යෝධයින් විසූ භූමියෙන් හමුවූ සාක්ෂිය!

ගිනිකොනදිග ආසියාවේ ලාඕසය ලෙස හඳුන්වන රටක් තිබෙනවාද යන්නවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දේශපාලන විශ්ලේෂකයින්ට අනුව ලාඕසය ස්වාදීන බලයක් නොමැති බෙලහීන රටක්.

ඔබ වරක් හෝ ලාඕසයට සංචාරය කලොත් චීන රජය ලාඕසයට කෙතරම් බලපෑම් කරනවාද යන්න ඔබට අවබෝධ වේවි. උදාහරණයක් විදියට ලාඕසයේ ආර්ථිකය තනිකරම රඳා පවතින්නේ චීන ව්‍යාපාර මතයි. චීන හමුදාවන් ලාඕසයේ නගර වල වීදිසරණ එක ඉතාමත්ම සුලභ දසුනක්. දේශපාලන විචාරකයින් පවසන්නේ ලාඕසය චීන කොලනියක් බවට පත්වෙමින් තිබෙන බවයි.

ලෝකයම පුදුමයට පත්කිරීමට සමත් ඉතිහාසයක් ඇති ලාඕසයට මෙවැනි ඉරණමක් අත්වීම නම් අතිශය අවාසනාවන්ත කරුණක්. යෝධයින් මෙලොව විසු බව සනාත කිරීමට සමත් සාක්ෂි සාධක රැසක් ලාඕසයෙන් හමුවෙනවා.

උතුරුදිග ලාඕසයේ කඳුකර ප්‍රදේශයක පාෂාණමය බුදම් දහස් ගණනක් දසත විසිරී තිබෙනවා. ඇතැම් බඳුන් කුඩා ඒවා වෙන අතර ප්‍රමාණයෙන් විශාල යෝධ ඒවාද දැකගන්නට පුළුවන්. බැලූ බැල්මට පෙනෙන්නේ එම බඳුන් අහඹු ලෙස විසුරුවා දමා ඇති බවයි.

එම යෝධ පාෂාණමය බඳුන් නිර්මාණය කරේ කව්ද ? ඒ කුමන අරමුණක් මතද ? එය අදටත් අභිරහසක්ව පවතිනවා. ඇතැම්විට එය සදාකාලයටම පිළිතුරක් නොමැති ප්‍රශ්නයක් වෙන්නටද පුළුවන්.

වියට්නාම් යුධ සමයේ බෝම්බ සහ බිම්බෝම්බ වලින් එම ප්‍රදේශයේ වැඩි කොටසක් විනාශයට පත්ව තිබෙනවා. මොකද එකල ලාඕසය වියට්නාම් වරුන්ගේ කඳවුරු භූමියක්ව පැවතියා. පුපුරන ද්‍රව්‍ය ටොන් මිලියන දෙකක් පමණ ලාඕසය තුල පුප්‍රාගොස් තිබෙනවා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි.

ඉන් යෝධ පාෂාණ බුදම් බොහෝ ප්‍රමාණයක් විනාශවුනත්, අදටත් දහස් ගණනක් ඉතුරුව පවතිනවා. එම යෝධ පාෂාණ බුදම් පළමු වරයට පරික්ෂාවට ලක්කරේ 1930 දශකයේදීයි. එකල ලාඕසය ප්‍රංශ අධිරාජ්‍යයේ යටත් විජිතයක්ව පැවතියා.

ප්‍රංශ ගවේශකයින් පසුව හෙළිකරගෙන තිබුනේ යෝධ බුදම් වලින් සමන්විත එම භූමිය, අසාමාන්‍ය සොහොන් බිමක් බවයි. ඒ අසල වූ ගුහාවල මෘතදේහයන් ආදාහනය කොට, එම අළු පාෂාණ බඳුන් වල තැන්පත්කොට තිබෙන බව හෙළිවුණා.

නමුත් එම යෝධ පාෂාණමය බඳුන් සම්බන්ධයෙන් ලාඕසය තුල ජනප්‍රවාදයන් රැසක්ම තිබෙනවා.

එක් පුරාවුර්තයකින් විස්තර වන්නේ කෘර රජෙකු විසින් එම යෝධ පාෂාණ බුදම් ඉදිකරේ, සිරකුටි ලෙස භාවිතා කිරීමට බවයි. ඔහුට විරුද්ධවෙන සෑම කෙනෙකුම එම පාෂාණ බඳුන් වල සිරකොට, කුසගින්නේ මියයන්නට සලස්වනවා. කුඩා බුදම් භාවිතා කරන්නට ඇත්තේ මරණ දණ්ඩනය නියමවූ කුඩා දරුවන් සඳහායි.

කිසිම වගවිභාගයක් නොමැතිව උන්මන්තකයෙකු සේ හැසිරෙන එම පාලකයාගේ කෘරත්වය ඉවසාගත නොහැකිම තැන, රට වැසියන් ඔහුව යෝධ පාෂාණ බුදමක් තුලට දමා එය මුද්‍රාතබා ඔහු කුසගින්නේ මියයන්නට සැලැස්වූ බව පැවසෙනවා.

එම කෘර පාලකයා පිළිබඳව කිසිම ඉතිහාස පොතක නොමැති අතර, ඔහුගේ කෘරත්වය ප්‍රදර්ශනය කිරීමට ඉතුරුව තිබෙන එකම සාධකය අදාළ පාෂාණ බුදම් පමණයි.

එවැනි පාෂාණ බුදම් වල අභ්‍යන්තරයේ තිබී මිනිස් ශේෂ කොටස්ද හමුවී තිබෙනවා. එම නිසා ඉහත ජනප්‍රවාදය සත්‍යයක් වීමටද ඉඩ තිබෙනවා.

ඊට අමතරව තවත් ජනප්‍රවාදයක් තිබෙනවා, එනම් එකල ජන සමාජය විසින් ශාපලත් මිනිසුන් ලෙස සැලකු පුද්ගලයින්ව පාෂාණ බුදම් වල බහා මුද්‍රා තැබූ බවයි. ඔවුන් බිලීදී තිබුනේ ජන සමාජයේම යහපත සඳහායි.

ඉතාමත්ම සිත්ඇදගන්නා සුළු ජනප්‍රියතම ජනප්‍රවාදය තමයි අවසානයටම ඔබ වෙත ගෙන ඒමට සුදානම් වන්නේ. එම ජනප්‍රවාදයට අනුව එකල ලාඕසය තුල යෝධයින් වාසය කර තිබෙනවා. යෝධයින් සිටි බව සනාත කිරීමට තිබෙන එකම සාධකය යෝධ පාෂාණ බඳුන් පමණයි. මිනිස් දඩයක්කරුවන් විශාල පිරිසක් එක්ව ඔවුන් සමූල වශයෙන් දඩයම් කරපු අවස්තාවේදී, ඔවුන් අත තිබූ යෝධ බඳුන් බිම අත හැරෙන්නට ඇති බව පැවසෙනවා.

පුරාවිද්‍යාඥයින්ට අනුව එම පාෂාණ බුදම් ඉදිකර තිබෙන්නේ Iron Age. ඒවා කවුරුන් විසින් කිනම් අරමුණක් සඳහා ඉදිකරනු ලැබූ ඒවාද යන්න මේවන තුරු නිල වශයෙන් සනාත කර නැහැ.

ඉතින් ඔබට හිතෙන විදියට ඉහත යෝධ පාෂාණ බුදම් යෝධයින්ට අයිති ඒවා විය හැකිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

Copyright Protected – Nodutu Lokaya

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!