පැය 24කට සුර්යා නැතිවුනොත් කුමක් සිදුවේවිද ?

අපි අද කතා කරන්නේ පෘතුවි ජීවීන්ට අත්විය හැකි භයානකම ඉරණම පිළිබඳවයි. සුර්යා හදිසියේම අතුරුදහන් වුනොත් අප පෘතුවියට කුමක් සිදුවේවිද? පැයකින්, සතියකින්, මාසයකින් සහ අවුරුදු ගණනකින් කුමක් සිදුවේවිද ? මිනිස් වර්ගයාගේ ඉරණම කෙසේ විසඳේවිද ? අපි අද ඒ පිළිබඳව කතාකරමු.

සුර්යාගේ මතුපිටින් තව දුරටත් එකම ෆෝටෝනයක්වත් නිදහස් වන්නේ නැහැ. අවසාන ෆෝටෝනයත් පෘතුවිය මත පතිතවී හමාරයි. අප සෞරග්‍රහ මණ්ඩලයේ හදවතේ ක්‍රියාකාරීත්වය නතරවීමට යන බව කිසිවෙකුට අවබෝධයක් නැහැ.

ඉන් මිනිත්තු 8කට හෝ 9කට පසුව මුළු ආකාශයම අඳුරෙන් වැසී යනවා. මේ ඔබ සිටින ස්ථානයට හිරු මුදුන් වෙන වෙලාව උනත්, මධ්‍යහන රාත්‍රිය උනත් කිසිම වෙනසක් නැහැ. දැන් මුළු ප්රුතුවියම ඝන අන්ධකාරයෙන් වැසී පවතිනවා. සුර්යා නොමැති නිසා තාරකාවන් ඉතාමත්ම දීප්තිමත්ව දර්ශනය වෙනවා. පරාවර්තනය කිරීමට සුර්ය ආලෝකයක් නොමැති නිසා අද සිට නැවත කවදාවත් ඉහල අහසේ චන්ද්‍රයා දිස්වන්නේ නැහැ.

ඝන අන්ධකාරයෙන් මුළු ප්රුතුවියම වැසීයාමට මොහොතකට පෙර, චුම්භක ක්ෂේත්‍රයේ සහ අයනගෝලයේ සිදුවෙන විපර්යාසයන් නිසා උත්තරාලෝකය ඉතාමත්ම දීප්තිමත්ව දර්ශනය වීමට ඉඩ තිබෙනවා.

සුර්යාගේ හදිසි අතුරුදහන් වීම නිසා ප්‍රභාසංශේලෂණයට මරු පහරක් එල්ල වෙනවා. එම නිසා Cyonobacteria වලට තවදුරටත් ඔක්සිජන් නිපදවිය නොහැකියි. මුළු පෘතුවි ජීවයටම අතිශය දුෂ්කර අවාසනාවන්ත කාලයක් උදාවෙනවා.

සුර්යා අතුරුදහන් වී පැයක් ගිය පසුව, දහවල් කාලය අත්විඳිමින් සිටින පෘතුවි ජීවීන් මහත්සේ කලබලයට පත්වෙනවා. ක්‍රමයෙන් මුළු පෘතුවියම එකම යුධ පිටියක ස්වරූපයක් ගන්නවා. පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් පහල බසින අතර පෘතුවියේ මතුපිට සෙමින් සිසිල් වීම ඇරඹෙනවා.

පිටතින් සිසිල් වුනත් පෘතුවියේ අභ්‍යන්තරයේ වූ molten core එක නිසා අභ්‍යන්තර උෂ්ණත්ව ආරක්ෂා වී පවතිනවා.

පැය 24කට පසුවත් හිරු පායන බවක් පෙනෙන්නට නැහැ. ලෝකය පුරාම පැතිර තිබෙන කල කෝලහාල තත්වය බලධාරීන්ට පාලනය කිරීමට නොහැකි තත්වයට පත්ව තිබෙනවා.

