මේවන විටත් අගහරු බලා ගමින් කරමින් සිටින තෙස්ලා මෝටර් රථය!

එලෝන් මස්ක් දකුණු අප්‍රිකාවේ උපත ලද ඇමරිකානු ව්‍යාපාරිකයෙක්. ඒවගේම ඔහු පේපැල් සමාගමේ සම නිර්මාතෘ වරයෙක්ද වෙනවා. එපමණක් නොවෙයි, අභ්‍යවකාශ යානාවන් නිපදවන SpaceX ආයතනයේ නිර්මාතෘවරයා වන්නේද ඔහුයි.

එලෝන් මස්ක් ගැන පැවසීමට තවත් බොහෝදේ තිබෙනවා. ඔහු විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කරන තෙස්ලා මෝටර්ස් ආයතනයේ වැදගත්ම ආයෝජකයෙක් වගේම ප්‍රධාන විධායක නිලධාරීවරයා විදියටද කටයුතු කරනවා.

කුඩාකල සිටම ඔහු පරිගණක ක්ෂේස්ත්‍රයෙන් ඉහල දස්කම් පෙන්වූ අයෙක්. 12 හැවිරිදි වියේදීම ඔහු වීඩියෝ ක්‍රීඩා වැඩසටහනක් නිර්මාණය කොට , එය පරිගණක සගරාවකට විකිනීමටද කටයුතු කර තිබුනා.

1988 වර්ෂයේදී එලෝන් මස්ක් දකුණු අප්‍රිකාව අතහැර ඇමරිකාව වෙත පිටත් වුනා. මොකද ඇමරිකාව යනු ව්‍යාපාරික අවස්තාවන් අතින් බහුල රටක්.

1995 වර්ෂයේදී ඔහු පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන්, භෞතික විද්‍යා සහ ආර්ථික උපාදියක් ලබාගන්නවා. නමුත් භෞතිකවිද්‍යාවට වඩා අන්තර්ජාලය හරහා විශාල සමාජීය පෙරලියක් කළහැකි බව ඔහු විශ්වාස කරා. එහි ප්‍රතිපලයක් වශයෙන් තමයි ඔහු අතින් zip2 ව්‍යාපාරික ආයතනය සහ පේපැල් ආයතනය නිර්මාණය වුනේ.

මේ විදියට කාලයක් ගතවෙන විට ඔහුගේ දර්ශනය සහමුලින්ම වෙනස් වෙනවා. ඔහු විශ්වාස කරන විදියට නොනැසී සිටීමට නම් මිනිසා, බහු ග්‍රහලෝක ජීවීන් කොටසක් බවට පත්විය යුතුයි. ඉන් අදහස් කරන්නේ වෙනත් ග්‍රහලෝක වල ජනාවාස පිහිටුවීම අනිවාර්ය කරුණක් බවයි.

ඉතින් 2002 වර්ෂයේදී ඔහු SpaceX නමින් රොකට් නිෂ්පාදනය සමාගමක් ආරම්භ කරා. එම සමාගමේ ප්‍රධානම අරමුණ වුනේ අභ්‍යවකාශ ප්‍රවාහන වියදම් පිරිවැය අවම කිරීම සහ, අගහරු මත ජනාවාසයක් පිහිටුවීමයි.

එම සමාගමේ ප්‍රථම රොකට් දෙක වුනේ Falcon 1 සහ Falcon 9 රොකට් දෙකයි. තුන්වන රොකට් එක Falcon Heavy ලෙස නම්කර තිබුනා.එය නිර්මාණය කර තිබුනේ කිලෝග්‍රෑම් 53,000ක බරක් පෘතුවි කක්ෂය වෙත රැගෙන යාමටයි.

ඉන් අනතුරුව Space X ආයතනය විසින්, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් කළහැකි, Dragon අභ්‍යවකාශ යානාවන් නිර්මාණය කරා. ඉන් ගගනගාමීන් 7 දෙනෙක් රැගෙන යාමට හැකියාව තිබෙනවා.

2018 පෙබරවාරි 6 වෙනි දින Falcon Heavy රොකට් එක දියත් කරා. එම රොකට් එක විසින් Tesla Roadstar ලෙස හඳුන්වන විද්‍යුත් මෝටර් රථයක් රැගෙන ගිය බව දන්නවාද ? දැන් එම මෝටර් රථය මේ වන විටත් පෘතුවියේ කක්ෂයෙන් මිදී අගහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ග්‍රාහක තීරය බලා ගමන් කරමින් සිටිනවා. Space X ආයතනයේ බලාපොරොත්තුව අගහරු වටා කක්ෂගත වීමයි. එය Falcon Heavy අත්හදා බැලීමේම කොටසක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එය මිහිමතවූ බලවත්ම රොකට් අතරින් එකක්.

අගහරු බලා ගමන් කරමින් සිටින එම මෝටර් රථයේ මිනිස් අනුරුවක්ද ඇති බව ඔබට පෙනෙනවා ඇති. සජීවීව පෘතුවියට ලැබෙන්නට සැලැස්වූ එම දර්ශන වල, පෘතුවියේ ගෝලාකාර ස්වභාවය ඉතාමත්ම මනස්කාන්ත ලෙස දර්ශනය වෙනවා.

එම රොකට් එකේ මධ්‍යම කොටස නැවත පෘතුවිය වෙත ගොඩබස්වාගැනීමට එම ආයතනය සැලසුම් කර තිබුනා. මොකද එවිට නැවත එහි කොටස් ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. නමුත් එම සැලසුම අසාර්ථක කරමින් රොකට් එක අතුරුදහන් වී ගොස් තිබෙනවා.

මේ වන විටත් අගහරු බලා ගමන් කරමින් සිටින එම මෝටර් රථයේ සජීවී දර්ශන Space X ආයතනය විසින් විකාශනය කිරීමට කටයුතු කර තිබුනා. ඊට අදාළ වීඩියෝව අපි ඔබට පහතින් ලබා දෙන්නම්.

සජීවී විකාශය – මෙතන ක්ලික් කරන්න

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!