පෘතුවියේ ඉදිකළ ප්‍රථම පිටසක්වල සාගරය!

සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට ජලයෙන් පිරුණු සාගරයන් තිබෙනවා. පර්යේෂකයින් එම සාගරයන් වල අනුරුවක් ඉදිකර තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ ? ඒ ඉදිරි මෙහෙයුම් වලදී එම සාගරය තුලට සබ්මැරීනයක් යැවීමට හැකියාව තිබෙනවාද යන්න සොයාබැලීමටයි.

Washington State විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් තමයි එම පර්යේෂණය සිදුකර තිබුනේ.

මීතේන් සහ එතේන් මිශ්‍රිත දියරයන් රඳවාතබාගත හැකි පයේෂණ කුටියක් ඔවුන් ඉදිකරා. මොකද සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාගේ සාගරයන් තුල ඇත්තේ මීතේන් සහ එතේන් මිශ්‍රිත දියරයන්. ඒවගේම ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට වූ සෙල්සියස් අංශක රින 180ක උෂ්ණත්වය සහ වර්ග අගලකට රාත්තල් 60ක් ලෙස පවතින පීඩන තත්වයද ප්‍රතිනිර්මාණය කර තිබුනා.

එම පර්යේෂණයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ රිචර්ඩ්සන් මහතා පවසා සිටියේ, එය කිසිසේත්ම හිතකර තත්වයක් නොවෙන බවයි.

පෘතුවිය හැරුණු කොට මතුපිට ජලය ඇති අප සෞරග්‍රමණ්ඩලයේ වූ එකම උපග්‍රහයා ටයිටන් චන්ද්‍රයායි පමණයි. ජලය ලෙස හැඳින්වුයේ සැබෑම ජලය නොව, මීතේන් සහ ඊතෙන් මිශ්‍රිත දියරයන් මතක තබාගන්න. එම නිසා නාසා ආයතනය ටයිටන් චන්ද්‍රයා වෙත මිනිසුන් රහිත රොබෝ සබ්මැරීන් එකක් යැවීමට අදිටන් කරගෙන සිටියා. එය අනාගතයේදී නාසා ආයතනය අනිවාරයෙන්ම සිදුකිරීමට නියමිත මෙහෙයුම් අතරින් එකක්.

ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට මතවූ එම සාගරයන් ඉතාමත්ම උකු ඝන ස්වභාවයකින් යුක්තයි. එම නිසා සාගරික ජලස්කන්ධය පහසුවෙන් නොසෙල්වෙන අතර, මුහුදු රළ සෙන්ටිමීටරයකට වඩා විශාල වන්නේ නැහැ. නමුත් සාගරය අභ්‍යන්තරයේ ජල ඝනත්වය විශාල වශයෙන් වෙනස් වෙනවා. ඉතින් එම ඝනත්ව වෙනස්කම් පිළිබඳව දැනගෙන සිටියොත්, ටයිටන් චන්ද්‍රයාගේ සාගරයන් තුල කිමිදෙන එක එතරම් දුෂ්කර දෙයක් නොවෙයි.

රිචඩ්සන් සහ ඔහුගේ කණ්ඩායම ටයිටන් සාගරයේ අනුරුව තුලට සෙන්ටිමීටර් 5ක විශාලත්වයකින් යුත් සිලින්ඩරාකාර හැඩයක් ඇති කාට්‍රිජ් හීටර් එකක් ඇතුල් කරා. එය භාවිතා කරේ ටයිටන් චන්ද්‍රයාගේ සාගරය තුලට යැවීමට බලාපොරොත්තු වෙන සබ්මැරීන් එක ලෙසයි.

එම සබ්මැරීන් එකේ උෂ්ණත්වය නිසා නයිට්‍රජන් බුබුළු නිර්මාණය වුනු අතර, එම නිසා ගමන් කිරීමට සහ අවට දැකබලාගැනීමටද අපහසු වෙනවා.

එහිදී වැඩිදුරටත් හෙළිවී තිබුනේ ගැඹුරට යනවාත් සමගම ඝනත්වයද ඉහලයන බවයි.

මෙම පර්යේෂණය සිදුකර තිබුනේ නාසා ආයතනයට ටයිටන් සබ්මැරීන් එකක් නිපදවීමට සහය වීමටයි. ඉතින් නාසා ආයතනයේ සිටින මහා මොළකරුවන් විසින් මෙම පර්යේෂණයේද උපකාරය ඇතුව ලගදීම දවසක ටයිටන් චන්ද්‍රයාගේ සාගරයන් මත කිමිදිය හැකි සබ්මැරීනයක් නිර්මාණය කරාවි.

එවිට ටයිටන් චන්ද්‍රයා වාසයට හිතකර තත්වයක පවතිනවාද සහ තවත් බොහෝ දේ දැනගන්නට පුළුවන් වේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!