා සොල්දාදුවන් යොදා ගැනීම නින්දිත දෙයක් ලෙස ලෝකයම පිලිගන්නවා. නමුත් ලොව පුරා සිදුවෙන ඇතැම් යුද්ධයන් සඳහා ළමා සොල්දාදුවන් භාවිතා වෙනවා. නමුත් සෝමාලියාව තුල එය දරුණුවටම සිදුවෙනවා. ඉස්ලාම් කණ්ඩායම් රාජ්‍ය හමුදාවන්ට එරහිව සටන් කිරීම සඳහා අවුරුදු 10ක් වැනි කුඩා දරුවන් පවා සංවිධානය කරනවා.

10. මිනිස් ජාවාරම් බහුවලම සිදුවෙන රට (බංගලාදේශය)

මිනිස් ජාවාරම යනු සත්‍ය වශයෙන්ම දරුණු අපරාධයක්. නමුත් ඔබ සිතනාවට වඩා එය පොදු දෙයක් බවට පත්වී තිඛෙනවා. සෑම අවුරුද්දකම ලක්ෂ 6 ක් හෝ ලක්ෂ 8ක් පමණ වූ පුද්ගලයින් පිරිසක් අන්තර්ජාතික දේශ සීමා හරහා ජාවාරම් වෙනවා. ඊට ගොදුරු වෙන පුද්ගලයින් බලෙන්ම වහල්බාවයේ ගිවිසුමකට යටත් කොට තිඛෙනවා. ඒ අතරින් හරි අඩක් තරම් පිරිසක් යොදාගැනෙන්නේ ලිංගික අපයෝජනය සඳහායි.

මෙම ලිපියෙන් මින් පෙර ඔබ නොදැන සිටි වටිනා කරනු රාශියක්ම දැනගන්නට ඇති කියා අපි සිතනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!