නාසා එකෙන් නැවත හඳට නොගියේ ඇයි ?

1972 දෙසැම්බර් 9 වෙනිදා ඇපලෝ 17 යානාව නැවතත් පෘතුවියට පැමිණියා. ඒ දින 8ක කාලයක් චන්ද්‍රයා මත ගතකිරීමෙන් පසුවයි. එදා සිට අදවන තුරු කිසිම මිනිසෙකු නැවත චන්ද්‍රමත පස් පෑගුවේ නැහැ. ඇත්තටම ඊට හේතුව කුමක් වෙන්න පුළුවන්ද ?

මේ වන විට වසර 40ක කාලයක් ගතවී තිබුනවා. Apollo මෙහෙයුමට පසුව මිනිසුන් රැගත් එකම යානාවක්වත් චන්ද්‍රාවෙත ගමන් කරේ නැහැ. හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳව පර්යේෂණ පවත්වන ස්ටීවන් මහතා නම් විශ්වාස කරන්නේ, නාසා ආයතනය නැවත හඳට නොගියේ චන්ද්‍රයා මත දියුණු පිටසක්වල ශිෂ්ටාචාරයක් පවතින නිසා බවයි.

චන්ද්‍රයාගේ අඳුරු පැතිකඩ මත ජනාවාසයන් පිහිටුවාගෙන සිටින එම පිටසක්වල ශිෂ්ටාචාරය විසින්, ඔවුන් සතුව පවතින දියුණු තාක්ෂණික උපකරණ භාවිතා කරමින් පෘතුවියේ ජීවය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ඔහු පවසනවා. ඔහු විශ්වාස කරන්නේ නාසා ආයතනය එම පිටසක්වල ශිෂ්ටාචාරය පිළිබඳව දැනසිටියත්, ඒ පිළිබඳව අමතක කර වැඩකටයුතු කරගෙන යනබවයි.

ඔහුගේ මතය නාසා ආයතනයේ හිටපු කාර්යමණ්ඩල සේවිකාවක් වන Donna Hare විසින්ද සහතික කර තිබෙනවා. ඇය 1970 කාලයේදී නාසා ආයතනයේ චායාරූප විද්‍යාගාරයක් තුල සේවය කරපු සේවිකාවක්. ඇය පවසන පරිදි ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු වරක් ඇය සමග අහිශය රහසිගත කරුණු කිහිපයක් බෙදාගෙන තිබෙනවා. එනම් Apollo මෙහෙයුමේ ගගනගාමීන් පිටසක්වල පියාසර වස්තූන් 3ක් චන්ද්‍රයාට ඉහල අහසේ දුටු බවයි. ඒවගේම එම මෙහෙයුම නිමාවෙන තුරු එම යානාවන් ඔවුන්ව නිරීක්ෂණය කර තිබෙනවා.

නාසා ආයතනයේ තවත් හිටපු නිලධාරියෙක් වන Karl Wolfe මහතා පවසා සිටියේ, වරක් 1965 වර්ෂයේ පැවති චන්ද්‍ර මෙහෙයුමක් තුල රජාකාරී කටයුතු සිදුකරමින් සිටියදී, චන්ද්‍රයා මත පිහිටි පිටසක්වල මුලාස්තානයක චායාරූපයක් තමන් සියැසින්ම දුටු බවයි. එම චායාරූප වල හතු හැඩයේ ගොඩනැගිලි, ගෝලාකාර ඉදකිරීම් සහ කුළුණු කිහිපයක්ද සටහන්ව තිබුණු බව පැවසෙනවා. ඔහු පවසන්නේ පිටසක්වල ජීවීන් විසින් ඉදිකර තිබෙන එම ගොඩනැගිලි පිළිබඳව නාසා ආයතනය මහජනතාවගෙන් වසන් කරන බවයි.

මොරිස් ෂැටලන් මහතා විසින් රචිත Our Cosmic Ancestors ග්‍රන්ථය පිළිබඳව කතානොකරම බැහැ. ඔහු එම ග්‍රන්ථයට ඇපොලෝ මෙහෙයුම් වල ගුවන්විදුලි පණිවිඩ කිහිපයක්ම ඇතුලත් කර තිබෙනවා. ඒ අතර Apollo 11 මෙහෙයුමේ ගුවන්විදුලි සංවාදයන්ද අන්තර්ගතව තිබුනා. ඉන් එක් සංවාදයකට අනුව සඳ මත පාතැබූ නීල් ආම්ස්ට්‍රෝන් පිටසක්වල යානාවන් දෙකක් දැක තිබෙනවා. ඔහු එය මෙහෙයුම් පාලක මැදිරියට දැන්වූ පසුව, මෙහෙයුම් පාලක මැදිරියෙන් ඒ ගැන කිසිවෙකුට නොපවසන ලෙස පවසා තිබෙනවා.

