අප සෞරග්‍රහමණ්ඩලය තුලම පිටසක්වල ජීවීන් සිටිනවා ?

පිටසක්වල ජීවීන් සිටිනවාද යන්න සෙවීමට මිනිසා අවුරුදු ගණනාවකම සිට වෙහෙසෙන බව ඔබ දන්නවා ඇති. අප සෞරග්‍රහ මණ්ඩලයට වඩා ඔවුන්ගේ වැඩි අවදානයක් යොමුවුනේ වෙනත් මන්දාකිනි සහ සෞරග්‍රමණ්ඩලයන් වෙතයි. නමුත් දැන් අප සෞරග්‍රහමණ්ඩලය තුලම පිටසක්වල ජීවීන් සිටිනවා විය හැකි බවට විශාල සැකයක් මතුව තිබෙනවා. එම සැකය මතුවුනේ මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයකින් පසුවයි.

සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන එන්සිලඩස් චන්ද්‍රයාගේ භූගත සාගරයන් තුල ක්‍ෂුද්‍රජීවීන් වාසය කිරීමට ඉඩ තිබෙන බව ඉහත පර්යේෂණයේදී සනාථවී තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

පෘතුවියෙන් හමුවූ මීතේන් නිපදවන ක්ෂුද්‍රජීවීන් විශේෂයකට, එන්සිලඩස් චන්ද්‍රයාගේ කටුක පාරිසරික තත්වයන් තුල වුනත් නොනැසී සිටීමට හැකියාවක් ඇති බව හෙළිවී තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ එන්සිලඩ්ස් චන්ද්‍රයාගේ මතුපිට මත දකින්නට ලැබෙන මීතේන්, එහි පොලව අභ්‍යන්තරයේ වූ ක්‍ෂුද්‍රජීවීන් විසින් නිපදවනු ලැබූ ඒවා විය හැකි බවයි.

ජීවයට අවශ්‍ය වෙන සාධක රැසක් එන්සිලඩ්ස් චන්ද්‍රයා සතුව තිබෙනවා. එම නිසා පිටසක්වල ජීවය සෙවීමේදී වැඩි අවදානයක් එන්සිලඩස් චන්ද්‍රයා වෙත යොමුවිය යුතුයි.

එන්සිලඩස් චන්ද්‍රයාගේ අයිස් පිට වැස්මට යටින් ජලයෙන් පිරුණු සාගරයක් වගේම, දක්ෂිණ ධ්‍රැවයට ආසන්නයේ ජලය මිශ්‍රිත වායු දහරාවන් පිටතට විසුරුවාලන උණුසුම් කඩතොළුද දැකගන්නට පුළුවන්. ඒ තුල ජීවයට අවශ්‍ය වෙන මීතේන්, හයිඩ්රජන් සහ කාබන් ඩයොක්සයිඩ්ද අන්තර්ගත වෙනවා.

අප පෘතුවියේ වෙසෙන ක්‍ෂුද්‍රජීවීන් මීතේන් නිපදවන අතර අනෙක් සංඝටක පරිභෝජනය කරනවා. ඉතින් එන්සිලඩස් චන්ද්‍රයාගේ මතුපිටට යටින් පිහිටි සාගරය තුල , Methonogenic Archaea ලෙස හඳුන්වන මීතේන් නිපදවන ක්‍ෂුද්‍ර ජීවීන් විශේෂයක් ඇති බව සැකකරන්නට පුළුවන්.

එම ක්‍ෂුද්‍රජීවීන් කාබන් ඩයොක්සයිඩ් පරිභෝජනය කරමින් අතුරු ඵලයක් වශයෙන් මීතේන් පිටකරනවා.

ඉහත ක්‍ෂුද්‍රජීවීන් නොයෙකුත්  උෂ්ණත්ව, පීඩන සහ රසායනික පර්යේෂණයන්ට භාජනය කිරීමෙන් පසුව, එම ක්‍ෂුද්‍රජීවී විශේෂයට එන්සිලඩස් චන්ද්‍රයා මත වුනත් වාසය කිරීමට හැකිබව හෙළිවුණා.

ඔස්ට්‍රියාවේ විශ්වවිද්‍යාලයක පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකරනු ලැබූ එම පර්යේෂණයෙන් ලබගාත් දැනුම එන්සිලඩ්ස් චන්ද්‍රයා මත ජීවයක් පවතිනවාද යන්න සෙවීම සඳහා නාසා ආයතනයට බෙහෙවින් වැදගත් වේවි.

ඉතින් ඔබ හිතන විදියට එන්සිලඩස් චන්ද්‍රයාගේ මතුපිටට යටින් පිහිටි සාගරය තුල, ක්‍ෂුද්‍රජීවීන් වෙසෙනවා විය හැකිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

Copyright Protected – Nodutu Lokaya

Source – dailymail.com

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!