ඩයනා කුමරියගේ මරණයේ අභිරහස!

1997 අගෝස්තු 30 වෙනිදා මෝටර් රථ අනතුරකින් ඩයනා කුමරිය මරණයට පත්වුනා. එම අවසනාවන්ත අනතුර සිදුවුනේ ප්‍රංශයේ පැරීසි නුවර පොන්ට් දෙල් අල්මා මාවත තුළදීයි.

මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයේ රියඳුරු හෙන්රි පෝල්ට එය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන්, එම අවස්තාවේදී මෝටර් රථය තුල ගමන් ගත් ඩයනා කුමරිය සහ ඇයගේ ආදරවන්තයා Dodi Fayed අවාසනාවන්ත ලෙස මරණයට පත්වුනා. මෙම අනතුර සිදුවුනේ පැරීසියේ පොන්ට් දෙල් අල්මා කියන උමන් මාර්ගයක් තුළයි.

බ්‍රිතාන්‍යය තුල පමණක් නොවෙයි, ඩයනා කුමරිය මුළු ලෝකයේම ජනතාවගේ හදවත් තුල ආදරය දිනාගත් කුමාරිකාවක්ව සිටි බව ඔබ දන්නවා ඇති. එම නිසා මුළු ලෝකයම එම අවාසනාවන්ත සිදුවීම මහත්සේ කම්පනයට පත්වුනා.

නමුත් විශේෂඥයින්, මාධ්‍යවේදීන් සහ ඩයනා කුමරියට සමීප හිතවතුන් පවසා සිටියේ, එය අනතුරක් නොව බ්‍රිතාන්‍ය බුද්ධිඅංශ වසින් සැලසුම් සහගතව සිදුකල සහාසික මිනීමැරුමක් බවයි.

නමුත් ඩයනා කුමරියගේ මරණය පිළිබඳව පර්යේෂණ පැවැත්වූ නිලධාරීන් නම් පවසා සිටියේ, එය ඝාතනයක් බවට සැකකළ හැකි කිසිම සාක්ෂියක් නොමැති බවයි. ඩයනා කුමරියගේ සහ dodi ගේ මරණයේ වගකීම ඔවුන් එහි රියඳුරු මත පැටවීමට කටයුතු කළා.

සිදුකරනු ලැබූ පර්යේෂණ වලදී රියඳුරු නියමිත ප්‍රමාණයට වඩා තුන්ගුනයකටත් වඩා වැඩියෙන් ඇල්කොහොල් පානය කර තිබෙන බව හෙළිවී තිබුනා. ඒවගේම ඔහු මෝටර් රථය ධාවනය කර තිබුනේ පැයට සැතපුම් 75ක් තරම් වේගයකින්. වාර්තා වෙන විදියට ඔහු එතරම් වේගයකින් මෝටර් රථය පදවා තිබුනේ ඔවුන් හඹා ආ පැපරාසීන්ගෙන් බේරී පලායාමටයි.

නමුත් මෝටර් රථයට ගොඩවීමට පෙර ආරක්‍ෂිත කැමරා වල සටහන්ව තිබු දර්ශන වලින් නම්, ඔහු සිහිසුන් නොමැති බවක් හෝ ඇල්කොහොල් වලින් මත්වී සිටින බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.

එම අනතුර සිදුවෙන අවස්තාවේදී ඩයනා කුමරිය Dodi Fayed නිසා ගැබ්ගෙන සිටි බවට මතයක් පැතිරගියා. Dodi ගේ පියා මොහොමඩ් අල් ෆයඩ් නම්වූ ඊජිප්තු ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු මාද්‍ය අමතා පවසා සිටියේ ඊජිතු මුස්ලිම් ජාතිකයෙක් රජ පවුලට ඇතුළු වීම වැලක්වීමේ අරමුණෙන්, බ්‍රිතාන්‍ය රජපවුලේ අනුදැනුම මත එම ඝාතනය සැලසුම් කල බවයි.

අල් ෆයඩ්ගේ එම සැකය සත්‍යයක් වෙන්නටත් පුළුවන්. මොකද බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් සිදුකරපු ප්‍රකාශයක් නිසා, ඔහුට වසරක සිරදඩුවම් නියම කිරීමට කටයුතු කර තිබුනා. ඊට හේතුව වුනේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ රහස්‍ය පනත උල්ලංඝනය වෙන පරිදි, ඩයනා කුමරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමයි. ඔහු එම ප්‍රකාශයෙන් පවසා සිටියේ ඩයනා කුමරියගේ මරණය හා සබැඳි වටිනා සාක්ෂි වසන් කිරීමට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සර්බියාවේ හිටපු ජනපතිගේ ඝාතනය කිරීමට දැරූ උපක්‍රමය සහ ඩයනා කුමරියගේ අනතුර සිදුවූ විදිය ඉතාමත්ම සමාන බවයි. ඔහුව ඝාතනය කිරීමට උත්සහ කර තිබුනේ ඇසින් දුටු සාක්ෂි කරුවන් අවම අඳුරු උමන් මාර්ගයක් තුලයි. ඔවුන්ගේ සැලසුම වුනේ Strobe lights ආලෝකයෙන් රියඳුරුගේ ඇස් අන්ධ කොට, ලිමෝසීන් රථය පාලනයෙන් තොර කොට බරපතල අනතුරක් නිර්මාණය කිරීමයි. එම ඝාතන සැලසුම සඳහාද බොහෝ දෙනෙක් සකකරේ බ්‍රිතාන්‍ය බුද්ධි අංශයයි.

ඉතින් මෙන්න මෙම ඝාතන උපක්රමයම අනුගමනය කරමින් , ඩයනා කුමරියගේ සහ Dodi ගේ මරණය සැලසුම් කරන්නට ඇති බවයි සැකපළකරන්නේ.

ඩයනා කුමරියගේ අනතුර ඇසින්දුටු සාක්ෂි කරුවෙකු පැවසු ප්‍රකාශයකින් එය වැඩිදුරටත් සනාත වෙනවා.ඔහු පවසා සිටියේ ඇස් නිලංකාර කිරීමට සමත් තීව්‍ර ආලෝකයක් උමං මාර්ගය තුලින් හිටි හැටියේම ජනිතවූ බවයි.

නමුත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා නම් එම ඇසින්දුටු සාක්ෂිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා.

ඇලන් පවර් මහතාත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කටයුතු කර තිබුනා. ඔහු පැවසුවේ අනතුර සටහන්ව තිබූ ආරක්‍ෂිත කැමරා සාක්ෂිය අතුරුදහන්ව ඇති බවයි. මොකද ඩයනා කුමරිය සහ ඔහුගේ ආදරවන්තයා ගමන් ගත මෝටර් රථය කැමරා දෙකක සටහන්විය යුතුව තිබුනත්, එම දර්ශන පර්යේෂණ සඳහා භාවිතා කර තිබුනේ නැහැ.

Dodi Fayed ගේ පියා නිර්භීතව තම සැකය මාධ්‍ය වෙත නිකුත් කරා. එනම් රජපවුලේ අනුදැනුම මත මෙම ඝාතනය සිදුකර බවයි.

අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නේ ඩයනා කුමරියගේ මරණය අදටත් අභිරහසක් බවයි.

ඔබ සිතන විදියට ඩයනා කුමරියගේ මරණය රියදුරුගේ නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක්ද ? එසේත් නොමැති නම් සැලසුම් සහගත ඝාතනයක්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!