ටයිටැනික් නෞකාව ඇත්තටම ගිලුනද ?

1912 අප්‍රේල් 10 වෙනිදා RMS Titanic නෞකාව Southampton වල සිට නිව්යෝක් බලා තම ප්‍රථම කුළුඳුල් මුහුදු ගමන ආරම්භ කරා. ඒ මිනිසුන් 2,200ක්ද සමගයි. නමුත් 4 වෙනි දවසේදී පාවෙන විශාල අයිස්කුට්ටියක ගැටී එය විනාශයට පත්වුනා. එම අනතුර සිදුවී පැය තුනක්වත් ගතවුනේ නැහැ. මගීන් 1500කට මාරු කැඳවමින් එය මුහුදු පතුලේ ගිලී ගියා.

Der Untergang der Titanic

මුළු ලෝකයම එම කතාව එලෙසම පිළිගත්තත්. සුළු තරයක් නම් පවසන්නේ අයිතිහාසික ටයිටැනික් නෞකාව කිසිදා මුහුදුබත් නොවූ බවයි.

ඔවුන් පවසන්නේ ටයිටැනික් නෞකාව වෙනුවට එදා ප්‍රථම කුළුඳුල් මුහදු ගමන ඇරඹුවේ ඒ හා සමානම වෙනත් නෞකාවක් බවයි. ඒවගේම එය ලොව විශාලතම රක්ෂණ වංචාව ලෙසද හඳුන්වනවා.

රොබින් ගාඩ්නර් කියන ඉතිහාසඥයා පවසන පරිදි ටයිටැනික් කතාව ආරම්බ වෙන්නේ 1907 වර්ෂයේදීයි.

JP මෝගන් මහතාට ඔහුගේ White Star Line නැව් සමාග සඳහා, අලුතෙන් නෞකාවන් කිහිපයක්ම ඉදිකිරීමට අවශ්‍ය වෙනවා. Olympic නෞකාව පළමුව ඉදිකර අවසන් වුනා. එම නෞකාව ඇයගේ සහෝදර නෞකාව වන ටයිටැනික් නෞකාවේ පෙනුමට හාත්පස සමානයි. 1911 වර්ෂයේදී ඔලිම්පික් නෞකාව නාවික හමුදාවේ යුධ නෞකාවක් හා ගැටෙනවා. එම අනතුරෙන් නැව් බඳට සහ ප්‍රධාන ටර්බයිමයට බරපතල හානිසිසිදුවී, ඔලිම්පික් නෞකාව මදක් වම් පැත්තට ඇලවුනා. එම අනතුර සඳහා චෝදනා එල්ලවුණේ ඔලිම්පික් නෞකාවටයි. ඉතින් එම හේතුව නිසා රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතුව තිබු ඩොලර් ලක්ෂ 8ක වන්දි මුදල ගෙවීම ප්‍රතික්ෂේප කරා.

ඔලිම්පික් නෞකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට මුදල් යටකිරීමට සිදුවූ නිසා ටයිටැනික් නෞකාව ඉදිකිරීම කටයුතු ප්‍රමාදවීමට එය හේතුවක් වුනා.

ඒ වන විටත් ටයිටැනික් නෞකාව සඳහා මුදල් විශාල ප්‍රමාණයක් යටකරතිබු නිසා එය අතරම නතරකිරීමට හැකියාවක් තිබුනේ නැහැ. එසේ නතර කරානම් එය White Star Line සමාගම තමා විසින්ම සියදිවි නසාගැනීමකි.

ඉතින් රොබින් ගාඩ්නර් පවසන පරිදි එම මුල්‍ය අරබුදයෙන් බේරීමට JP මෝගන් දක්ෂ සැලසුමක් සකස් කරා.

ඔහු පවසන පරිදි JP මෝගන්ගේ සැලසුම වුනේ, ඔලිම්පික් නෞකාව ටයිටැනික් නෞකාව ලෙස වෙස්ගන්වා එය සිතාමතාම ගිල්වීමට කටයුතු කොට සම්පූර්ණ රක්ෂණ වන්දියක් ලබාගැනීමයි.

නමුත් පෙර සැලසුම් කරතිබූ පරිදි එය සිදුවුනේ නැතිබවයි රොබින් ගාඩ්නර් මහතා ඔහුගේ ග්‍රන්ථයේ විස්තර කරතිබුනේ. සිතාමතාම ඔලිම්පික් නෞකාව පාවෙන අයිස් කුට්ටියක ගැටෙන්නට සැලැස්වූවත්, නෞකාව අලවුනේ ජීවිතාරක්ෂක බෝට්ටු එකලස් කරතිබූ පැත්තට නොවෙයි. එම නිසා බලාපොරොත්තු නොවූ පරිදි 1500ක් තරම් විශාල ජීවිත හානියක් සිදුවුනා.

