අද උදාවුනේ 2018 වර්ෂය නොවෙයි, 1721 වර්ෂයයි!

අද 2018 වර්ෂයේ ජනවාරි මස පළමුවෙනිදා. මුළු ලෝකයම එසේ සිතුවත්, තාර්කික බුද්ධියක් ඇති අතලොස්සක් එය පිළිගන්නේ නැහැ. ඔවුන් පවසන්නේ අපි ජීවත් වන්නේ 21 වෙනි ශතවර්ෂයේ නොව 18 වෙනි ශතවර්ෂයේ බවයි.

එම තර්කමාත්‍රය මතුකලේ 1986 වර්ෂයේ විසු ජර්මන් ජාතික ඉතිහාසඥයෙක්. හෙරිබර්ට් ඉලිග් ලෙස හඳුන්වන එම ඉතිහාසඥයා විසින් ඉදිරිපත් කරපු එම න්‍යාය Phantom Time Hypothesis ලෙස හඳුන්වනවා.

එම න්‍යායට අනුව ක්‍රිස්තු වර්ෂ 614 සිට 911 දක්වාවූ කාලය ඇත්තටම ගතවුනේ නැහැ. ඉන් පවසන්නේ ඉතිහාසය විසින් අපිට පැවසූ පූර්ව මධ්යයතන යුගය තනිකරම බොරුවක් බවයි. එම නිසා ඔවුන් පවසන්නේ චාලමේන්ගේ සිට ඇල්ෆ්‍රඩ් ද ග්‍රේට් ගේ කාලය අතර සිදුවූ ඓතිහාසික සිදුවීම කවදාවත් සිදු නොවූ ඒවා හෝ, වෙනත් කාලයකදී සිදුවූ ඒවා විය හැකි බවයි.

එසේත් නොමැති නම් එකල විසු බලවත් පුද්ගලයින් විසින් එම සිදුවීම් සිතාමතාම එකතු කරනු ලැබූ ව්‍යාජ ඒවා වීමටද ඉඩ තිබෙන බවද ඔවුන් විශ්වාස කරනවා.

එය සත්‍යයක් නම් අද අපි ජීවත් වන්නේ 21 වෙනි ශතවර්ෂයේ නොව 18 වෙනි ශතවර්ෂය තුලයි.

මෙම න්‍යායට මුල්වූ ප්‍රධානම කරුණු අතරින් එකක් ලෙස ග්රෙගරියන් දින දර්ශකය හඳුන්වාදීමේ සිදුවීම හඳුන්වන්නට පුළුවන්. 13 වෙනි ග්‍රෙගරි පාප් තුමා විසින් ග්රෙගරි දින දර්ශකය හඳුන්වා දුන්නේ ක්‍රිස්තුවර්ෂ 1582 වර්ෂයදීයි. අද අපි භාවිතා කරන්නේද එම දින දර්ශකයමයි.

ග්‍රෙගරි දින දර්ශකය ජූලියන් දින දර්ශකයේ නවීකරණය කළ සංස්කරණයක් . එම ජූලියන් දින දර්ශකය නිර්මාණය වුනේ ක්‍රිස්තු පූර්ව 45 වර්ෂයේ. චන්ද්‍ර චක්‍රය මූලික කරගෙන නිර්මාණය කරපු එම දින දර්ශකය දෝෂ සහිත දින දර්ශකයක්. මොකද චන්ද්‍ර චක්‍රයේ දුර ප්‍රමාණය පිළිබඳව නිවැරදි දැනුමක් නොතිබුණු නිසා, එක් වර්ෂයක් මිනිත්තු 10.8කින් දිගුවී තිබුනා. මෙය සුළු වෙනසක්සේ දිස්වුනත් අවුරුදු ගණන වැඩිවෙනවාත් සමගම කාලය විශාල වශයෙන් එකතු වෙනවා.

1582 වර්ෂයේදී ග්‍රෙගරි දින දර්ශයක විසින් එම දෝෂය මගහැර අලුත් දින දර්ශකයක් ලෝකයට හඳුන්වාදුන්නා. ජූලියන් කැලන්ඩරයේ දෝෂය නිවැරදි කිරීමට ග්‍රෙගරි පාප් තුමා විසින් කැලැන්ඩර්ය දින 10කින් කෙටි කරා. නමුත් ජුලියන් දින දර්ශකය හඳුන්වාදුන් ක්‍රිස්තු පූර්ව 45 වර්ෂ සිට . එම දෝෂය පැවතියානම්, දින 13ක් අඩුකළ යුතුයි. මේ විදියට ගණන් බැලීමේදී අද අපි භාවිතා කරන ග්‍රෙගරි දින දර්ශකයෙන් වසර 300ක් කපා හැරීමට සිදුවෙනවා.

එසේ නම් අමතර වසර 300ක් අපේ දින දර්ශකයට එකතුවුනේ කෙසේද ? මධ්‍යතන යුගය හා සබැඳි ඇතැම් ඓතිහාසික සිදුවීම් ඇත්තටම සිදුවූ බව පිළිගැනීමට තරම් ප්‍රභල සාක්ෂි නැහැ. එම නිසා එම කාලය අතර තුර කිසිවෙකු සිතාමතාම වසර 300ක අමතර කාලයක් එකතු කල බව සිතන්නට පුළුවන්.

ෆැන්ටම් ටයිම් මතවාදීන් පවසන්නේ, පුරාන රෝමානු අධිරාජ්‍යය දෙකක් අතර පැවති කාලය අපි සිතුවාටත් වඩා ඉතාමත්ම කෙටි විය යුතු බවයි. ඔවුන් සැකපලකරන්නේ මධ්යයතන යුගයේ විසු තුන්වෙනි ඔටෝ රෝමානු අධිරාජ්‍යයා වාසය කලේ 7 වෙනි ශතවර්ෂයේ වුනත්, තමන් 10 වෙනි ශතවර්ශය තුලත්රෝමය පාලනය කල බව පෙන්වීමට සිතාමතාම වසර 300ක් දින දර්ශකයට එකතු කරන්නට ඇති බවයි.

එම වසර 300ක කාලය ගතවූ හැටි ව්‍යාජව මවා පෙන්වීමට එම රෝමානු අධිරාජ්‍යයාගේ අනින්, දෙවෙනි සිල්වෙස්ටර් පාප් තුමා ඉතිහාසය වෙනස් කර ඇතිබව ඔවුන් දැඩිව විශ්වාස කරනවා. එම නිසාම චාලිමැග්නේ ලෙස හඳුන්වන ප්‍රභන්ධ රජ චරිතයක් ඉතිහාස ලියකියවිලි වලට සිතාමතාම එකතු කරන්නට ඇති.

ඉතිහාසය වෙනස් කරන්නට ව්‍යාජ ලියකියවිලි සකස් කර තිබූ අවස්තාවන් කොතෙකුත් අතීතයෙන් වාර්තා වෙනවා. එම නිසා මෙය සත්‍යයක් වෙන්නට සුළු හෝ ඉඩකඩක් තිබෙනවා.

එම ෆැන්ටම් ටයිම් මතවාදය සත්‍යයක් නම් අද අපිට උදාවුනේ 2018 වර්ෂය නොවෙයි, 1721 වර්ෂයි.

ඔබ සිතන විදියට මෙම මතය සත්‍යයක් විය හැකිද? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!