ඔබේ ඇසේ තිබෙන මෙම කුඩා සිදුර කුමක්ද ?

මෙම කුඩා සිදුර මත ඇස් පිහාටු හිරවූ විට ඇස කසන්නට ගන්නවා. ඔබ වහාම කන්නාඩිය අසලට ගොස් ඇස පරික්ෂා කලොත්, එම කුඩා සිදුර ඔබට දැකගන්නට පුළුවන් වේවි. පහල ඇස්පිය මත එවැනි කුඩා සිදුරක් ඇතිබව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

ඇත්තටම එම කුඩා සිදුර මොකක්ද? මෙය සෑම කෙනෙකුම සතු සාමාන්‍ය ශාරීරික අංගයක්. අද අපි ඔබව දැනුවත් කරන්නේ එම කුඩා සිදුරේ ශාරීරික කෘත්‍යය පිළිබඳවයි.

වෛද්‍ය විද්‍යාත්මකව එය හඳුන්වන්නේ Lacrimal Punctum යනුවෙනි.

සෑම කෙනෙකුගේම ඇස්වල එය ලොකු කුඩා වශයෙන් දැකගන්නට පුළුවන්. ඔබේ උඩ සහ යට ඇස් පිහාටු දෙකේම එවැනි කුඩා සිදුරු දෙකක් තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

එම කුඩා සිදුරු වල කෘත්‍යය කඳුළු නිපදවීම බවට වැරදි මතයක් පවතිනවා. නමුත් එහි සැබෑම කෘත්‍යය නම් ඇස මත නිපදවෙන අතිරික්ත කඳුළු බැසයන්නට සැලැස්වීමයි. හඬන විට නාසය දියරවලින් පිරෙන්නේ අන්න එම හේතුව නිසා බව මතකතබාගන්න.

ඇතැම් අවස්තාවන් වලදී එම කුඩා සිදුරු විසින් ඕනෑවටත් වඩා වැඩියෙන් කඳුළු බැසයාමට සලස්වනවා. ඉතින් එම දුෂ්කෘත්‍ය නිවැරදි කිරීමට වෛද්‍ය ක්‍රමවේදයක්ද තිබෙනවා. එහිදී සිදුකරන්නේ කුඩා ඇබ දෙකක් එම සිදූ තුලට ඇතුළු කොට කඳුළු බැස යෑම යම් පමණකින් පාලනය කිරීමයි. එය ඔබට ඉතාමත්ම භයානකම ක්‍රමවේදයක් සේ දිස්වෙනවා ඇති. නමුත් එය ඇස් අධික ලෙස වියලීම වැලැක්වීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ක්‍රමයකි.

ඉතින් ඔබ ඇස් වියලීම කියන තත්වයෙන් පීඩා විඳින කෙනෙකු නම්, ඊට හේතුව ඇස්පිය මත පිහිටි මෙම කුඩා සිදුරු ප්‍රමාණයෙන් විශාල වීම විය හැකියි.

අපේ ශරීරය කෙතරම් සංකීර්ණ පද්ධතියක්ද යන්න ඔබට පෙනෙනවා නේද ?

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!