ගගනගාමීන් වමනය නොදා ඉන්නේ මෙම ගැහැණිය නිසා!

හැමෝටම ගගනගාමියෙකු වෙන්නට බැහැ. එම තත්වයට පත්වෙන්නට පුළුවන් කායික සහ මානසික අතින් සුවිශේෂී පුද්ගලයින්ට පමණයි.

ඒවගේම එක්තරා කාන්තාවක් නොසිටින්නට ඔවුන් කෙතරම් දකෂයින් වුනත්, ගගනගාමියෙකු වෙන එක අතිශය දුෂ්කර කාර්යයක් වෙනවා. මොකද අභ්‍යවකාශය තුලදී ආමාශයික යුෂ මුවෙන් පිටවෙන එක වලක්වාගත නොහැකියි.

ඇය වෛද්‍ය පැක්ට්‍රීෂියා කොවින්ග්ස්. ඇය තමයි Autogenic Feedback Training ක්‍රමවේදය නිර්මාණය කරේ. එය කෙටියෙන් AFT යනුවෙන් හඳුන්වනවා.

ඔබේ ශරීරයේ වූ ස්වායත්ත ස්නායු පද්ධතිය විසින් තමයි අනිච්චානුග ක්‍රියාවන් පාලනය වන්නේ. අනිච්චානුග ක්‍රියාවන් යනු සිතීමකින් තොරව ස්වයන්ක්රීයවම සිදුවෙන ශාරීරික ක්‍රියාවන් ලෙස හඳුන්වන්නට පුළුවන්. හර්දස්පන්දනය, හුස්මගැනීම, දහදිය දැමීම සහ ජීරණය වැනි ක්‍රියාවන් හොඳම උදාහරණයන්.

ඔබ කෙදිනක හෝ මෝෂන් සික්නස් තත්වයකින් පීඩාවිඳ තිබෙනවානම්, ඉහත සියලුම ක්‍රියාවන් පාලනයකින් තොරව හිතුමතේ සිදුවෙන බව ඔබට අවබෝධ වෙන්නට ඇති.

ඉතින් පැක්ට්‍රීෂියා කොවින්ග්ස් වෛද්‍යවරිය ගගනගාමීන්ට උගන්වන්නේ සාමාන්‍යයෙන් මිනිසකුට පාලනය කිරීමට නොහැකි එම දේවල් පාලනය කරන විදියයි.

ගගනගාමීන් අතරින් සියයට 50ක් තරම් ප්‍රතිශයතයක් අභ්‍යවකාශය තුලදී, මෝෂන් සික්නස් තත්වයට මුහුණදෙනවා. අභ්‍යවකාශය තුලදී ගගනගාමීන් පාවෙන අතර අවට වූ සියලුම වස්තූන් චලනය වෙමින් කක්ෂගත වෙනවා. ඉතින් මෝෂන් සික්නස් තත්වය ඇතිනොවී තිබුනොත් තමයි පුදුමයට පත්විය යුත්තේ.

වෛද්‍යාචාරිනී පැක්ට්‍රීෂියා මහත්මියගේ ක්‍රමයට අනුව පළමුව පුහුණුව ලබන්නාගේ resting levels ස්ථානයන් හඳුනාගනු ලබනවා. ඉන්පසුව පුහුණුව ලබන්නා කැරකෙන පුටුවකට තබා බැඳ එය භ්‍රමණයවීමට සලස්වනවා.

ඉන්පසුව අදාළ පුද්ගලයාට ආතතිය බලපවත්වන ආකාරය දැනගත් පසුව, ඇය ඔහුට ස්වජනක චිත්කිත්සක තාක්ෂණික ක්‍රමෝපායන් උගන්වනු ලබනවා. එහිදී කියාදෙන ප්‍රථම දෙය නම් තමා වටේ කැරකෙන කිසිවකට අවදානය යොමුනොකර, ඇගිලි තුඩු අග සන්වේදානයන්ට පමණක් අවදානය යොමුකරන ලෙසයි.

ආතතියට ඔවුන් විසින් වෙනස්ම ප්‍රතිචාරයක් දැක්වීම නිසා ස්වායත්ත ස්නායු පද්ධතියේ ශාරීරික කෘත්‍යයන් 12කට වඩා වැඩි ප්‍රමාණයක් අවුල් වියවුල් තත්වයට පත්නොවී තිබෙනවා. එම නිසා වමනය දැමීම වැනි අතුරු ප්‍රතිපලයන් ඇතිවන්නේ නැහැ.

එම පුහුණුවේදී ගගනගාමීන්ට උගන්වන්නේ ආතතිය සඳහා ඔවුන් ප්‍රතිචාර දක්වන විදිය අවබෝධ කරගැනීම සහ, එය පාලනය කරගන්නා ආකාරයයි.

ඉතින් එම ක්‍රමවේදයන් වල උපකාරය ඇතුව ආතතිකර අවස්ථාවන්ට ගගනගාමීන්ට සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්. ඒවගේම ක්‍ෂුද්‍ර ගුරුත්වයක් යටතේ නිදාගැනීමද පහසු කාර්යයක් වෙනවා.

සෑම ගගනගාමියෙකුම සති තුනක් පුරා පවත්වන මෙම පුහුණුවීමට අනිවාරයෙන්ම සහභාගී විය යුතුයි.

පැක්ට්‍රීෂියා කොවින්ග්ස් මහත්මිය වසර ගණනාවක් තිස්සේ නාසා ආයතනයට තම සයෝගය ලබාදෙනවා. ඒවගේම සෑම ගගනගාමියෙකුම ඇයට විශාල ගෞරවයක් දක්වනවා.

ඉතින් ඔබටත් අවශ්‍ය නම් මෙම ක්‍රමවේදයන් පුරුදු පුහුණු වෙන්නට පුළුවන්. ඊට අදාළ වීඩියෝව අපි ඔබට පහතින් ලබාදෙන්නම්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!