පිටසක්වල සඥාවන් පැමිණි ස්ථානය විද්‍යාඥයින් සොයාගනියි

තාරකා විද්‍යාඥයින් ඈත අභ්‍යවකාසහයෙන් නිකුත්වූ සඥාවන් කිහිපයක්ම ග්‍රහණය කරගැනීමට සමත්වී තිබෙන බව ඔබ දන්නවා ඇති. දැන් එම අභිරහස් සඥාවන් නිකුත්වූ මුලාශ්‍රය හඳුනාගැනීමට විද්‍යාඥයින් සමත්වී තිබෙනවා.

පසුගිය වසර කිහිපය පුරාවටම විද්‍යාඥයින් Deep Space සඥාවන් කිහිපයක්ම හඳුනාගනු ලැබුවා. එවැනි සඥාවන් හඳුන්වන්නේ Fast Radio Bursts යනුවෙනි. එසේත් නොමැති නම් FRB ලෙසඳ හඳුන්වනවා. එම වේගවත් ගුවන් විදුලි සඥාවන් සහ ඒවාහී මුලාශ්‍රය අදටත් අභිරහසක්. ඒ අතරවූ එක් සඥාවක් විද්‍යාඥයින් පුදුමයෙන් පුදුමයට පත්කරා කිව්වොත් නිවැරදියි.

FRB 121102 ලෙස හඳුන්වන සඥා මුලාශ්‍රය ප්‍රථමවරට සොයාගනු ලැබුවේ 2012 වර්ෂයේ නොවෙම්බර් මාසයේදීයි. බොහොමයක් වූ වේගවත් ගුවන් විදුලි සඥාවන් ජනිතවන්නේ එක්වරක් වීම නිසා, ඒවා පැමිණෙන ස්ථානය සොයාගැනීම ඉතාමත්ම අපහසුයි. නමුත් FRB 121102 මුලාශ්‍රයෙන් පැමිණි සඥාවන් නොනවත්වාම පුන පුනා නිකුත්වුනා. එම සඥාවන් අනෙකුත් සඥාවන් වලට වඩා විශේෂ වීමට සහ අභිරහසක් වීමට එය ප්‍රධානම හේතුවක්.

එය විශ්වයේ ඈත කොනක පිහිටි පිටසක්වල ශිෂ්ටාචාරයක් විසින් අපි හා සම්බන්ධවීමේ අරමුණෙන් එවනු ලැබූ සඥාවක් වෙන්න බැරිද ?

නමුත් පර්යේෂකයින් නම් පවසන්නේ ඊට හාත්පස වෙනස් දෙයක්. ඔවුන් විශ්වාස කරන පරිදි එම සඥාවන් පැමිණි මුලාශ්‍රය ඔවුන් සොයාගෙන තිබෙනවා. එනම් අප පෘතුවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3ක් පමණ ඈතින් පිහිටි කුඩා වාමන මන්දාකිණියක් තුලින්. එය අලුතෙන් තාරකාවන් බිහිවෙන කලාපයක් ලෙස පර්යේෂකයින් හඳුනාගෙන තිබෙනවා. ඉතින් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එම සඥාවන් පැමිණියේ නියුට්‍රෝන තාරකාවකින් බවයි.

නිට්යුට්‍රෝන තාරකාවක් යනු විශාල තාරකාවක බිඳවැටුණු මාධ්‍යය ලක්ෂයක් ලෙස ලෙස හඳුන්වන්නට පුළුවන්. බිඳවැටීමට පෙර එය සුර්යාට වඩා කිහිප ගුණයකින් විශාලව පැවතියත්, අදාළ සඥාවන් නිකුත්වන විට එය කිලෝමීටර් 10ක් තරම් පළලව පවතින්නට ඇති බව ඔවුන් විශ්වාස කරනවා. නමුත් එම මුලාශ්‍රය තුලින් සඥාවන් පුන පුනා නිකුත්වුනේ කෙසේද යන්න නම් ඉන් විස්තර වන්නේ නැහැ.

එය පැහැදිලි කරමින් තාරකාවිද්‍යාඥයින් පවසන්නේ, අදාළ නියුට්‍රෝන තාරකාව අති විශාල කළු කුහරයක් වටා කක්ෂගතවෙන්නට ඇති බවයි. ඔබ දන්නවා ඇති කළු කුහරයක් විසින් විශාල ගුරුත්ව ක්‍ෂේත්‍රයක් නිර්මාණය කරනවා. එම ගුරුතුව ක්ෂේත්‍රයේ බලපෑමෙන් FRB සඥාවන් දඟර ගැසීමට සැලැස්වීම හේතුවෙන්, එය අපිට පුන පුනා නිකුත්වෙන ගුවන් විදුලි සඥාවක් සේ දිස්වෙන්නට ඇති.

ඉතින් ඒ ඔබ දුටුවේ එම අභිරහස් Fast Radio Bursts මුලාශ්‍රය පිළිබඳව විද්‍යාඥයින් දරන මතයයි. මෙම අධ්‍යයනය පිලිබඳ තොරතුරු ජනවාරි 10 වෙනි දින නිකුත්වූ විද්‍යා ජර්නලයේ ප්‍රකාශට පත්වුනා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!