ජනවාරි 31 වෙනිදා සිදුවෙන්නට යන දේ ඔබ දන්නවාද ?

2017 අගෝස්තු 21 වෙනිදා අපිට පුර්ණ සුර්යග්‍රහණයක් දැකගන්නට ලැබුනා. එම දුර්ලභ අවස්තාව දැකබලාගැනීමට ලොව පුරා මිනිසුන් තුල තිබුනේ විශාල උනන්දුවක්.

2018 ජනවාරි 31 වෙනිදා පුර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතයි. එම දුර්ලභ සිදුවීම නම් ඔබව පුදුමයට පත්කිරීමට සමත් වෙනවාට කිසිම සැකයක් නැහැ. මතක තබාගන්න, වසර 150කින් අපි මෙවැනි සඳක් දැක තිබුනේ නැහැ. අවසන් වරට එය සිදුවුනේ 1866 වර්ෂයේදී. එහි වූ රක්ත වර්ණය නිසා Blood Moon යන අන්වර්ථ නාමයෙන්ද එය හඳුන්වනවා.

2014 සහ 2015 අතර කාලයේදී Blood Moon 4ක් අපිට දැකගන්නට ලැබුනා. නමුත් 2018 වර්ෂයේ ජනවාරි මස දකින්න ලැබෙන Blood Moon එක නම් ඉතාමත්ම දුර්ලභ එකක්. මොකද 2018 ජනවාරි මස 1වෙනි දින පූර්න චන්ද්‍රයා දැකගන්නට ලැබුණු පසළොස්වක පෝය දවසක්. ජනවාරි 31 වෙනිදාත් නැවත පුර්ණ වශයෙන් චන්ද්‍රයා දැකගන්නට ලැබෙනවා. එක් මාසයක් ඇතුලත දැකගන්නට ලැබෙන දෙවෙනි චන්ද්‍රයා හඳුන්වන්නේ Blue Moon ලෙසයි. දෙවෙන වරට දිස්වෙන එම චන්ද්‍රයා අපිට දැකගන්නට ලැබෙන්නේ පුර්ණ චන්ද්‍රග්‍රහණයක් අතර තුරයි. ඉතින් 2018 ජනවාරි 31 වෙනිදා අපිට දැකගන්නට ලැබෙන්නේ Blue Moon, Blood Moon, සහ Super Moon වල එකතුවක්. එවැනි දුර්ලභ Blood Moon එකක් අපිට අවසන් වරට දැකගන්නට ලැබුනේ 1866 වර්ෂයේදී.

Blood Moon හා සබැඳි ජනප්‍රවාද සහ මිත්‍යාකතා බොහොමයක් තිබෙනවා. චන්ද්‍රයා රක්ත වර්ණයෙන් දිස්වුනු එක්තරා දවසක, රවුනොක් දුපතේ විසු මිනිසුන් සියලු දෙනා අතුරුදහන් වූ බව ජනප්‍රවාදයේ පැවසෙනවා. එය මිත්‍යා කතාවක් බැවින් ඔබ අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

2018 ජනවාරි 21 වෙනිදා චන්ද්‍රයා රක්ත වර්ණයෙන් දිස්වන්නේ ඇයි ? ඊට හේතුව අප පෘතුවියේ සෙවණැල්ල චන්ද්‍රයාගේ මුළු මතුපිටම වසාගන්නා නිසාවෙනි. සුර්යාගෙන් නිකුත්වෙන ආලෝකය පෘතුවියේ වායුගෝලය හරහා ගමන්කොට චන්ද්‍රයා වෙතට යොමුවෙනවා. එහිදී රතු වර්ණය හැරෙන්න සුර්ය ආලෝක වර්ණාවලියේ අනෙක් සියලුම ආලෝකයන් අවහිර වෙනවා. ඉතින් පෘතුවියේ වායුගෝලය හරහා පහසුවෙන් ගමන් කරන රතු ආලෝකය චන්ද්‍රයා මත වැටී, එය රක්ත වර්ණයෙන් හෝ තඹ පැහැයට හුරු වර්ණයකින් දිස්වෙනවා.

ජනවාරි මස සිදුවෙන එම පුර්ණ චන්ද්‍රග්‍රහණය ඇමරිකාවේ කොටස් කිහිපයකට, ඊශානදිග යුරෝපයට, රුසියාවට සහ ඔස්ට්‍රේලියාවට පැහැදිලිවම දර්ශනය වෙනවා. ටයිම් ඇන්ඩ් ඩෙට් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, ලංකා වේලාවෙන් පස්වරු 6.59ට එය අපිටත් දැකගන්නට පුළුවන්.

චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන සෑම අවස්ථාවකම, සති දෙකකට පෙර හෝ පසුව චන්ද්‍රග්‍රහණයක් සිදුවෙන බව ඔබ දන්නවාද ? ඉන් අදහස් කරන්නේ එක දිගට eclipse දෙකක් පැමිණෙන බවයි. ජනවාරි 31 වෙනිදා සිදුවෙන blood moon අවස්ථාවෙන් පසුව, 2018 පෙබරවාරි 15 වෙනිදා අර්ධ සුර්යග්‍රහණයක් සිදුවෙනවා.

ඉතින් ඔබේ ජීවිත කාලය ඇතුලත යලි දකින්නට නොලැබෙන ඉතාමත්ම දුර්ලභ සිදුවීමක් දැකගන්නට කැමති නම්, ජනවාරි 31 වෙනිදා රාත්‍රී අහස දෙස බලන්න. මොකද ඔබට යලි කිසිම දිනක එවැනි විශේෂිත අවස්තාවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!