විද්‍යාඥයින් මවිතකළ සෞරග්‍රහමණ්ඩලයේ අභිරහස් පාෂාණය!

විද්‍යාඥයින් ජීවයේ ආරම්භය, පෘතුවියේ ආරම්භය සහ අප සෞරග්‍රහමණ්ඩලයේ ආරම්භය පිළිබඳව සෙවීමට වෙහෙස මහන්සි වෙන බව දන්නවා ඇති. මේ වන විට විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙන එම කරුණු නිවැරදිද යන්න සම්බන්ධයෙන් විශාල සැකයක් ඇතිවෙනවා. මොකද අප පෘතුවියේ වගේම මෙම සෞරග්‍රහමණ්ඩලයේවත් නොමැති සංයෝගයකින් සෑදුනු කුඩා ගල් කැට විශේෂයක් අප පෘතුවියෙන් හමුවී තිබෙනවා.

ඊජිප්තුවේ බටහිර ප්‍රදේශය තුල වර්ග සැතපුම් 28,000ක් තරම් ප්‍රදේශයක් පුරා පැවති Great Sand Sea ලෙස හඳුන්වන කාන්තාර බිමක් තිබෙනවා. එම විශාල කාන්තාරයේ එක් කොටසක මෙලොවට අයිති නොමැති පිටසක්වල සම්භවයක් ඇති කහපැහැති වීදුරු පාෂාණ කැබලි දැකගන්නට පුළුවන්. එය ලොවපුරා වෙසෙන විද්‍යාඥයින් පවා නිරුත්තර කිරීමට සමත්වූ සිදුවීමක් කිව්වොත් නිවැරදියි.

එම ප්‍රදේශය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී දියමන්ති වලින් සමන්විත කුඩා පාෂාණ විශේෂයක්ද හමුව තිබුනා. එම පාෂාණ විශේෂය විද්‍යාගාර පරීක්ෂණයට ලක් කලපසුව, අප සෞරග්‍රහමණ්ඩලයේ හටගැනීම පිළිබඳව අපි දැන සිටි සියලුම දේවල් දැඩි අභියෝගයකට ලක්වුනා.

1996 වර්ෂයේදී Aly A Barakat මහතාත් Great Sand Sea කාන්තාරය ගවේෂණය කරා. ඔහුගේ විශේෂ අවදානය යොමුව තිබුනේ වර්ග සැතපුම් 25,000ක් පුරා පැවති පැවති, කහ පැහැති වීදුරු පාෂාණ බහුලවම ඇති ස්ථානයක් වෙතයි. එම yellow glass පාෂාණ ප්‍රථම පරමාණු බෝම්බ පිපුරුම සිදුවූ මෙක්සිකෝ කාන්තාරයේ පොලව යට සෑදුනු ට්‍රයිනිටයිට් පාෂාණ වලට ඉතාමත්ම සමානයි.

එම yellow glass පුරාන ඊජිප්තුව වැසියන් ඉතාමත්ම විශේෂ කොට සලකා තිබෙනවා. ඔවුන් එම පාෂාණ විශේෂය පාරාවෝගේ ආභරණ නිර්මාණය කිරීමටද භාවිතා කර තිබෙන හැටි දැකගන්නට පුළුවන්.

බැරකට් මහතාගේ ගවේෂණය අතරතුර, එම yellow glass පාෂාණ අවට තිබී හයිපේෂියා ලෙස හඳුන්වන තවත් සුවිශේෂී පාෂාණ විශේෂයක් හමුව තිබුනා. සිදුකරනු ලැබූ නයිට්‍රජන් සමස්ථානික පර්යේෂණයන් වලින් පසුව, 2013 වර්ෂයේදී විද්‍යාඥයින් පසුවේ හයිපේෂියා පාශානය පෘතුවිය තුල හටගත් පාශානයක් නොව, පිටසක්වල සම්භවයක් ඇති පාශානයක් බවයි. 2015 වර්ෂයේදී සිදුකරනු ලැබූ පර්යේෂණයකින් පසුවද විද්‍යාඥයින් පවසා සිටියේ, එම පාෂාණ විශේෂය මෙතෙක් හඳුනාගනු ලැබූ කිසිම උල්කාපාත ඝට්ටනයකින් හෝ වල්ගාතරු ගට්ටනයකින් මෙහි පැමිණි පාෂාණ විශේෂයක් නොවෙන බවයි.

