අදටත් මුළු ලෝකයටම අභිරහසක් වූ බබුෂ්කා ලේඩිගේ අභිරහස!

1963 වර්ෂයේ නොවෙම්බර් 22වෙනිදා ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක්වුනා. ඝාතනය සිදුවෙන අවස්තාව්දී ජනපති මෝටර් රථ සංදර්ශනය නැරඹීමට දහස් ගණන් ජනයා එක්රොක්වී සිටියා.

නමුත් කිසිවෙකුත් නොසිතු අවස්තාවක නාඳුනන තුවක්කු කරකුවෙකුගේ වෙඩි උණ්ඩ දෙකක් ජනපතිගේ සිරුර පසාරු කරගෙන ගියා.

කලබලයට පත්වූ ජනයා ආරක්ෂාව පතා හිස්ලූලු අත දිවගියා. එම නිසා ජනපති ඝාතකයාව සොයාගැනීම FBI ආයතනයට අතිශය දුෂ්කර කාර්යයක් වුනා. නමුත් එක් අද්භූත කාන්තාවක් දෙස සැමගේ අවධානය යොමුවුනා. අනන්‍යතාවයක් තහවුරු කරගත නොහැකි එම කාන්තාව හැඳින්වුයේ, බබුෂ්කා ලේඩි යනුවෙනි. අද අපි ඔබව දැනුවත් කරන්නේ ලෝකයටම අභිරහසක්වූ එම කාන්තාව පිළිබඳවයි.

ජනපති ඝාතනයෙන් සමස්ත ඇමරිකාවම කම්පනයට පත්වෙමින් සිටින අතර තුර, FBI ආයතනය ඝාතකයාව සෙවීමේ මෙහෙයුම ආරම්භ කරා. එම විමර්ශන කටයුතු වල මුලිකත්වය ගෙන කටයුතු කරේ අර්ල් වොරන් මහතායි.

ජනපති ඝාතන අපරාධය විසඳිමට ඔවුන් සතුව තිබු එකම පිළිසරණ නම් චායාරූප සහ වීඩියෝ සාක්ෂි පමනයි. එම තොරතුරු පිරික්සීමේදී තමයි ඉහත සඳහන් කල සැක කටයුතු කාන්තාව වෙත අවධානය යොමුවුණේ. ජනපති මෝටර් රථ සංදර්ශනය දෙසට කැමරාවක් එල්ලකරගෙන සිටිය කාන්තාවක් චායාරූප කිහිපයකම පැහැදිලිවම සටහන් වී තිබුනා.

අදාළ සිදුවීමෙන් කලබලයට පත්ව මිනිසුන් හිස්ලුලු අත දිවයද්දී, ඇය ප්‍රධාන වීදිය තුල නිසොල්මන්ව සිටගෙන සියලු දේ පටිගත කරමින් සිටියා.

එම කාන්තාව බබුෂ්කා ලේඩි ලෙස හැඳින්වුයේ රුසියානු සළුවකින් හිස ආවරණය කරගෙන සිටි නිසාවෙනි. ඇයගේ කැමරාවේ ඝාතන සිදුවීමේ සියලු තොරතුරු අනිවාරයෙන්ම පැහැදිලිවම සටහන්ව තිබිය යුතුයි.

ඇත්තටම එම කාන්තාව කව්ද ? සියලු දෙනා කලබලයට පත්වුනත් ඇය එය කිසිම ගණනකට නොගෙන සිටියේ ඇයි ?

ඇය පිළිබඳව තොරතුරක් සෙවීමට FBI නියෝජිතයින් වසර ගණනාවක් වෙහෙසුනත්, 1970 වන තුරු කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.

1970 වර්ෂයේදී ගැරී ෂෝ මහතාට බෙවර්ලි ඔලිවර් නම්වූ කාන්තාවක් හමුවුනා. ඇය ඔහුට පවසා සිටියේ බබුෂ්කා ලේඩි තමන් බවයි.

ජනපති ඝාතනය සිදුවූ දිනයේදී FBI නියෝජිතයින් දෙදෙනෙක් පැමිණ ඇයගේ කැමරාව රැගෙන ගිය බවත්, ඉන් පසුව ඇයට එය ලැබුනේ නැති බවත් ඇය පවසා සිටියා.

ඔලිවර් විසින් සිදුකල මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් , ජනපති ඝාතනය පර්යේෂකයින් දැරුවේ වෙනස්ම මත දෙකක්. 1988 වර්ෂයේදී පිටවූ වාර්තාමය වැඩසටහනකින් ඔවුන් පවසා සිටියේ, අදාළ කාන්තාව අපරාධ මාෆියාවක් සමග සම්බන්ධයක් තිබෙන්න්නට ඇති බවයි. ඒ වගේම ඇය ජනපති ඝාතකයාව හමුවෙන්නට ඇති බවද ඔවුන් විශ්වාස කළා.

නමුත් 2007 වර්ෂයේදී තවත් පර්යේෂකයෙක් පවසා සිටියේ, තමන් බබුෂ්කා ලේඩි යනුවෙන් හඳුන්වාගත් කාන්තාවන් වංචනික කාන්තාවක් බවයි. ඉන් පසුව පර්යේෂකයින් විශාල පිරිසක් ඇය පවසන්නේ බොරුවක් බව එකහෙලා පවසා සිටියා.

බෙවර්ලි ඔලිවර්ගේ ප්‍රකාශයේ තිබු විශාලම ගැටලුව නම්, ඇය පවසා සිටියේ ඇය අදාළ සිදුවීම කැමරා කලේ යශිකා සුපර් 8 කැමරාවකින් බවයි. නමුත් එම කැමරා මොඩලය 1969 වන තුරු නිර්මාණය කර තිබුනේ නැහැ. ඉතින් ඇය 1963 වර්ෂයේ සිදුවූ සිදුවීමක්, 1969 වර්ෂයේදී එළිදැක්වූ කැමරාවකින් පටිගත කරන්නද ?

ඒවගේම විශේෂඥයින් විසින් සිදුකල විමර්ශන වලදී හෙළිවුණේ, චායාරූප වල පෙනී සිටි බබුෂ්කා ලේඩි කියන කාන්තාව මැදි වයසේ කාන්තාවක් විය යුතු බවයි. නමුත් තමුන් බබුෂ්කා ලේඩි යැයි පවසන කාන්තාවට ඒ වන විට වයස අවුරුදු 17ක් වත් විය යුතුයි. එම නිසා ඇය සිතාමතා බොරුකියු බව මනාව පැහැදිලි වුනා.

1994 වර්ෂයේදී ඇය විසින් එළිදැක්වූ ග්‍රන්ථයෙන් ඇය විශාල මුදලක් උපයන්නට ඇති. ඇය එම පොතට වස්තු විෂය කරගෙන තිබුනේ ජනපති ඝාතන අවස්තාවේදී ඇය ලැබූ අත්දැකීම් සමුදායයි.

ඉතින් බබුෂ්කා ලේඩිගේ අභිරහස මෙතෙක් විසඳි නැහැ. ඇතැම්විට අනාගතයටත් එය විසඳාගත නොහැකි අභිරහසක් වේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!