අහසෙන් පොලවට වෛරස වරුසාවක්!

පොලවේ සහ වතුරෙත් වයිරසයන් පවතිනවානම්, අහසේත් වයිරසයන් පවතිනවා වෙන්න බැරිද ?

දිනපතා වෛරසයන් මිලියන ගණනක් පහල වායුගෝලයේ තැන්පත් වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.

පෘතුවියේවූ සියලුම ක්‍ෂුද්‍රජීවීන් අතරින්, වැඩියෙන්ම ඇත්තේ වෛරසයන් බව ඔබ දන්නවාද ? සාගරයේ පමණක් නොගැනිය හැකි තරම් වෛරස සංඛ්‍යාවක් වෙසෙනවා.

ඇමරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකට අනුව, සෑම වසරකම වර්ග මීටරයකට වයිරසයන් ට්‍රිලියනයක් පමණ පොලවට පතිත වෙනවා.

ඉන් අදහස් කරන්නේ සෑම දිනකම පහල වායුගෝලය තුල වෛරසයන් මිලියන 800ක් පමණ තැන්පත් වෙන බවයි. එසේත් නොමැති කැනඩාවේ වෙසෙන පුද්ගලයෙකුට වෛරසයන් 20ක් වෙන්න පහල වායුගෝලය තුල තැන්පත් වෙන බවයි. එම අදහස් ප්‍රකාශ සිටියේ බ්‍රිතිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාඥයෙකු වන කර්ටිස් සට්ල් මහතායි.

ඉතින් ඔබ කවදාවත් හිතුවාද වෛරසයන් පොළවෙන් අහසට ගොස් අපරවර්තී ගෝලය තුල තැන්පත්වී, නැවතත් පොළවටම පතිතවෙන බව?

මීට වසර 20කට පමණ පෙර සිටම පෘතුවියේ නොයෙකුත් ස්ථාන වලින්, ජානමය වශයෙන් එකිනෙකට සමාන වෛරසයන් හමුව තිබුනා. එවැන්නක් සිදුවුනේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාඥයින්ට කිසිම අදහසක් තිබුනේ නැහැ. නමුත් ඉහත සොයාගැනීමත් සමග එම අභිරහසද විසඳී තිබෙනවා.

වෛරසයන් වාතය හරහා පැතිරෙන බව ඔබ දන්නවා ඇති, ඉතින් අන්න එම ගුණාංගයේ උපකාරයෙන් ඒවා දුහුවිලි සහ සාගරික ජල වාෂ්ප සමග මුසුවී, වායුගෝලය වෙත ගමන් කරන්නට ඇති බව නිගමනය කරන්නට පුළුවන්.

කිලෝමීටර් 2,500 සිට 3,000 දක්වාවූ උන්නතාංශයකට කොපමණ වයිරස සංඛ්‍යාවක් ගමන කරනවාද යන්න පුළුවන් සොයාබැලීමට විද්‍යාඥයින්ට අවශ්‍ය වුනා. ඒ සඳහා ඔවුන් එම උන්නතාංශය තුල වෛරසයන් එකතුකරගත හැකි උපකරණයන් සවිකර තිබුනා.

එම පරීක්ෂනයෙදී හෙළිවුණේ දිනකට පහල වායුගෝලය තුල වර්ග මීටරයකට වෛරසයන් මිලියන ගණනක් තැන්පත් වෙන බවයි.

බැක්ටීරියාවන් හා සසඳා බැලීමේදී වෛරසයන් තැන්පත්වීමේ ප්‍රවනතාවය 461 වාරයකින් වැඩිබව හෙළිවී තිබෙනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් ඔබ අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. මොකද අපි බොහෝ කාලයක් මෙම තත්වය යටතේ ජීවාත්වී තිබෙනවා.

නමුත් මේ විදියට වෛරසයන් අහසෙන් පොලවට විශාල වශයෙන් පතිත වීම නිසා, ඇතැම් පාරිසරික පද්ධති වලට සුළු බලපෑමක් ඇතිවීමට ඉඩ තිබෙනවා.

මෙම අධ්‍යයනයේ තොරතුරු International Society for Microbial Ecology ජර්නලයේ ප්‍රකාශයට පත්වුනා. එහි මුලාශ්‍රය අපි ඔබට පහතින් ලබාදෙන්නම්.

මුලාශ්‍රය – iflscience.com

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!