හිටිහැටියේම මේ සිදුවුනේ කුමක්ද ? මිනිස් වර්ගයා ඊට පළිතුරු සෙවීමට උත්සහ කරනවා. බලය සහ ජල අර්බුධයෙන් මුළු ප්රුතුවියම බැටකද්දී, පෘතුවියේ මතුපිට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 සහ 7 දක්වාම පහත බැස තිබෙනවා. එසේත් නොමැති නම් පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15කින් සහ 20 කින් අඩුවී තිබෙන බව පවසන්නට පුළුවන්.

මේ වන විට ඇතැම් පැලැටි විශේෂ සහ ක්‍ෂුද්‍රජීවීන් මිය යමින් සිටිනවා. නමුත් සාගරික ජීවීන්ට නම් කිසිම වෙනසක් දන්නේ නැහැ.

දින 7කට පසුවත් තවමත් කළුවරයි. දැන් පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 17ක් දක්වා පහත බැස තිබෙනවා.

නමුත් භූ උෂ්ණත්වය බලශක්තියට ස්තූතිවන්ත වෙන්න භූකාරක පලුදු ඇති ස්ථානයන්වල උෂ්ණත්වය තවමත් ආරක්ෂාවී තිබෙනවා.

අවම උෂ්ණත්වය සහ ආලෝකය හිගකම හේතුවෙන් බොහොමයක් වූ ශාක මියගොස් තිබෙන අතර, ශාකභක්ෂක සහ උෂ්ණත්වයට ප්‍රිය කරන සත්වයින් බොහෝ දෙනෙක් මියයාමට පටන්ගෙන තිබෙනවා දැකගන්නට පුළුවන්.

ඒ වන විට සාගරයේ වූ phtoplanktons ද මියයාම ආරම්භවී තිබෙනවා. ගැඹුරු සාගරයේ පතුලේ වෙසෙන ජීවීන් අධික ශීතල හේතුවන් දැඩි සී පීඩාවට පත්වී සිටිනවා. ඒවගේම සාගර පතුල අයිස් බවට පත්වීමට පටන් ගෙන තිබෙනවා.

හදිසියේම සිදුවූ විපර්යාසයට හේතුව කුමක්ද යන්න විද්‍යාඥයින් විසින් අවබෝධ කරගෙන තිබෙන නිසා, ඒ වෙනුවෙන් සන්නද්ධ වීමට සහ ඉතුරුව සිටින මිනිසුන් ආරක්ෂා කරගැනීමට රක්ශාස්තානයන් ඉදිරිකිරීමට වෙහෙසෙමින් සිටිනවා.

The entrance to the international gene bank Svalbard Global Seed Vault (SGSV) is pictured outside Longyearbyen on Spitsbergen, Norway, February 29, 2016. REUTERS/Heiko Junge/NTB Scanpix ATTENTION EDITORS – THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY. THIS PICTURE IS DISTRIBUTED EXACTLY AS RECEIVED BY REUTERS, AS A SERVICE TO CLIENTS. NORWAY OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN NORWAY.

දැන් සුර්යා අතුරුදහන් වී මාසයයි. පෘතුවිය තවදුරටත් සිසිල් වෙමින් පවතිනවා. මේ වන විට පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 30යි. එම නිසා මුළු ප්රුතුවියම වසාගෙන අයිස් ස්තරයක් නිර්මාණය වී තිබෙනවා. ඒවගේම පෘතුවියේ වූ සියලුම පැලැටි සහ cyonobacteria සම්පූර්ණයෙන්ම අතුරුදහන්වී ගොස් තිබෙනවා දැකගන්නට පුළුවන්. කොනිෆර්ස් වැනි ශාකවර්ග පමණක් දිවිරැක ගැනීමට සමත්වී වි සිටිනවා. එපමණක් නොවෙයි, මේ වන විට පෘතුවියේ ජීවීන් අතරින් බහුතරයක් මරණයට පත්වී සිටිය යුතුයි.

