2004 සුනාමිය ඇතිකරේ මෙම සබ්මැරීනයද ?

2004 වර්ෂයේ ඇතිවූ සුනාමියෙන් රටවල් 14කට බරපතල හානිසිදුවුනා. එම සුනාමි තත්වය ඇතිවුනේ රික්ටමාපක 9.1ක් තරම් ප්‍රභල භූකම්පනයකින්. එය ඉතිහාසයේ තෙවෙනියට විශාලතම භූමිකම්පාව ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඉන් 280,000ක් තරම් විශාල ජීවිත හානියක් සිදුවුණු බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මිලියන ගණනකගේ ජනජීවිතය සහමුලින්ම අඩාලවූ අතර ඩොලර් බිලියන ගණනින් පාඩු සිදුවුනා.

එය ස්වභාවික විනාශයක් ලෙස නිලවශයෙන් සැලකුවත්, ඇතැම් මතවාදීන් නම් පවසන්නේ එය මිනිසා විසින් ඇතිකරනු ලැබූ විනාශයක් බවයි. ඇමරිකාවේ දෙවෙනියට විශාලතම සබ්මැරීනය වන USS Jimmy Carter සබ්මැරීනය මගින් එම සුනාමි තත්වය සිතාමතාම ඇතිකළ බව ඔවුන් සැකපළකරනවා.

USS Jimmy Carter යනු ඇමරිකාවේ නාවික හමුදාවේ න්‍යෂ්ටික ප්රාහරක සබ්මරීනයන් තුන අතරින් එකක්. එම සබ්මැරීනයට ගැඹුරු සාගර පතුලේ 75 kph ක් තරම් වේගයකින් ගමන් කරන්නට පුළුවන්. ඒවගේම එය නිහඬම සබ්මැරීනය ලෙසද හඳුන්වනවා. එය විශේෂයෙන්ම නිර්මාණය කර තිබුනේ රහසිගත පරීක්ෂම කටයුතු සඳහායි. ඔත්තු බැලීමට සහ බරපතල ප්‍රාහාරයන් එල්ල කිරීමට එය විශේෂ සමත් කම් දක්වනවා.

න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ එම එම සබ්මැරීනයට පිටස්තර මුහුදු ප්‍රදේශයකදී වුනත් තම ආරක්ෂාව සලසා ගන්නට පුළුවන්. නමුත් ඇමරිකානු නාවික හමුදාවේ අනෙකුත් න්‍යෂ්ටික සම්බැරීන් වලට වඩා, මෙම සම්බරීනයේ බඳ කොටස මීටර් 30කින් දිගු වෙනවා. එම අමතර බඳ කොටස තුල අධි තාක්ෂණික මෙහෙයුම් පාලක මැදිරියක් ඉදිකර තිබෙන බව පැවසෙනවා.

Conspiracy Theorists වරු විශ්වාස කරන්න පරිදි ඒ තුල අතිශය බලසම්පන්න අවි පද්ධතියක් තිබෙනවා. භූමිකම්පාවන් පවා ඇතිකිරීමට සමත් එම අවි පද්ධතිය මගින් විශාල ස්වභාවික විනාශයන් ඇතිකරන්නට පුළුවන් බව පැවසෙනවා.

Trowbridge H Ford සහ Jim W Dean කියන conspiracy theorists වරුන් විශ්වාස කරන්නේ, 2014 දෙසැම්බර් 26 වෙනි දින ඇතිවූ ඉන්දියානු සාගරික සුනාමිය ඉහතකී ඇමරිකානු සබ්මැරීනය විසින් ඇතිකරන ලද්දක් බවයි.

එම සුනාමි තත්වයෙන් වැඩිබලපෑමැක් සිදුවුනේ මුස්ලිම් රටවල් වලට බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ෆෝඩ් සහ ඩීන් විශ්වාස කරන්නේ එය ජෝජ් ඩබ්ලිව් බුෂ් ජනපාධිපතිවරයාගේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ, මුස්ලිම් රටවල් ඉලක්කකර දියත්කරනු ලැබූ ප්‍රාහරයක් බවයි.

එම conspiracy theorists එවකට සිටි ආරක්ෂක ලේකම් සහ නාවික හමුදා මෙහෙයුම් ප්‍රධානීවරයාට ඍජුව චෝදනා කර සිටිනවා.

