ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂාව සලසන අධි තාක්ෂණික යට ඇඳුමක්!

ස්ත්‍රී දුෂණය යනු අද ලෝකය තුල සුලභව දැකගත හැකි ඉතාමත්ම බරපතල ලිංගික අපරාධයක්. ඉන්දියාව තුල සෑම මිනිත්තු 15කටම වරක් කාන්තාවක් දුෂණයට ලක්වෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. සිදුවෙන ස්ත්‍රී දුෂණ සංඛ්‍යාවෙන් වාර්තා වෙන්නේ ඉතාත්මම සුළු ප්‍රමාණයක් පමණයි. අනෙක් ස්ත්‍රී දුෂණ එහෙමේම යටපත් වෙනවා.

වැඩිවෙමින් තිබෙන ස්ත්‍රී දුෂණ රැල්ලෙන් ආරක්ෂා වීමට ඉන්දියානු තරුණියක් දැරූ උත්සහයක් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

සීනු කුමාරි කියන එම තරුණිය ඩොලර් 68ක් වැනි මුදලක් වියදම් කොට, ස්ත්‍රී දුෂණ වලින් ආරක්ෂාව සැලසීමට සමත් කාන්තා යට කලිසමක් නිපදවා තිබෙනවා. එම යට කලිසමට combination lock එකක්, හදිසි ඇමතුම් බටන් එකක්, සහ ගෝලීය ස්ථානය නිර්ණය කරන GPS පහසුකමද ඇතුලත් කර තිබෙනවා දැකගන්නට පුළුවන්.

ඇය පවසන්නේ එය වෙඩි නොවදින තරම් ශක්තිමත්, කැපීමට පවා නොහැකි යට ඇඳුමක් බවයි.

ඇය මෙම නිර්මාණය කිරීමට පෙළඹී තිබෙන්නේ ඇයගේ නගරය තුල ස්ත්‍රී දුෂණ අපරාධ හිස ඔසවා තිබීම නිසාවෙනි. ඇයගේ මිතුරියන් පවා මෙලෙස දුෂණයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. ඇතැම් දුෂකයින් දුෂණයට ලක්වූ කාන්තාවන්ගේ කාන්තාවන්ගේ නිරුවත් චායාරූප සහ වීඩියෝ විකිණීමට පවා කටයුතු කරපු අවස්තාවන් තිබෙනවා.

සීනුගේ මෙම ආරක්‍ෂිත යට ඇඳුම හැමනිතරම පැළඳගෙන සිටින්නට අවශ්‍ය වන්නේ නැහැ. තනියට කෙනෙක් නොමැතිව ගමන් කරන විටදී පමණක් පැළඳ සිටීම හොඳටම ප්‍රමාණවත්. තමන්ට අනතුරක් සිදුවීමට ආසන්න බව දැනුනු ක්ෂණිකව ඇයට යට ඇඳුමේ වූ හදිසි ඇමතුම් බොත්තම ඔබන්නට පුළුවන්. එම ඇමතුම මගින් ලගම ඇති පොලීසිය සහ අයගේ පවුලේ කෙනෙකු උනත් සමබන්ධ කරගැනීමට හැකියාව තිබෙනවා.

එපමනක් නොවෙයි, අපරාධකරුගේ චායාරූප ලබාගෙන ඒ තුලම ගබඩා කරගැනීමට සමත් තාක්ෂනයක්ද එහි තිබෙනවා.

ඇයගේ මෙම නිර්මාණයට තවම පේටන්ට් බලපත්‍රය ලැබී නැහැ. අනුමැතිය ලැබුණු වහාම එය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමටද නියමිතයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!