ඔබේ අසභ්‍ය වීඩියෝවක් පිටවුනත් පුදුමයට පත්වෙන්නට එපා!

ප්‍රසිද්ධ පුදගලයින් බිය විය යුතු තවත් කරුණක් මෙන්න. ප්‍රසිද්ධ පුද්ගලයින් පමණක් නොවෙයි, මෙමගින් සියලු දෙනාගේම පෞද්ගලිකත්වයට මරු පහරක් එල්ල වෙනවා. එම තත්වය හඳුන්වන්නේ “Deep Fakes” ලෙසයි.

විශ්වාස කරන්න, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ මුහුණු යොදා ව්‍යාජ අසභ්‍ය දර්ශනය නිර්මාණය කිරීමට තරමට අද කෘතීම බුද්ධි තාක්ෂනය වැඩිදියුණු වී තිබෙනවා. එම අවදානම පිළිබඳව ලෝකයේම ඇස් යොමු වුනේ රෙඩිට් පරිශීලකයෙකු Taylor Swift, Maisie Williams සහ Gal Gadot වැනි ලොව ප්‍රසිද්ධ කාන්තාවන්ගේ මුහුණු යොදා ව්‍යාජ අසභ්‍ය දර්ශන පෙළක් අන්තර්ජාලය වෙත මුදාහැරීමත් සමගයි.

ඔහු ඒ සඳහා භාවිතා කර තිබුනේ machine-learning algorithm එකක්. එම තාක්ෂණයේ උපකාරයෙන් අසභ්‍ය දර්ශන වල සිටින චරිත වලට ඕනෑම කෙනෙකුගේ මුහුණක් ඉතාමත්ම තාත්විකව බද්ධ කරන්නට පුළුවන්. අවසාන ප්‍රතිපලය විදියට ලැබෙන්නේ කිසිලෙසකින්වත් ව්‍යාජ අසභ්‍ය දර්ශනයක් බවට සැක කල නොහැකි තරම් තාත්වික වීඩියෝවක්. එම මෘදුකාංගය භාවිතා කිරීමට විශේෂිත දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ.

එම මෘදුකාංගය භාවිතා කරමින් මිතුරු මිතුරියන්ගේ මුහුණු යොදා ව්‍යාජ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ රැල්ලක් මේ වන විට ලොවපුරා පැතිර යමින් තිබෙනවා. (සදාචාරාත්මක හේතූන් මත එහි නම ලබාදීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න)

වාර්තා වෙන විදියට පරිශීලකයින් තමන්ගේ රුව යොදා ව්‍යාජ අසභ්‍ය දර්ශන නිර්මාණය කර බලා රසවිඳිමේ ප්‍රවණතාවයක්ද නිර්මාණය වී තිබෙනවා.

එපමණක් නොවෙයි ලොව ප්‍රසිද්ධ දේශපාලඥන්ගේ රුව සහිත ව්‍යාජ අසභ්‍ය දර්ශනද අන්තර්ජාලය තුල හුවමාරු වෙමින් තිබෙනවා කිව්වොත් ඔබ පුදුමට පත්වේවි.

මේ යන විදියට නම්, ඔබේ රුව සහිත අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට පිටවුනත් පුදුමයට පත්වෙන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!