ඔවුන්ට අනුව ලෝකයම පාලනය කරන එක් රාජ්‍යයක් පිහිටුවීමේ දීර්ඝකාලීන සැලසුමක් ඇමරිකානු රජයට තිබී තිබෙනවා. ඇමරිකාවට විශාල තර්ජනයක් වන මුස්ලිම් රටවල් විනාශක් කිරීම එහි පළමු පියවරයි. දෙවනුව ඇමරිකාවේ අරමුණ වුනේ බටහිර රටවල් වලින් අදාළ රටවල් වලට ඇමරිකානු ඩොලර් බිලියන 14ක ආධාර ලබාදී, ඉන්පසුව එම රටවල් තුල Diego Garcia වල් වගේ ඇමරිකානු කඳවුරු ස්ථාපනය කිරීමයි.

1968 සහ 1973 අතර කාලයේදී බ්‍රිතාන්‍ය රජය විසින් Diego Garcia වල වාසය කරපු දේශීය ජනතාව බලහත්කාරයෙන් පලවාහැර, ඇමරිකානු හමුදා කඳවුරක් ඉදිකඉරීමට ඉඩකඩ සලසා දෙනු ලැබුවා.

ආසියානු පැසිෆික් කලාපයේ පිහිටි ගුවාම් දුපත තුල ඇමරිකානු ගුවන් හමුදා මුලස්තනායක් ඉදිකර තිබෙන බව ඔබ දන්නවාද ? එය ඇමරිකාවේ එක් කූට උපක්‍රමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ෆෝඩ් සහ ඩීන් පවසන විදියට 2004 නොවෙම්බර් මස තටාකගත කර තිබුනේ USS jimmy Carter සබ්මැරීනය නොවෙයි. එය USS Toledo සබ්මැරීනයි. මොකද එහිදී ලබාගත් චායාරූප වල දක්නට තිබූ සබ්මැරීනය jimmy carter සබ්මැරීනයට වඩා කුඩා එකක් .

ඒවගේම ඔවුන් තවත් එක් ප්‍රභල මතයක් ඉදිරිපත් කරනවා. මෙහෙයුමක් සාර්ථකව නිමකොට නැවත පැමිණෙන විට කොස්සක් දර්ශනය වීමට සැලැස්වීම අනිවාර්ය කරුණක්. එය යුධ සමයේදී සබ්මැරීන් විසින් භාවිතා කරපු සංඛේතයක් වන අතර, ඉන් කියා සිටින්නේ සිදුකරනු ලැබූ මෙහෙයුමෙන් සතුරන් සියලු දෙනා අතුගා දමනු ලැබූ බවයි.

ඉතින් jimmy carter සම්බරීනය පිටත්වුනේ අත්හදාබැලීමේ මෙහෙයුම් සඳහා නම්, නැවත පැමිණීමේදී කොස්සක් දර්ශනය වීමට සැලැස්වූයේ ඇයි ?

2004 භූමිකම්පාවට අමතරව ජපාන ඉතිහාසයේ සිදුවූ විනාෂකාරීම භූමිකම්පාව සඳහාද ඉහතකී සබ්මැරීනය වගකිවයුතු බව පැවසෙනවා. ඉන් ජපන් වැසියන් 24,000ක් මියගියා.

ඉහත මතයට ප්‍රතිපක්ෂව ඉදිරිපත් වෙන තොරතුරු මොනවාද කියා දැන් අපි සොයා බලමු.

ඉහතකී භූමිකම්පාවන් දෙකම ස්වභාවික විනාශයන් බව විද්‍යාඥයින් එකහෙලා විශ්වාස කරනවා. ඒවගේම ජිමී කාටර් සබ්මැරීන බඳ කොටසේ අමතර මීටර් 30ක කොටස, මෙහෙයුම් සඳහා භාවිතා කරන කුඩා බෝට්ටු සහ වාහන ගබඩාකිරීමට භාවිතා කරන බව වාර්තා වෙනවා. ඇමරිකානු නාවික හමුදාව නම් පවසන්නේ ජිමී කාටර් සබ්මැරීනය රහසිගත සෝදිසි කටයුතු සඳහා භාවිතා කරන්නක් බවයි. එසේ වුනත් එම සම්බරීනයේ කෙතරම් බලසම්පන්න එකක්ද යන්න මේවනතුරු වාර්තාවී නැහැ.

වසර 13ක කාලයක් එම සබ්මරීනය ඇමරිකානු නාවික හමුදාවට සේවය කරත්, එම සබ්මැරීනය භාවිතා කරමින් සිදුකල එකම මෙහෙයුමක් පිළිබඳවත් වාර්තා වන්නේ නැහැ.

ඉතින් අන්න එම හේතුව නිසා තමයි නොයෙකුත් මතධාරීන් එම සබ්මැරීනය සම්බන්ධයෙන් නොයෙකුත් මත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන්නේ.

මෙය පක්ෂ විපක්ෂ මත සහිතව ඉදිරිපත් කරපු සමබර වීඩියෝවක්. ඉතින් ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!