නත්තල හා සබැඳි අපූරු කරුණු 6ක්!

නත්තල සමරන සියලු කිතුනුවන්ට සුභම සුභ නත්තලක් වේවා. අද නත්තල් නිසා නත්තල හා සම්බන්ධ වීඩියෝ එකක් ඔබ වෙත ගෙනඒමට අපි තීරණය කරා. මෙම වීඩියෝ එකෙන් අපි ඔබව දැනුවත් කරන්නේ නත්තල පිළිබඳව ඔබ නොදත් කරුණු කිහිපයක් පිළිබඳවයි.

1. නත්තල් දවසේ සිදුකල පලායාමේ මෙහෙයුම

දෙවෙනි ලෝක යුධ සමයේදී ජර්මනියේ හමුදා කඳවුරු වල සිරකරුවන් දහස් ගණනක් රඳවා සිටියා. නත්තල වැනි විශේෂ දවසක සිරකරුවන්ගේ නමට පැමිණෙන දේවල් බාරගැනීමට සිරකරුවන්ට විශේෂ අවසරයක් ලැබී තිබුනා. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බ්‍රිතාන්‍යය සහ ඇමරිකානු බුද්ධි කාර්යාංශයන්, කාඩ් නිෂ්පාදන ආයතනයක් හා එක්ව සුවිශේෂී මෙහෙයුමක් සංවිධානය කරා.

එනම් එම කාඩ් කූට්ටම තුල රහසිගත සිතියමක් නිර්මාණය කොට ඔවුන්ගේ අතට පත්වීමට සැලැස්වීමයි. එම සිතියම මගින් ඔවුන්ට සිරකඳවුරෙන් පැනයා හැකි පාර පිළිබඳව මගපෙන්වා තිබුනා. එම කාඩ් වතුරෙන් පෙගවූ පසුව එහි වූ කඩදාසි ස්තරය දෙකට වෙන් කරන්නට පුළුවන්. එම අභ්‍යන්තරයේ වූ කඩදාසි ස්තරය තුල තමයි සිතියම නිර්මාණය කර තිබුනේ. එම මෙහෙයුම කෙතරම් රහසිගතද යත්, ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනගත්තේ වසර ගණනාවක් ගිය පසුවයි. එම නිසා එම මෙහෙයුමේ උපකාරයෙන් එම ජර්මන් සිරකඳවුර තුල රඳවාගෙන සිටි සිරකරුවන් 250,000 අතරින් කී දෙනෙක් පැනගියාද කියන්න නම් අප දන්නේ නැහැ.

2. ලොව පුරා නත්තල්

එක් එක් රටවල් වලට අවෙනිකවූ සුවිශේෂී නත්තල් සම්ප්‍රදායන් තිබෙනවා. උදාහරණයක් විදියට අයිස්ලන්තයේ නත්තල් චරිතය අපි දකින නත්තල් සීයාට වඩා හාත්පස වෙනස්. ග්‍රීලා ලෙස හඳුන්වන එම නත්තල් චරිතයෙන් පිළිඹිඹු වන්නේ භයානක පෙනුමක් ඇති වයසක අම්මා කෙනෙකුගේ ප්‍රතිරූපයක්. ඇය නරක ළමයින් පැහැරගෙන පිස අනුභව කරන බව පැවසෙනවා.

ජපානය තුලත් ඉතාමත්ම අමුතු නත්තල් සම්ප්‍රදායක් තිබෙනවා. ජපානය යනු නත්තල ලොකුවට සමරපු රටක් නොවෙයි. නමුත් KFC ආයතනය ජාපනයේ සියලු උත්සව අවස්තාවන් සඳහා සුවිශේෂී අනුග්‍රහයක් දැක්වීමට කටයුතු කරා. අද ජපානයේ නිවෙස් මිලියන 3.6ක් නත්තල් භෝජනය විදියට KFC ආහාර රසවිඳින බව වාර්තා වෙනවා.

