ලෝකයටම නොමිලේ විදුලි බලය සැපයීමට සමත්වූ මිනිසා

නිකොලො තෙස්ලා යනු තාක්ෂණික ක්ෂේත්‍රයේ ශ්‍රේෂ්ට බුද්ධිමතෙක් වගේම විශ්මිත නව නිපැයුම් කරුවෙක්. අද 21 වෙනි සියවස තුල අපි භාවිතා ජර්න AC විද්‍යුතය, ෆ්ලොරෝසන්ට් විදුලි බල්බ, දුරස්ථ පාලකයන් සහ තවත් බොහෝ දේ නිර්මාණය වුනේ ඔහුගේ දහඩිය මහන්සියෙන්.

නමුත් තෙස්ලාගේ ලොකුම සිහිනය වුනේ මුළු ලෝකයටම බලශක්තිය නොමිලේම සැපයීමයි. නමුත් ඔහුට මුල්‍යමය වශයෙන් අනුග්‍රහය දැක්වූ පුද්ගලයින් ඔවුන් දැක්වූ සහයෝගය හදිසියේම නතර කිරීම හේතුවෙන්, එම ව්‍යාපෘතිය අතරමග නතරකිරීමට සිදුවුනා. ඇමරිකාවේ බලවත් පුද්ගලයෙකු විසින් නොමිලේ බලශක්තිය සැපයීමේ එම මෙහෙයුම සිතාමතාම මර්දනය කළබව ඇතැමුන් විශ්වාස කරනවා.

පෘතුවියේ සහ සුර්යාගේ ස්වභාවික සම්පත් වල උපකාරයෙන්, නොමිලේම විද්‍යුතය නිපදවිය හැකි බව තෙස්ලා දැඩිව විශ්වාස කළා. තෙස්ලාගේ අදහස වුනේ පෘතුවියේ ස්වභාවික බලශක්තිය උකහා ගනිමින්, ඉන් විද්‍යුතය නිපදවා මුළු ලෝකයටම නොමිලේම සැපයීමටයි. එම බලශක්තිය රැහැන් රහිතව ලොව පුරා සම්ප්‍රේෂණය කළහැකි බව ඔහු ඇමරිකානු විදුලි ඉංජිනේරු විද්යායතනයට පැහැදිලිවම නිරූපණය කර පෙන්වීමට සමත්වුණා. ඔහු එය සිදුකලේ අදටත් විද්‍යාඥයින් මවිතයට පත්කිරීමට සමත්වූ තෙස්ලා දඟරයේ උපකාරයෙන්. සියලු දෙනා බලාසිටියදී ඔහු රැහැන් රහිතව ග්ලාස් ඩිස්චාර්ජ් ටිය්යුබ් දෙකක් දැල්වීමට සමත්වුනා.

නමුත් ඔහුගේ සැබෑම සිහිනය වුනේ එය මහා පරිමාණයෙන් ක්‍රියාවට නැංවීමටයි.

1901 වර්ෂයේදී අනුග්‍රාහකයින්ගේ දායකත්වයෙන් නිව්යෝක් නුවර වෝඩන්ක්ලිෆ් කුළුණ ඉදිකිරීම ඇරඹුනා. එය තෙස්ලා ටවර් යනුවෙන්ද හඳුන්වනවා. මීටර් 57ක් පමණ උස එම කුළුණ උඩ ටොන් 55ක් තරම් බර ලෝහ සන්නායක ගොලාර්ධයක් නිර්මාණය කර තිබුනා. ඒවගේම කුළුණ පාදමේ සිට පොලව තුලට අඩි 300ක් තරම් දිග ලෝහ දණ්ඩක්ද ඇතුළු කර තිබුනා. තෙස්ලාගේ විශ්වාසය වුනේ මෙම කුළුණ මගින් පෘතුවියේ ස්වභාවික බලශක්තිය නෙලාගත හැකිබවත්, ඉන්පසුව එය වායුගෝලය තුලට සම්ප්‍රේෂණය කළහැකි බවයි.

තෙස්ලා මේ සියලු දේවල් සිදුකරේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. ඔහුගේ ඒකායන අරමුණෙ වුනේ ගෝලීය මට්ටමෙන් ඉදිකරනු ලබන මෙම බලශක්ති ජාලය මගින්, සියලු ලෝකවාසීන්ට රැහැන් රහිත විදුලි බලය නොමිලේම සැපයීමටයි. එම රැහැන් රහිත බල ශක්ති ජාලයෙන් ලොවපුරා ඇති නිවෙස්, ව්‍යාපාර ආයතන ඒ වගේම නෞකාවන්ට පවා විදුලි බලය ලබාගන්නට පුළුවන්.

