ඇපල් ආයතනය සමාව අයදියි, slow වුනු අයිෆෝන් වලට විශේෂ සහනයක්!

ඇපල් ආයතනය පැරණි අයිෆෝන් දුරකථන සිතාමතාම මන්දගාමී කිරීමට කටයුතු කළබව ඔබ දැනුවත් ඇති. ඊට හේතුව වුනේ අයිෆෝන් වල බැටරිය කාලයත් සමග ක්ෂයවී යෑම හේතුවෙන්, සකසනයට අවශ්‍ය වෙන බලය ප්‍රමාණවත් පරිදි සැපයීමට අපොහොසත්වීමයි. අපි විසින් මින්පෙර ඉදිරිපත් කරපු වීඩියෝව ඔබ නැරඹුවානම් සම්පූර්ණ විස්තරයම ඔබට දැනගන්නට පුළුවන්. එම නිසා මෙම වීඩියෝවෙන් ඒ පිළිබඳව වැඩිවිස්තර කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මේවන විට ඇපල් ආයතනය එම සිදුවීම සම්බන්දයෙන් අපහසුතාවයට පත්වූ පාරිභෝගිකයින්ගෙන් සමාව අයද සිටිනවා.

ඇපල් ආයතනය පවසා සිටින්නේ පැරණි අයිෆෝන් දුරකථන හිටිහැටියේම මන්දගාමී වීම සහ එහි ආයුකාලය වැඩිකිරීමට ගත් පියවර හේතුවෙන්, ලොවපුරා පාරිභෝගිකයින් විශාල පිරිසක් අද නඩු මගට පිවිස ඇතිබවයි.

ඇපල් ආයතනය සැමවිට පාරිභෝගිකයින් පළමුකොට සැලකූ ආයතනයක්, එම නිසා ඇපල් ආයතනය ඔබව නොසලකා හැරී බව සිතන්නට එපා. පැරණි අයිෆෝන් දුරකථන වල බැටරිය ප්‍රතිස්ථාපනය කිරීමට වැයවෙන මුදල විශාල වශයෙන් අඩුකිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. අලුත් බැටරිය ඔබේ පැරණි දුරකතනයට සවිකළ විට, පැරණි බැටරිය කෙතරම් ක්ෂවී තිබෙනවාද යන්න පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලබාගන්නට පුළුවන් වේවි. ඒ ඔබ දුටුවේ ඇපල් ආයතනය මාධ්‍යය වෙත නිදහස් කරතිබූ සුවිශේෂී ප්‍රකාශයි.

ඇපල් ආයතනය පාරිභෝගික භාණ්ඩ වල ආයු කාලය අඩුකිරීමට සිතාමතා කිසිවක් සිදුනොකරන බවත්, අලුත් නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝකයින්ට කිසි බලපෑමක්ද නොකරන බවත් වැඩිදුරටත් පවසා සිටියා.

වගකීම් කාලය ඉක්මවූ පැරණි අයිෆෝන් දුරකථන වල බැටරිය ප්‍රතිස්ථාපනය කිරීමට වැය වෙන මුදලෙන්, ඩොලර් 50ක් වැනි මුදලක් අඩු කිරීමට ඇපල් ආයතනය තීරණය කර තිබෙනවා. එම නිසා ඩොලර් 79ක් වැයවෙන සේවාව ඩොලර් 29ක් වැනි මුදලකට ලබාගන්නට පුළුවන්. නමුත් එය වලංගු වන්නේ 2018 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වායි. ඒවගේම එම පහසුකම ලබන්නේ අයිෆෝන් 6 සිට ඉහලට තිබෙන දුරකථන සඳහා පමණයි.

ඇපල් ආයතනය මෙය ගෝලීය මට්ටමෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් ඇමරිකාවෙන් පිටත රටවල් වල මිල කෙතරම් අඩුකර තිබෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

2018 වර්ෂයේ මුල් භාගය තුල විශේෂ මෘදුකාංග යාවත්කාලීන කිරීමක් මගින්, අයිෆෝන් බැටරියේ සෞඛ්‍යය තත්වය ප්‍රදර්ශනය කිරීමටද තීරණය කර තිබෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!