ග්‍රාහකයක් මත මිනිසාට පය තබන්නට පුලුවන්ද ?

ග්‍රහාකයක් යනු සුර්යා වටා හෝ ග්‍රහලෝකයක් වටා කක්ෂගත වෙන කුඩා පාෂාණමය ස්කන්ධයක්. ඒවා නිර්මාණය වන්නේ ග්‍රහලෝක නිර්මාණය වෙන විදියටම තමයි. ඉතාමත්ම සරලව පැහැදිලි කරොත්, කුඩා අනු එකිනෙකා වෙත ආකර්ෂණය වී කාලයත් සමග ඇසට පෙනෙන විශාල වස්තුවක් බවට පත්වෙනවා.

පාෂාණ, නොයෙකුත් ලෝහ වර්ග සහ ඛනිජ වර්ග වලින් සෑදී තිබෙන මෙම ග්‍රාහක පෙනුමෙන් තරමක් සමානයි. ග්‍රාහක මිලියන 2ක් පමණ ඇති විශාල ග්‍රාහක තීරයක් අපේ සෞරග්‍රහ මණ්ඩලය තුල තිබෙන බව ඔබ දන්නවාද ? නමුත් එම ග්‍රාහක සියල්ලේම බර අප චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් සියයට 4ක් පමණයි කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

මිනිසුන් වන අපිට එවැනි ග්‍රාහකයක් මත සිටගන්නට පුලුවන්ද ? එය තීරණය වන්නේ අදාළ ග්‍රහලෝකයේ ප්‍රමාණය මතයි.

අප සෞරග්‍රහ මණ්ඩලය තුල මීටර් 100 සිට කිලෝමීටර් 500ක් තරම් විශ්කම්භයකින් යුත් විශාල ග්‍රාහක දැකගන්නට පුළුවන්.

උදාහරණයක් විදියට පෘතුවියට ආසන්නයෙන් පිහිටි 433 Eros ලෙස හඳුන්වන කුඩා ග්‍රාහකයා අරගෙන බලමු. එය කිලෝමීටර් 33ක් දිග කිලෝමීටර් 13 පළල සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා ග්‍රාහකයක්. එහි ගුරුත්වය තත්පර වර්ගයට මීටර් 0.0059ක් පමණයි. ඉන් අදහස් කරන්නේ එහි ගුරුත්වය පෘතුවියේ ගුරුත්වයට වඩා 1662 වාරයකින් අඩු බවයි.

ඉතින් ඔබේ බර පෘතුවියේදී කිලෝ 70ක් නම්, 433 Eros ග්‍රාහකය මතදී ඔබේ ශරීරයේ බර ග්රෑම් 40කට වඩා වැඩි වන්නේ නැහැ. එනම් ඇපල් ගෙඩියක බරින් හරි අඩක් තරම් ප්‍රමාණයක්.

මෙවැනි තත්වයක් යටතේදී ඔබ එම ග්‍රාහකය මත උඩ පැන්නොත්, ග්‍රාහකය මතින් විසිවී ගොස් අභ්‍යවකාශය තුල නොපෙනී යන්නට පුළුවන්. එම නිසා ග්‍රාහකයක් මත සිටගැනීම එතරම් පහසු දෙයක් නම් නොවෙයි.

ග්‍රාහකය මත සිටගෙන ක්ෂිතිජය දෙස බලන විට ග්රාහකයේ මුළු මතුපිටෙන්, හරි අඩක් තරම් ප්‍රදේශයක් ඔබට දැකගන්නට පුළුවන් වේවි. මොකද එම ග්‍රාහකයා ප්‍රමාණයෙන් කුඩා වස්තුවක්.

ඒ ඔබ දුටුවේ ප්‍රමාණයෙන් කුඩා ග්‍රාහකයක සිටගත්තොත් සිදුවිය හැකි දෙයයි. එසේ නම් අපි විශාලතම ග්‍රාහකයක් උදාහරණයක් විදියට අරගෙන බලමු.

4 Vesta යනු එවැනි විශාල ග්‍රහලෝකයක්. එය අප සෞරග්‍රහමණ්ඩලයේවූ විශාලතම ග්‍රාහක අතරින් එකක්. එහි විෂ්කම්භය කිලෝමීටර් 525ක් පමණ වන අතර, එහි මතුපිට විශාලත්වය වර්ග කිලෝමීටර් 866,000ක් පමණ වෙනවා.

මෙය ග්‍රහලෝකයක් මෙන් වටකුරු ග්‍රාහකයක් නිසා, එහි මතුපිට මත හිටගෙන සිටින විට ක්‍ෂිතිජය කවාකාර හැඩයකින් යුතුව දිස්වේවි. ඒවගේම කෙලින් ඉඳගෙන බලන විට ඔබ පෙනෙන්නේ කිලෝමීටර් කිහිපයක දුරක් පමණයි. ඒවගේම සමතලා බිමක් සොයාගන්න එක පහසු දෙයක් වෙන එකක් නැහැ. මොකද, උල්කාෂ්ම ඝට්ටනයන් වල ප්‍රතිපලයක් ලෙස සෑදුනු විශාල ආවාට එහි හැම තැනම දැකගන්නට පුළුවන්.

ඉතින් අවසානයටම පවසන්නට තිබෙන්නේ, ග්‍රාහකයක් මත හිටගන්න එක හිතන තරම් පහසු දෙයක් නොවෙයි. නමුත් අනාගතයේදී තාක්ෂණයේ දියුණුවත් සමග, මිනිසාට එය උත්සහකර බලන්නට පුළුවන් වේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!