1901 වර්ෂයේදී එම කුළුණේ පළමු සඥා පරීක්ෂණය ඉතාමත්ම සාර්ථකව සිදුවුනා. එම නිසා මුළු ලෝකයටම නොමිලේම විදුලි බලය සැපයීම සිහිනය යතාර්තයක වෙන බවට කිසිවෙකුට සැකයක් තිබුනේ නැහැ. එම කුළුණ ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල්‍ය දායකත්වය සැපයුවේ JP මෝගන් මහතා විසින්. ඔහු තෙස්ලාට මුදලින් ඇමරිකානු ඩොලර් 15,000ක් වනි මුදලක් ලබාදී තිබුනා. ඔහු එම මුදල් ලබාදී තිබුනේ එම නිර්මාණයේ පේටන්ට් බලපත්‍රය සඳහා සියයට 51ක අයිතියක් බලාපොරොත්තුවෙන්.

නමුත් තෙස්ලාගේ සියලු බලාපොරොත්තු සුන්කරමින්, 1905 වර්ෂයේදී කුලුනේ වැඩකටයුතු අතරමග නතරවුනා. JP මෝගන් ඔහුගේ මුල්‍ය දායකත්වය සම්පූර්ණයෙන්ම නතරකලා. මෙතරම් යහපත් කාර්යයක් සඳහා ආධාර උපකාර කිරීම ඔහු හදිසියේම නතර කලේ ඇයි ?

එකල JP මෝගන් ලොව බලවත්ම පුද්ගලයෙක්ව සිටියා. ඇමරිකාවේ විදුලිබල සැපයුම සහ දුම්රිය කරමාන්තය පාලනය වුනේ ඔහුගේ අතින්. ඔහු සතුව ඇමරිකානු ඩොලර් මිලියන 68.3ක් තරම් වත්කමක් තිබුනා.

මෝගන් ත්සේලාගේ ව්‍යාපෘතියට අනුග්‍රහයක දැක්වුයේ එහි සැබෑම අරමුණ අත්ලාන්තික් ප්‍රදේශය තුල සන්නිවේදන කටයුතු වැඩිදියුණු කිරීම බව සිතු නිසාවෙනි. නමුත් තෙස්ලාගේ සැබෑම අරමුණ දැනගත් පසුව JP මෝගන් බියෙන් තැති ගත්තා කිව්වොත් නිවැරදියි. තෙස්ලාගේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට හැකිවුනොත්, ඔහුගේ කර්මානතයන්ට එය මරුපහරක් වෙන බව අවබෝධ වුනා. මොකද මෝගන් විශාල වශයෙන් මුදල් ඉපයීමට කටයුතු කරේ පොසිල ඉන්ධන කර්මාන්තයෙන්. ඔහු තෙස්ලාගේ ව්‍යාපෘතිය කඩාකප්පල් කරේ ඔහුගේ ආර්ථික ස්තාවරතාවය රැකගැනීමේ අරමුණෙන් බව කිසිම සැකයක් නැහැ.

මෝගන් විසින් මුදල් බලය භාවිතා කරමින් රජය සහ මාද්‍ය මෙහෙයවමින්, තෙස්ලාට වෙනත් අනුග්‍රාහකයෙකු සොයාගැනීමට නොහැකි වෙන තරනට වැඩකටයුතු සකස්කර තිබුනා.

අද බලශක්ති කර්මාන්තය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 6ක කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා. එම කර්මාන්තය මගින් ඔවුන් ඩොලර් බිලියන ගණනින් ලාභ උපයනවා. නමුත් තෙස්ලාගේ සිහිනය සැබෑ වුනානම් ඔබ භාවිතා කරන විදුලි බලට වෙනුවෙන්, කිසිවෙකුට මුදල් ගෙවීමට අවශ්‍ය වන්නේ නැහැ.

1943 වර්ෂයේදී තෙස්ලා මියගිය පසුව ඔහු මුළු ජීවිත කාලය පුරාවටම සිදුකරමින් සිටි දේවල් සහ ඔහුට අයිති සියලු දේවල් FBI ආයතනය විසින් අත්පත් කරගැනීමට කටයුතු කරා.

ඔවුන් එය සිදුකරේ යලි කිසම දිනක තෙස්ලාගේ අදහස ක්‍රියාවට නැංවීමට කිසිවෙකුට ඉඩ නොතැබීමටයි. JP මෝගන් වගේම අද ඇමරිකානු රජයත්, ඇමරිකානු කොටස් වෙළඳ පොළ අස්ථාවර වෙනවා දැකීමට කිසිසේත්ම සතුටු වන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ පොසිල ඉන්ධන ලොව ප්‍රධානම බලශක්ති ප්‍රභවය ලෙස බොහෝ කාලයක් පවත්වාගෙන යාමටයි. මොකද ඉන් ඔවුන්ට විශාල වශයෙන් ලාභ උපයන්නට පුළුවන්.

නමුත් මේ වන විට රුසියානු විද්‍යාඥයින් පිරිසක් ලෝක බලශක්ති අර්බුධය විසඳිමේ අරමුණෙන්, තෙස්ලාගේ free energy source ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආධාර එකතුකරමින් සිටිනවා. නමුත් ලෝක බලවතුන් සිටිනකන් එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ලැබේවිද කියන එක නම් විශාල ගැටළුවක්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!