2020දී සිදුවෙන මහා සමූල වඳවීම!

පෘතුවි ඉතිහාසය තුල මහා වඳවීම් 5ක් සිදුවී තිබෙනවා. විශේෂඥයින් පවසන විදියට 6 වෙනි මහා වඳවීම මේ වනවිටත් සිදුවෙමින් තිබෙනවා. මින්පෙර සිදුවූ සමූල වඳවීම් සහ මේවනවිටත් සිදුවෙමින් තිබෙන මහා වඳවීමේ ඇති වෙනස නම්, ඒ සඳහා සම්පූර්ණයෙන්ම වගකිවයුතු වන්නේ මිනිසුන් වන අපි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා මුළු පෘතුවියම මේ වන විට විනාශ මුඛයට පත්ව තිබෙනවා. සෑම දිනකම ශාක, සත්වයින් සහ කුරුළු විශේෂ සිය ගණනක් වඳවීයනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

ජාතික විද්‍යා ඇකඩමියට අනුව 1970 සිට 2012 අතරවූ කාලය ඇතුලත, ගෝලීය සත්ව ප්‍රජාව සියයට 58කින් අවමවී තිබෙනවා. එය පෘතුවියේ ජීවීන් අතරින් හරි අඩක් තරම් ප්‍රමාණයක් සමුල වශයෙන් වඳවීගිය වකවානුවක් ලෙසද හඳුන්වන්නට පුළුවන්. මේ වන විටත් එම මහා වඳවීම සිදුවෙමින් පවතිනවා.

විශේෂඥයින් පවසන පරිදි පසුගිය වසර මිලියන 66ක කාලය ඇතුලත, පෘතුවිය මෙවැනි ආකාරයේ වඳවීමකට මුහුණදී නැහැ.

අවසනයටම සිදුවූ මහා වඳවීම හඳුන්වන්නේ “Cretaceous Tertiary Mass Extinction” යනුවෙනි. ඊට පෙර Triassic Jurassic, Great Dying, Late Devonian, Ordovicion-Silurian යනුවෙන් මහා වඳවීම් රැසක්ම සිදුවුනා.

එම මහා වඳවීම් සහ අපි මේ වන විට අත්දකිමින් සිටින වඳවීම අතර ඇති වෙනස නම්, අනෙක් සියලුම වඳවීම් ස්වභාවික හේතූන් නිසා ඇතිවූ ඒවායි. නමුත් මේ සිදුවෙමින් තිබෙන මහා වඳවීම සඳහා වගකිවයුතු වන්නේ මිනිසා ලෙස හඳුන්වන එක් ජීවී කොටසකි.

සෑම වසරකම අප පෘතුවියේ සත්ව විශේෂයන් අතරින් සියයට 3ක් තරම් ප්‍රතිශතයක් වඳවී යනවා. 2026 වන විට එය සියයට 100ක් දක්වා වැඩිවීමට නියමිතයි.

මිනිසා හැරුණු කොට අනෙකුත් සියලුම සත්වයින් වඳවීගියොත්, අපි සියලු දෙනාට නිර්මාන්ෂී වීමට සිදුවෙනවා.

මේ සිදුවෙමින් තිබෙන සමුල වඳවීම සඳහා වගකිවයුතු ප්‍රධානම සාධකයක් ලෙස සත්ව ගොවිතැන හඳුන්වන්නට පුළුවන්. එම සත්ව ගොවිපොළවල් ඉදිකිරීමට වනාන්තර හෙළිපෙහෙළි කිරීමට සිදුවෙනවා. ඒවගේම එම සත්වයින් නිසා අති විශාල හරිතාගාර වායු විමෝචනයක් සිදුවෙනවා. හරිතාගාර වායු විමෝචනය නිසා ගෝලීය උෂ්ණත්වය ඉහලයන බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ. එහි ප්‍රතිපලයක් වශයෙන් සාගරික උෂ්ණත්වයද ඉහල යනවා.

මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා සෑම වසරකම සාගරික ජීවීන් ට්‍රිලියන 2.7ක් පමණ මරාදමනු ලබනවා. අද අපේ මත්ස්‍ය පරිභෝජන අගය සහ සාගරික උෂ්ණත්වය ඉහලයාම වැනි හේතූන් නිසා, 2048 පමණ වන විට සාගරයේ වූ මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස පහල බැසීමට නියමිතයි. අපේ ජීවිත කාලය ඇතුලතම එම දේවල් අපිට දැකබලාගන්නට පුළුවන්.

Living Planet දර්ශකයන්ට අනුව 2020දී පෘතුවියේ ජීවීන් අතරින් 2/3 තරම් ප්‍රමාණයක් වඳවීගොස් තිබෙනවා දැකගන්නට පුළුවන් වේවි.

අපි විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම සියලුම තොරතුරු 100%ක් නිවැරදියි. ඊට අදාළ මුලාශ්‍රයන් අපි ඔබට පහතින් ලබාදෙන්නම්.

මුලාශ්‍රය – panda.org

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!