රොබින් ගාඩ්නර් මහතා පවසන්නේ ඔහුගේ මෙම මතය සනාත කිරීමට ඕනෑවටත් වඩා සාක්ෂි පවතින් බවයි.

ටයිටැනික් අනතුරෙන් දිවිබේරාගත් ලේකඛ ලෝරන්ස් බීස්ලි මහතා පවසා සිටියේ, ඔලිමික් නෞකාව වගේම ටයිටැනික් නෞකාවද වම් පැත්තට සෙමෙන් ඇලවුණු බවයි.

ඔලිම්පික් සහ ටයිටැනික් නෞකාවේ සැලැස්ම එකිනෙකට ඉතාමත්ම සමාන බව ඔබට පෙනෙනවා ඇති. එහි තිබුනේ ඉතාමත්ම සුළු වෙනස්කම් කිහිපයක් පමණයි.

ගාඩ්නර් මහතා වැඩිදුරටත් පවසා සිටියේ අදාළ නෞකාවන් දෙක එම නෞකාවන් වල නාමයන් කැපී පෙනෙන පරිදි දර්ශනය කර තිබුනේ නැහැ. එම නිසා කැමති විටෙක අනන්‍යතාවය පහසුවෙන් මාරු කර ගැනීමට හැකියාව තිබෙනවා. එම නැව්වල නම් සටහන් කර තිබුනේ ජීවිතාරක්ෂක බෝට්ටුවල, නාම පුවරු වල මාලිමා යන්ත්‍රයන් වල පමණයි.

නමුත් ගාඩ්නර් මහතා නම් පවසන්නේ ප්‍රභලම සාක්ෂිය නම් එම නෞකාවන් වල පරීක්ෂණ ගමන් වාරයන් බවයි. 1910 වර්ෂයේදී ඔලිම්පික් නෞකාව එහි අත්හදාබැලීමේ ගමන් වාරයන් සඳහා දින දෙකක කාලයක් වැයකරා. එම අත්හදා බැලීම අතර තුර ඔලිම්පික් නෞකාව උපරිම වේගයෙන් යාත්‍රා කරපු අවස්ථාවන්ද තිබුනා. නමුත් ටයිටැනික් නෞකාවේ Sea Trial එක අතර තුර උපරිම වේගයෙන් යාත්‍රා කරේ නැහැ.

ගාඩ්නර් මහතා පවසන පරිදි ඊට හේතුව වුනේ ඔලිම්පික් නෞකාවේ හානිවූ නැව් බැඳ ප්‍රතිසංස්කරණය කොට ටයිටැනික් නෞකාව ලෙස භාවිතා කිරීමයි. මොකද අලුත්වැඩියා කරපු ඔලිම්පික් නැවේ නැව් බඳට අධික වේගය දරාගැනීමේ හැකියාවක් නැහැ.

ඉහත සඳහන් සියලු තොරතුරු සත්‍යය නම් ටයිටැනික් නෞකාව මුහුදුබත් වීම, වැරදුනු රක්ෂණ වංචාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

නමුත් ඉතිහාසඥයෙකු වන මාක් චර්න්සයිඩ් මහතා නම් පවසන්නේ, ටයිටැනික් නෞකාවේ රක්ෂණ ආවරණය රක්ෂිතයාට ලාභයක් ලැබීමට තරම් ප්‍රමාණවත් මට්ටමක නොපැවති බවයි. එම නිසා එය සිතාමතා ගිල්වීමෙන් ලාභයක් ලබාගන්නට බැරි බව ඔහු පවසනවා.

මොකද ටයිටැනික් නෞකාව ඉදිරිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 70ක් තරම් මුදලක් වැයවී තිබුනත්, එය රක්ෂණය කරතිබුනේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වැනි මුදලකට පමණයි. එම නිසා ටයිටැනික් නෞකාව ගිලුනොත් ඩොලර් මිලියන 2.5ක අලාබයක් සිදුවෙනවා.

White Star line සමාගම ටයිටැනික් නෞකාව හැඳින්වූයේ ගිල්විය නොහැකි නෞකාව යන අන්වර්ථ නාමයෙන්. රොබින් ගාඩ්නර් මහතාගේ රක්ෂණ වංචා මතය සත්‍යයක් නම්, ඇත්තටම ටයිටැනික් නෞකාව යනු කිසිදා ගිල්විය නොහැකි නෞකාවකි.

ඔබ හිතන විදියට ටයිටැනික් සිදුවීම ඉතිහාසයේ විශාලතම රක්ෂණ වංචාව විය හැකිද ? එසේත් නොමැති නම් එය නොසිතූ අවස්තාවක සිදුවූ නැව් අනතුරක්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!