ටුටන්කාමන් රජුගේ පිටසක්වල කිණිස්ස.

1920 දශකයේදී ටූටන්කාමන් රජුගේ මමිකරණය කරනලද සිරුර හමුවී තිබුනා. එය හමුවී තිබුනේ ටූටන්කාමන් රජුගේ ශාපලත් සොහොන් කුටිය තුලින්. එය ශාපලත් බව පවසන්නේ ඇයිද කියා අපි පසුවට කතා කරමු. එම සොහොන් කුටිය තුල වටිනා කියන දේවල් බොහෝ ප්‍රමාණයක් නිධන් කරතිබූ බව පැවසෙනවා. ඒ අතර කුඩා කිණිසි දෙකක්ද තිබුනා. එය හමුවී තිබුනේ මමිය ඔතා තිබු රෙදි පොටවල් තුල සගවා තිබියදීයි. එම කිනිසි දෙකෙන් එකක් සදා තිබුනේ රත්‍රන් වලින්. විශ්වාස කරන්න, අනෙක් කිණිස්ස නිර්මාණය කර තිබුනේ අප පෘතුවියට පිටස්තර දෙයක් මගින්.

සෙන්ටිමීටර් 34ක් දිග එම කිණිස්සේ හැඩලය රත්‍රන් වලින් වැඩදැමු එකක්. ඒවගේම එහි කෙලවරට පලිගු කුදුම්බියක් සවිකර තිබෙනවා. බැලු බැල්මට යකඩ වලින් ඉදිකර තිබෙන බව පෙනෙන එම කිණිස්ස හමුවී තිබුනේ රත්‍රන් වලින් සාදනු ලැබූ කිනිස්සක බහා තිබියදීයි.

මෙම කිණිස්ස වෙත විද්‍යාඥයින්ගේ වැඩි අවදානයක් යොමිවීමට හේතුව නම්, එම කාලයේදී යකඩ ඉතාමත්ව දුර්ලභව පැවතීමයි. එම කාලයේදී රත්‍රන් වලට වඩා වැඩි වටිනාකමක් යකඩ වලට තිබුනා.

පර්යේෂකයින් පවසන්නේ මෙම කිණිසි තලය සහ පුරාන ඊජිප්තුවෙන් හමුවූ වෙනත් යකඩ භාණ්ඩයන්, උල්කාෂ්ම වලින් සාදන්නට ඇති බවයි. මොකද ඊජිප්තුවේ පෞරාණික රූපාක්ෂර වල අහසෙන් ලැබුණු බව කියන ලෝහ විශේෂයක් ගැන සඳහන් කර තිබෙනවා.

මෑතකදී ඉතාලියේ සහ ඊජිප්තුවේ විද්‍යාඥයින් එම වටිනා කෞතුක භාණ්ඩයට හානි නොවෙන පරිදි එය පරික්ෂා කිරීමට කටයුතු කළා. එම විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වන්නේ X-Ray fluorescense spectroscopy යනුවෙනි. එම පර්යේෂණයේ තොරතුරු උල්කාෂ්ම සහ ග්‍රහතාරකා පිලිබඳ ජර්නලයේ ප්‍රකාශට පත්වුනා.

ටූටන්කාමන් රජුගේ එම කිණිස්ස නිපදවා තිබුනේ යකඩ, නිකල් සහ කොබෝල්ට් වලින්. ඉන් අදහස් කරන්නේ ඊට උල්කාෂ්ම සම්භවයක් ඇති බවයි. එය පෘතුවියෙන් හමුවූ උල්කාෂ්ම වල සංයුතියට හාත්පස සමානයි.

13 වෙනි ශතවර්යේශේ විසු පුරාන ඊජ්ප්තු වැසියන් සහ වෙනත් පෞරාණික මිනිසුන්, අහසෙන් මෙවැනි පාෂාණ කැබලි පොලවට ඇදවැටෙන බව දැනසිටි බවට සාක්ෂි හමුවී තිබෙනවා. එකල මෙම උල්කාෂ්ම පාෂාණ වලට ඉහල ඉල්ලුමක් සහ වටිනාකමක්ද පවතින්නට ඇති.

ටූටන්කාමන් රජුගේ සොහොන් කුටිය ශාපලත් බව පැවසුවේ ඇයිද කියා ඔබ තුල දැඩි කුතුහලයක් පවතින්නට ඇති. එම සොහොන් කුටියේ කැනීම් කටයුතු සිදුකල ජෝජ් හර්බට් වසරකින් පසුව මදුරු දෂ්ටනයකින් මරණයට පත්වුනා. ඔහු මියගොස් තිබුනේ එම මදුරු දෂ්ටනය මාරාන්තික ලෙස ආසාදනයට ලක්වීම නිසාවෙනි. ඒවගේම එම කැනීම් කණ්ඩායමේ තවත් සාමාජිකයෙක් ආසනික විෂ වීම නිසා මරණයට පත්වුනා. එපමණක් නොවෙයි, ටූටන්කාමන් රජුගේ මමිය එක්ස් කිරණ පරික්ෂාවට ලක්කළ රසායනවේදියාද අභිරහස් රෝගයකින් මරණයට පත්වුනා. එම කැනීම් කටයුතු වලට සමබන්ධවූ පුද්ගලයින් 10 දෙනෙක් මරණයට පත්වී තිබෙනවා.

ඉතින් මෙම මෙම හේතුව නිසා තමයි එම සොහොන් කුටිය ශාපලත් බව පවසන්නේ. ඔබ සිතන විදියට මෙය ශාපයක් නිසා සිදුවූ දෙයක්ද? එසේත් නොමැති නම් සාමාන්‍ය දෙයක්ද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!