ඇලස්කාවට දරුණු අයිස් සුනාමියක්!

සුනාමි කියන වචනය ඇසුණු සැනින් ඔබේ සිතේ මැවෙන්නට ඇත්තේ සාගරයෙන් ගොඩබිමට කඩාගෙන වදින මහා ජල කඳක රූපයක් වෙන්නට ඇති. නමුත් අයිස් සුනාමියක් ගැන ඔබ කෙදිනකවත් අසා තිබෙනවාද ?

මෑතකදී ඇලස්කාවට දරුණු අයිස් සුනාමියක් ඇතිවී තිබුනා. එම අයිස් සුනාමිය කෙතරම් ප්‍රභාල්ද යත්, Musk ඕෂෙන් වර්ගයෙන් ගොනුන් අයිස් වලින් යටවී ගොස් තිබුනා.

පැයට සැතපුම් 100ක් තරම් වේගවත් කුණාටුවක් සමග කඩාවැදුණු එම අයිස් සුනාමියට ගොදුරුවී Musk ox වර්ගයේ ගොනුන් 50ක රංචුවක් පනපිටින්ම වැළලී ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඉන් බේරී තිබෙන්නේ ඉතාමත්ම සුළුතරයක් පමණයි. ඔවුන්ගේ හිස්වල වූ ලොම් පමණක් අයිස් තට්ටුවට උඩින් මතුවී තිබෙන හැටි දැකගන්නට පුළුවන්.

රළු පාරිසරික තත්වයන්ට ඔරොත්තු දෙන මෙම සත්ව විශේෂයේ මුතුන් මිත්තන්, අවසාන අයිස් යුගයේදී පවා දිවිරැකගැනීමට සමත්වී තිබුනා. නමුත් මෙම අයිස් සුනාමියෙන් නම් ඔවුන්ට දිවිරැකගැනීමට හැකිවුනේ නැහැ.

රාත්තල් 8000ක් තරම් බරකින් යුත් මෙම සත්ව විශේෂය ආක්ටික් කලාපයේ ගොඩබිම වෙසෙන වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා ලෙසද හඳුන්වන්නට පුළුවන්. නමුත් රුසියාවේ වාසය කල Musk Ox සත්වයින් මීට ශතවර්ෂයකට පමණ පෙර සම්පූර්ණයෙන්ම වඳවී ගියා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!