සෙනසුරුගේ වළලු මත සිටගැනීම මොනවගේ අත්දැකීමක් වේවිද ?

සෙනසුරු යනු අප සෞරග්‍රහමණ්ඩලයේ දෙවෙනියට විශාලම ග්‍රහයායි. එය වායු යෝධයක් ලෙසත් හඳුන්වනවා. ඉන් අදහස් කරන්නේ සෙනසුරු මත සිටගැනීමට තරම් ඝන මතුපිටක් නොමැති බවයි.

සෙනසුරු කෙතරම් විශාලද යත් පෘතුවිය වැනි ග්‍රහලෝක 764ක් එහි බහාලන්නට පුළුවන්. අනෙක් ග්‍රහලෝක අතරින් සෙනසුරු ග්‍රහයා වඩාත් හොඳින් කැපී පැනීමට හේතුව නම්, එහි වූ අලංකාරවත් වළලු සමුහයයි. එතරම් විශාල දීප්තිමත් වළලු සමුහයක් මුළු සෞරග්‍රහ මණ්ඩලයටම නැහැ.

බැලූ බැල්මට එම වළලු පුළුල් ඝන ස්වභාවයකින් දිස්වූනොත්, ලංවී බැලුවොත් එය ඊට හාත්පස වෙනස් බව ඔබට අවබෝධ වේවි. එම වළලු වල ඝනත්වය මීටර් 10 සිට කිලෝමීටරයක් දක්වාවූ පරාසයක පවතිනවා. සෙනසුරු වටකරගෙන පවතින එම වළලු සෑදී තිබෙන්නේ එකිනෙකාට ඉතාමත්ම සමීපව පවතින කැබලි කොටස් වලින්.

ලිපියක් ලෙස කියවීමෙන් මෙය  අවබෝධ කරගැනීමට ඔබට අපහසුයි. එම නිසා පහසුවෙන් අවබෝධ වන ලෙස  නිර්මාණය කරපු අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!