වායුගෝලය අපෙන් ඈත්වෙමින් සිටියි!

අප පෘතුවිය වටකරගෙන වායු ස්තරයක් පවතිනවා. එම වායු ස්තරය තමයි වායුගෝලය ලෙස හඳුන්වන්නේ. එය නොතිබෙන්නට පෘතුවියේ ජීවයක් පැවතීමට ඉඩක් නැහැ.

එම වටිනා වායුගෝලය සෑම තත්පරයක් පාසාම පිටත අභ්‍යවකාශය වෙත කාන්දුවෙන බව ඔබ දන්නවාද ? වාසනාවකට එම කාන්දුවීම සිදුවන්නේ ඉතාමත්ම සෙමින්.

ඕනෑම වස්තුවකට පෘතුවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී පිටත අභ්‍යවකාශය වෙත පලායාමට නම්, ශබ්දයේ වේගයට වඩා 20 ගුණයකටත් වඩා වැඩි වේගයක් තිබිය යුතුයි.

මිනිසෙකු එතරම් වේගයකින් විසිකර හැරීමට නම්, TNT පුපරණ ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් එකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. බළලෙකු වැනි කුඩා වස්තුවක් එතරම් වේගයකින් විසිකර හැරීමට අවශ්‍ය වන්නේ ඉන් 1/10 ක් තරම් ප්‍රමාණයකි.

එම නිසා විශාල ග්‍රාහක ගැටුමකින් වායුගෝලයෙන් සැලකිය යුතු කොටසක් අභ්‍යවකාශය වෙත පිටවීමද ඉඩ තිබෙනවා. ඒවගේම රොකට් එකක් පිටත අභ්‍යවකාශය වෙත ගමන් කිරීමෙදීද සුළු වායු කාන්දුවීමක් සිදුවෙනවා.

සාමාන්‍යයෙන් අප වායුගෝලයෙන් පිටත අභ්‍යවකාශය වෙත පිටවන්නේ, විශ්වයේ වූ සැහැල්ලුම මුලද්‍රව්‍ය දෙකක් වක හයිඩ්‍රජන් සහ හීලියම් පමණයි.

හයිඩ්‍රජන් සහ හීලියම් අනු වායුගෝලයෙන් මිදී අභ්‍යවකාශය වෙත පිටවීමට බලපාන සාධක ගණනාවක් තිබෙනවා.

උදාහරණයක් විදියට වායුගෝලයේ ඉහලම කොටසේ පවතින වායු අනු වලට ප්‍රමානවත් තරම් සුර්ය බලයක් ලැබුණු විට ඒවා පිටත අභ්‍යවකාශය වෙත පලායනවා.

අනෙක් ඒවා නම් චුම්භක ක්ෂේත්‍රය විසින් තදින් බැඳතබාගෙන සිටින අධිවේගී ආරෝපිත අනු සමුහයයි. ඇතැම් අවස්තාවන් වලදී එම වේගවත් අනු උදාසීන අනුහා ගැටී ඒවාහී ඇති ඉලෙක්ට්‍රෝන උදුරාගනු ලබනවා. අවසානයේදී එම උදාසීන අනු චුම්භක ක්ෂේත්‍රයෙන් මිදී පිටත අභ්‍යවකාශය වෙත විසිවෙනවා. එලෙස අධි වේගයෙන් විසිවෙන ඇතැම් ඇතැම් අනු තාරකාවන් හා ගැටෙන අවස්ථාවන්ද තිබෙනවා.

ඇතැම් අවස්තාවන් වලදී සුර්ය සුළං වල බලපෑම නිසා පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය දුර්වලවී, ආරෝපිත අනු ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී අභ්‍යවකාශය වෙත පිහඹා යනවා.

අප පෘතුවිය සතුව ගුරුත්වාකර්ෂණ බලයක් නොතිබුනා නම් සිදුවෙන දෙය ඔබට හිතාගන්න පුළුවන් නේද ?

උදාහරණයක් විදියට අගහරු ග්‍රහයා සතුව ආරක්‍ෂක චුම්භක ක්ෂේත්‍රයක් නැහැ. එම නිසා අගහරු සතු තුනී වායු ගෝලය සුර්ය සුළං වල බලපෑමෙන් නිරන්තරයෙන්ම ඛාදනයට ලක්වෙනවා.

අප පෘතුවිය සතුව චුම්භක ක්ෂේත්‍රයක් තිබුනත්, සෑම තත්පරයකම මීටරයක් පළල බැලුන් බෝලයක් පිරවීමට ප්‍රමාණවත් තරමේ හයිඩ්‍රජන් ප්‍රමාණයක් පිටත අභ්‍යවකාශය වෙත කාන්දු වෙනවා.

ඒ සම්බන්ධයෙන් අපි අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. මොකද මේ විදියට පෘතුවියේ වායුගෝලයේ වූ සියලුම හයිඩ්‍රජන් කාන්දුවී නිමවීමට වසර බිලියන ගණනක් ගතවෙනවා.

ඉතින් ඈත අනාගතයේ දවසක අප පෘතුවිය අද අගහරු ග්‍රහයා මෙන් එකම මුඩු බිමක් බවට පත්වේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!