පිරිසිඳු කාබන් වලින් සහ ඉතාමත්ම සුළු සිලිකන් ප්‍රමාණයකින් සමන්විත මෙවැනි පාෂාණ විශේෂයක්, කිසිම වල්ගාතරුවක හෝ උල්කාපාතයක තිබී මෙතෙක් හමුවී නැහැ. මොකද පෘතුවියෙන් හමුවූ උල්කාපාත කැබලි සෑදී තිබුනේ සුළු කාබන් ප්‍රමාණයකින් සහ සිලිකන් විශාල ප්‍රමාණයකින්.

එපමණක් නොවෙයි, එහිවූ දියමන්ති වල තිබෙන අසාමාන්‍ය නයිට්‍රජන් සමස්ථානික අගය පෘතුවියේ කිසිම ද්‍රව්‍යයකින් හමුවී නැහැ. ඒවගේම අප සෞරග්‍රහ මණ්ඩලය හටගැනීමට පෙර සිටම පැවති අන්තර්තාරකා දුහුවිලි වලාවන්වල බහුලවම දැකගත හැකි විශේෂිත කාබන් සංයෝගයක් වන, polyaromatic hydrocarbons ද එම පාශානයේ අභ්‍යන්තරයෙන් හමුව තිබෙනවා.

ඊට අමතරව හයිපේශියා පාශානය තුලින් පිරිසිඳු ලෝහක ඇලුමීනියම්ද හමුව තිබුනා. අප පෘතුවිය තුල එම ස්වරූපයෙන් පවතින ඇලුමීනියන් කවදාවත් හමුවී තිබුනේ නැහැ. සෞරග්‍රහමණ්ඩලය තුලින්වත් එම ස්වරූපයෙන් පවතින ඇලුමීනියම් සොයාගන්නට පුළුවන් වේවිද කියන එක සැකයි.

දකුණු අප්‍රිකානු මහාචාර්ය වරයෙකු පවසා සිටින්නේ මෙම සියලුම දත්ත පරික්ෂා කිරීමේදී, එම පාෂාණ විශේෂය හටගන්නට ඇත්තේ තාරකාවක උණුසුමට ඔබ්බෙන් පිහිටි, ඉතාමත්ම සිසිල් පරිසරයක බවයි. ඒවගේම එය අගහරු සහ බ්‍රහස්පති අතර පිහිටි ග්‍රාහක තීරයෙන් හෝ නෙප්චුන් ග්‍රහයාට ඔබ්බෙන් පිහිටි ග්‍රාහක තීරයකින් නොව, අප සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් පැමිණෙන්නට ඇති බව අනුමානය කරන්නට පුළුවන්.

ඇතැම්විට එම හයිපේශියා ග්‍රාහකය පෘතුවියේ ගැටී පරමාණු පිපුරුමකට සමාන ප්‍රභල බලයකින් පුපුරා යෑම නිසා, ඒ අසලවූ Yellow glass පාෂණ නිර්මාණය වෙන්නට ඇති බවට අනුමානයක් කරන්නට පුළුවන්. එම පිපුරුම නිසා හයිපේශියා පාෂාණ කැබලි කිහිපයක් පමණක් ඉතුරු වෙන්නට ඇතුව. එවැනි ඝට්ටනයක් සිදුවුනනම් අනිවාරයෙන්ම ආවාටයක් ඇතිවිය යුතුයි නේද ? එසේනම් එම ආවාටය තිබෙන්නේ කොහෙද ?

චන්ද්‍රිකා චායාරූප පිරික්සීමේදී එම අදාළ ඝට්ටනය සිදුවීම නිසා ඇතිවූ බව අනුමාන කරන, සැතපුම් 19ක විශ්කම්භයකින් යුත් ආවටයක් දෙස පර්යේෂකයින්ගේ අවදානය යොමුව තිබෙනවා.

මොහොතක් සිතන්න, කුඩා ගල් කැටයකට සෞරග්‍රහ මණ්ඩලයේ හටගැනීම පිළිබඳව අපි සතු දැනුම, අභියෝගයකට ලක්කරන්නට හැකිවීම ඉතාමත්ම පුදුමයට කරුණක් නේද ?

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!