අයින්ස්ටයින්ගේ මොලය අපේ මොලයට වඩා වෙනස්!

අයිස්න්ටයින් යනු ලොව ශ්‍රේෂ්ට බුද්ධිමතෙක් බව ලොව දන්නා කරුණක්. ඔහු සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල බුද්ධිමතෙක් වුනේ කෙසේද ? ඊට හේතුව කුමක්ද කියා අපි අද කතා කරමු.

අයිස්න්ටයින්ගේ මොලය ඔහු මියගොස් පැය 8කින් පමණ ඉවත් කරගෙන තිබුනා. ඉන්පසුව විද්‍යාඥයින් ඔහුගේ මොලය සුක්ෂම පරික්ෂාවකට ලක් කලේ, ඔහු මෙතරම් බුද්ධිමතෙක් වීමට හේතුව කුමක්ද යන්න පරික්ෂාකර බැලීමටයි. එම අධ්‍යයනයේ ප්‍රතිපල Brain ජර්නලයේ ප්‍රකාශයට පත්වුනා. අයිස්න්ටයින් මෙතරම් බුද්ධිමතෙකු වීමට හේතුව ඔවුන් සොයාගෙන තිබුනා. එම රහස සැගවී තිබුනේ ඔහුගේ මොලයේ Corpus Callosum කොටස තුලයි. Corpus Callosum යනු මිනිස් සිරුරේ වූ විශාලතම ස්නායු තන්තු පොදියයි. මොලයේ වම් සහ දකුණු කොටස අතර සන්නිවේදන කටයුතු සිදුකිරීම එහි ප්‍රධානම කාර්යයි.

ඔබ සිදුකරන දේවල් පාලනය වන්නේ මොලයේ විවිධවූ කොටස් වලින්. මොලයේ වම් සහ දකුණු පස පිහිටි එම ස්ථානයන් එක්ව කටයුතු කිරීමේදී, ඒවා හුවමාරු වන්නේ අපි ඉහත සඳහන් කරපු Corpus Callosum එක හරහායි.

අයින්ස්ටන්ගේ Corpus Callosum කොටසේ ස්නායු තන්තු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඉතාමත්ම ඝනකමකයි. එලෙස වැඩි ඝනකමකින් යුතුවී තිබුනේ මොලයේ ප්‍රධානම කොටස් 3ක් එකෙන්කට සම්බන්ධ කරන ස්නායු තන්තු කිහිපයක්. තීරණ ගැනීමේ හැකියාව පාලනය කරන Prefrontal Cortex කොටස, සන්නිවේදනයන් සහ motor function පාලනය කරන කොටස සහ පෙනීම පාලනය කරන visual cortex කොටස එම කොටස් 3යි. එම කොටස් අතරවූ වූ ඝනකම සම්බන්ධතාවයන් වල ප්‍රතිපලයක් ලෙස තමයි අයින්ස්ටයින් විශාල බුද්ධිමතෙක් වී තිබුනේ.

ඔබටත් අයින්ස්ටයින්ගේ වගේ මොලයක් ලබාගන්නට පුලුවන්ද ? මොලයේ ඇතැම් කොටස් වැඩිපුර භාවිතා වීමේදී ඒ අතරවූ සම්බන්ධතාවයන් ස්වභාවනම ඝනකම වෙනවා. අයින්ස්ටයින්ගේ වගේ මොලයක් ලබාගැනීමට නම් ඔබ කලයුතු වන්නේ අයින්ස්ටයින් වගේ සිතන්නට පුරුදු වෙන එකයි. Corpus Callosum කොටස නිරන්තරයෙන් සක්‍රීයව තබාගැනීම සහ, මොලයේ පැති දෙකම එකවර භාවිතා කිරීම වැනි ක්‍රියාකාරකම් වලදී අයින්ස්ටයින්ගේ වගේම ඔබේ මොලයේ සම්බන්දතාවයන් ඝනකම කරගන්නට ඔබට පුළුවන්.

සිදුකරනු ලැබූ අධ්‍යයනයන් ගණනාවකින්ම හෙළිවී තිබෙන පරිදි සංගීතඥයින් සමස්ත මොලයම වැඩිපුර භාවිතා කරන බව හෙළිවී තිබෙනවා. අයින්ස්ටයිනුත් දක්ෂ වයලීන් වාදකයෙක්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!