1968 වර්ෂයේදී නාසා ආයතනය R-277 ලෙස හඳුන්වන විශේෂිත ලියවිල්ලක් ප්‍රකාශයට පත්කරා. එම ලියවිල්ලේ චන්ද්‍රයා මත දකින්නට ලැබුණු මව කියන අභිරහස් සිදුවීම් 9600ක් ලැයිස්තු ගතකර තිබෙනවා. එම ලියවිල්ලේ එක් තැනක 1958 වර්ෂයේදී චන්ද්‍රයාගේ සෝවියට් තාරකාවිද්‍යාඥයෙකු Alphonsus ආවාටය තුල Eruption එකක් සිදුවූ බව දැක තිබෙනවා. අදටත් එය විසඳාගත නොහැකි අභිරහසකි.

1977 වර්ෂයේදී ජෝජ් ලෙනාර්ඩ් මහතා චන්ද්‍රයා මත පියසටහන් දිස්වෙන චායාරූප කිහිපයක්ම ප්‍රචාරයට පත්කර තිබුනා. ඔහු පවසන්නේ ඒවා පිටසක්වල ජීවීන්ගෙන් ඇතිවූ පියසටහන් බවයි. එම ග්‍රන්ථයේ ටයිකෝ ආවාටයේ චායාරූප කිහිපයකුත් අන්තර්ගත කර තිබෙනවා. ඔහු පවසා පරිදි එය එය වැඩ බිමක් හෝ පිටසක්වල යානාවන් සැගවීමට ඉදිකරනු ලැබූ ස්ථානයක් විය යුතුයි.

ඉහත විස්තර කරනු ලැබූ සියලු තොරතුරු වලින් පවසන්නේ චන්ද්‍රයා මත ජීවයක් පවතින බවයි. නමුත් එම මතයන් සහ ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි මෙතෙක් විද්‍යාත්මකව සනාත කර නැහැ.

නාසා ආයතනය නම් පවසන්නේ නැවත මිනිසෙකු සඳ මතට රැගෙන යාමට අවශ්‍යතාවයක් මතු නොවූ බවයි. මොකද නාසා ආයතනය මේ වන විට චන්ද්‍රයාගෙන් ඔබ්බට ගිය මෙහෙයුම් ගණනාවකටම අතගසා තිබෙනවා. අගහරු මෙහෙයුම ඊට හොඳම උදාහරණයක්.

මිනිසා සඳ මතට රැගෙන ගිය ඇපොලෝ මෙහෙයුම සඳහා අද මුදල් වලින් ඩොලර් බිලියන 110ක් පමණ වැයවී තිබෙනවා. 2017 වර්ෂයේදී ඇමරිකානු අයවැයෙන් නාසා ආයතනයට වෙන් කර තිබුනේ ඇමරිකානු ඩොලර් බිලියන 19ක් පමණයි. එම නිසා සාධාරණ හේතුවක් නොමැතිව නැවතත් මිනිසෙකු සඳ මතට රැගෙන යාම කිසිම තේරුමක් නොමැති විශාල මුදල් නාස්තියක් බව ඔබට පෙනෙනවා ඇති.

ඒවගේම නාසා ආයතනය පවසා සිටින්නේ අපි නැවත වරක් වෙනත් ග්‍රහලෝකයකට ගමන් කරනවානම්, එහි අරමුණ වන්නේ කොඩියක් හෝ පාසටහනක් ඒ මත පිහිටුවන එක නොවෙන බවයි.

එකල සඳ මත පාතබන විට ඇමරිකාව සහ රුසියාව අතර තිබුනේ දේශපාලමනය තරගයක්. අන්න එම හේතුව නිසාම තමයි විශාල මුදලක් වියදම් කොට චන්ද්‍රයා මත කොඩියක් පමණක් සිටුවා නැවත පෘතුවියට පැමිණියේ. ඉතින් අද එවැනි තරගයක් නැහැ. එම නිසා නැවත තේරුමක් නොමැතිව මිනිසෙකු චන්ද්‍රයා වෙත රැගෙන යාමට ඔවුන් සුදානම් නැහැ. මොකද ඔවුන් මේ වන විට ගවේෂණය කරමින් සිටින්නේ අප සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙන් පිහිටි ගැඹුරු අභ්යවකාශයි.

නාසා ආයතනයේ මීලග චන්ද්‍ර මෙහෙයුම සඳ මත පාතබන එක නොවෙයි, 2050 පමණ වන විට ඒ මත මෙහෙයුම් මුලාස්තානයක් ඉදිකිරීමයි.

ඔබ සිතන විදියට නාසා ආයතනට නැවත චන්ද්‍රයා වෙත නොගියේ පිටසක්වල බලපෑමක් නිසාද ? එසේත් නොමැති නම් නාසා ආයතනය පැවසු පරිදි, එය තේරුමක් නැති දෙයක් නිසාද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!