3. නත්තල් සීයාගේ රතු ඇඳුම කොකාකෝලා ආයතනයේ නිර්මාණයක්.

සැන්ටා ක්ලෝස් ලෙස හඳුන්වන සැබෑම නත්තල් සීයා යනු රතු, සුදු, කහ, නිල සහ කොළ වැනි නොයෙකුත් වර්ණවලින් යුත් ඇඳුම් පැළඳි අයෙක්. නමුත් අද අපි දකින සෑම නත්තල් සීයා කෙනෙක්ගෙම ඇඳුම රතු පැහැයක් ගෙන තිබෙන්නේ ඇයි. එම රතු ඇඳුම මෙතරම් ජනප්‍රිය වුනේ කොකා කොලා ආයතනය 1930 දශකයේදී නිර්මාණය කරපු වෙළඳ දැන්වීමක ප්‍රතිපලයක් ලෙසයි. නමුත් එය බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

4. සැබෑම නත්තල දෙසැම්බර් 25 වෙනිදාද ?

කිතුනු බැතිමතුන් නත්තල විදියට සමරන්නේ ජේසු තුමන්ගේ උත්පත්තියයි. නමුත් ජේසු තුමන් දෙසැම්බර් 25 වෙනිදා උපතලද බව බයිබලයේ කිසිම තැනක සඳහන් කර නැහැ. බොහොමයක් වූ ඉතිහාසඥන් විශ්වාස කරන්නේ ජේසු තුමන් උපත ලැබුවේ වසන්තකාලයෙදී බවයි. ක්‍රිස්තුවර්ෂ තුන්වෙනි ශතවර්ෂය වන තුරු නත්තල සඳහා සුවිශේෂී දිනයක් වෙන්කරගෙන තිබුනේ නැහැ.

5. ක්‍රිස්මස් මෙහෙයුම

1964 වර්ෂයේදී කොලොම්බියානු රජය සහ ගරිල්ලා කණ්ඩායම් අතර යුද්ධයක් ඇතිවුනා 2010 වර්ෂයේදී කොලොම්බියා රජය ගරිල්ලා සටන් කරුවන් යුධ ක්‍රියාකාරකම් කම් වලින් ඈතකිරීමට සුවිශේෂී මෙහෙයුමක් සංවිධානය කළා. එම මෙහෙයුම හැඳින්වූයේ Christmas Operation ලෙසයි. විදිපුරා අලංකාරවත් නත්තල් ගස් සිටුවමින් රජය සටන් කරුවන්ට දුන් පණිවිඩය නම්, නත්තලට කැලෑවට පැමිණීමට හැකිවුනානම් ඇයි ඔබට නිවසට පැමිණීමට බැරි යන්නයි. විශ්වාස කරන්න, එම නත්තල් පණිවිඩය සිතට තදින් කාවැදුණු ගරිල්ලා සටන් කරුවන් සිය ගණනක් සටන් කිරීම පසෙකලා නත්තලට නිවසට ගොස් තිබුනා.

6. හිට්ලර් විසින් සොරකම් කරපු නත්තල

හිට්ලර්ගේ නාසි හමුදාවට නත්තල විශාල බාදාවක් වුනා. එම නිසා නත්තලට ලබාදී තිබු ආගමික මුහුණුවර ඉවත්කිරීමට ඔවුන් කටයුතු කළා. ඔවුන් පවසා සිටියේ ජේසු තුමන්ගේ උපත සහ නත්තල් දිනය අතර කිසිම සම්බන්ධයක් නොමැති බවයි. ඉන් අර්ථවත් වන්නේ ශීත රිතුව සහ සුර්යාගේ නැවත උත්පත්තිය බවයි. නාසි ලාංචනය වන ස්වස්තිකා ලාංචනයෙන්ද අර්ථවත් වන්නේ එයයි. එම නිසා නත්තල් සැරසිලි තුලට නාසි ලාංචනය රිංගවීමටද ඔවුන් කටයුතු කළා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!