නමුත් කටුක පාරිසරික තත්වයන්ට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් නම් වෙනසක් නොමැතිව ජීවත්ව සිටිනවා. ඊට අමතරව වෙනත් ජීවීන් සිටිනවානම් ඔවුන් සිටිනවා විය යුත්තේ භූ උෂ්ණත්ව උල්පත් සහ දිය යට පරිසරයන් තුලයි. ඒවගේම භූකාරක පලුදු ඇති ස්ථානයන් වලද උෂ්ණත්වය ආරක්ෂාවී පවතින නිසා, ඒ ආශ්‍රිතවද ජීවීන් සිටිනවා විය හැකියි. නමුත් මේ වන විට සාගරය තුළද සමූල වන්දවීම ආරම්භ වී තිබෙනවා.

දැන් වසරක් ගතවී තිබෙන අතර පෘතුවි ස්තරය ඝන අයිස් තට්ටුවකින් වැසී පවතිනවා. මහාචාර්ය ඩේවිඩ් ස්ටීවන්සන් පවසන පරිදි පෘතුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 40 දක්වා පහල බැස තිබිය යුතුයි. දැන් පෘතුවියේ ජීවය පවතින්නේ සාගරය අභ්‍යන්තරයේ පමණයි.

ඇතැම් විට පෘතුවියේ භූ උෂ්ණත්ව ක්‍රියාකාරකම් බහුල ස්ථානයන් වල මිනිස් කණ්ඩායම් දිවිරැක ගෙන සිටිනවා වෙන්න පුළුවන්.

මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 160ක් වන තුරු, මේ විදියට පෘතුවිය වසර දහස් ගණනාවක් පුරාවටම සිසිල් වෙනවා. ඒ වන විට නම් පෘතුවියේ ජීවය කියන වචනය තවදුරටත් වලංගු වන්නේ නැහැ.

ඉහතින් අපි විස්තර කරේ සුර්ය රශ්මිය පෘතුවියේ ජීවයට ඇතිකරපු බලපෑම පමණයි. දැන් සුර්යාගේ ගුරුත්වාකර්ෂණ බලපෑම පිළිබඳව කතා කරමු.

සෞරග්‍රහමණ්ඩලයේ වූ සියලු ග්‍රහවස්තූන් රඳවාතබාගෙන සිටින සුර්යා අතුරුදහන් වුනොත්, සුර්ය කක්ෂයේ ගමන් කරපු සියලුම ග්‍රහලෝක සහ ග්‍රාහක පිටත අභ්‍යවකාශය වෙත විසිවී යනවා. ඇතැම් විශ්වීය ස්කන්ධයන් එකිනෙකා හා ගැටෙන්නටත් පුළුවන්. එම නිසා අප ප්රුතුවියත් ගැඹුරු අභ්‍යවකාශ වෙත විසිවී යනවා. එහිදී ග්‍රාහක සහ වෙනත් වස්තූන් සමග ගැටී පෘතුවිය විනාශ වෙන්නටත් පුළුවන්. ඇතැම්විට කළු කුහරයක් වෙත ඇදී ගොස් අවසානය සනිටුහන් විය හැකියි.

වාසනාවකට හෝ පෘතුවිය බේරුනොත්, අප පෘතුවියේ වෙනත් සෞග්‍රහමණ්ඩලයක් සමග සහම්බන්ධ වීමටද යම් ඉඩකඩක් තිබෙනවා.

ඉතින් අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ මෙය අපි විසින් ගොනගපු මනක්කල්පිතයක් පමණයි. එම මනක්කල්පිතය විස්තර කිරීමේදී විශාල දැනුම් සම්භාරයක් ඔබට ලැබෙන්නට ඇති. එසේත් නොමැති නම් එය හුදෙක් මනක්කල්පිත පර්යේෂණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

සුර්යා විනාශ වීමට තවත් වසර බිලියන 4ක් පමණ තිබෙනවා. සුර්යා රතු යෝධයෙක් බවට පත්වී ප්‍රසාරණය වී අවසානයේදී සෞරග්‍රහ මණ්ඩලය විනාශ කරමින් පුපුරා යනවා.

ඇතැම්විට එම කාලය වන විට මිනිස් දියුණු ශිෂ්ටාචාරය විසින් වෙනත් මන්දාකිණියක වාසයට හිතකර ග්‍රහලෝකයක් මත ජනාවාසයන් පිහිටුවාගන්නත් පුළුවන්.

Copyright Protected – Nodutu Lokaya

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!