අද මියගිය කෙනෙකුට වසර 10කින් පසුව නැවත පණලබාදෙන හැටි!

Cryogenics තාක්ෂනය මගින් ශීතකළ මළසිරුරකට, ඉදිරි දශකය තුල පණදිය හැකි බව විශේෂඥයෙකු පවසනවා.

විශ්වාස කරන්න, ලොවපුරා වෙසෙන මිනිසුන් 350ක්, මියගිය ක්ෂණිකව ඔවුන්ගේ මළසිරුර අවම උෂ්ණත්වයක් යටතේ කල්තබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව වුනේ අනාගතයේ දවසක යලි නැගී සිටීමයි.

Cryonics විද්යාස්තානයේ ප්‍රධානී ඩෙනිස් කොවස්කි මහතා පවසන්නේ, ක්‍රයෝනික් තාක්ෂනය මගින් ශීතකළ මලසිරුරකට තවත් වසර 10කින් පමණ නැවත පණදිය හැකි බවයි.

මොහොතක් සිතන්න, තවත් අවුරුදු 100 කින් CPR තාක්ෂනය මොන තරම් දියුණුවක් ලබාවිද ? උදාහරණයක් වශයෙන් තවත් අවුරුදු සියයකින් ප්‍රාණය නිරුද්ධවූ සිරුරකට නැවත ප්‍රාණය ලබාගැනීමට බැරි වෙන එකක් නැහැ. සමහරවිට වසර 100ක්ම ගතවෙන එකක් නැහැ, ඉදිරි වසර 10 ඇතුළතද CPR තාක්ෂනය නොසිතූ දියුණුවක් ලබන්නට පුළුවන්.

ඉතින් ක්‍රයොනික්ස් තාක්ෂනය මගින් මියගිය අයෙකුගේ සිරුරක් වසර ගණනාවක් පුරාවට හොඳින් ආරක්ෂාකර තබාගත්තොත්, ඒ වන විට දියුණුවී තිබෙන තාක්ෂණයේ පිහිටෙන් එම සිරුරට නැවත පණ දෙන්නට පුළුවන් වේවි.

මේ වන විට කොවස්කි මහතාගේ විද්‍යාස්තානය හා 2,000ක පිරිසක් ලියාපදිංචිවී සිටිනවා. ඒ ඔවුන් මියගිය පසුව ඔවුන්ගේ සිරුර ශීතකොට කලාතබාගැනීමටයි.

ඒවගේම එම ආයතනයේ මුලාස්තාන ගොඩනගිල්ලේ දියරමය නයිට්‍රජන් ටැංකි තුල, පුද්ගලයින් 160ක් පමණ ශීතවී සිතිනවා.

මෙලෙස ශීතකරනු ලැබූ පුද්ගලයෙකුගේ මල සිරුරකට නැවත පණදියහැකිද යන්න තීරණය වන්නේ, නුතන වෛද්‍යවිද්‍යාව අනාගතයේදී ලබන දියුණුව මතයි.

ක්‍රයෝනික්ස් ලෙස හඳුන්වන එම තාක්ෂනය ක්‍රයෝජෙනික්ස් සහ ක්‍රයෝප්‍රිසවේෂන් ලෙසද හඳුන්වනවා. තේරෙන සිංහලෙන්ම කිව්වොත් එය මළ සිරුරක් හෝ වෙනත් ශාරීරික කොටසක්, එහි ජීවී ගුණය පිරිහීමට ඉඩනොදී කාලයක් පුරාවට සුරක්ෂිතව තබාගැනීමේ කලාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

මෙහිදී ඇත්තටම සිදුකරන්නේ සිරුරක් සෙල්සියස් අංශක -196ක් තරම් ඉතාමත්ම අවම උෂ්ණත්වයකින් ශීත කිරීමයි. එය සිදුකිරීමට ප්‍රථමව සිරුරේ සයිල හානිවීම වැලක්වීමට ප්‍රති සිසිලන සංයෝගයක් එන්නත් කරනවා.

ඇමරිකාව තුල ක්‍රයොනික්ස් තාක්ෂණයේ නිරතවෙන ප්‍රධාන සමාගම් දෙකක් තිබෙනවා. ඇරිසෝනා වල Alcor සමාගම සහ මිචිගන් වල Cryonics Institute එක එම සමාගම් දෙකයි. ඊට අමතරව රුසියාවේ සහ පෘතුගාලයේත් එවැනිම සමාගම් දෙකක් තිබෙනවා.

එය සිදුකිරීමට හැකියාව තිබෙන්නේ පුද්ගලයෙකු මියගොස් ඇතිබව නීතියමය වශයෙන් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි. හදවතේ ස්ඵන්දනය නතරවී මිනිත්තු දෙකක් පමණ ගියපසුව වහාම Cryonics ක්‍රියාවලිය ආරම්භ කලයුතුයි. මිනිත්තු 15ක් ඉක්මවූවොත් එය සාර්ථක වන්නේ නැහැ.

ඒවගේම තමයි ලේ කැටි ගැසීම වැලක්වීමට රසායන ද්‍රව්‍ය එන්නත් කර තිබිය යුතු වන අතර, අයිස් වල අසුරා තැබීමද ඉතාමත්ම වැදගත් වෙනවා.

Cryonics විද්‍යාගාරයට සිරුර රැගෙන ගිය පසුව සෙල්සියස් අංශක 0 දක්වා සිසිල් කොට, ඉන්ද්‍රියයන් ආරකෂා කරගැනීමට රුධිරය ප්‍රතිස්ථාපනය කරමින් වෙනත් ද්‍රාවනයක් එන්නත් කරනවා.

ඉන් අනතුරව ඉන්ද්‍රියයන් තුල අයිස් ස්ඵටික ඇතිවීම වැලක්වීමට තවත් ද්‍රාවනයක් එන්නත් කොට, සෙල්සියස් අංශක -130 දක්වාම ශීත කරනවා.

අවසානයටම සිදුකරන්නේ සෙල්සියස් අංශක -190ක් තරම් අවම උෂ්ණත්වයක් ඇති, දියරමය නයිට්‍රජන් බහාලුමක බහාතැබීමයි.

සම්පූර්ණ සිරුරක්ම මෙලෙස ශීත කරනවානම් ඩොලර් 35,000ක් පමණ මුදලක් අයකරනවා. එම ආයතන පවසන පරිදි පුරා ශතවර්ශයක් වුනත් මෙලෙස සිරුරක් කල්තබාගන්නට පුළුවන්.

නමුත් ඇතැම් විද්‍යාඥයින් නම් පවසන්නේ ශීතකරණ ක්‍රියාවලියෙදී හානිවෙන සයිල, නැවත යතාතත්වයට පත්කලනොහැකි බවයි.

ඔබ හිතන විදියට මෙලෙස කල්තබා ගන්නා මල සිරුරකට අනාගතයේදී නැවත පණලබාදෙන්නට පුළුවන් වේවිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!