2017 වර්ෂයේදී සිදුවූ විශාලතම අභිරහස් කිහිපය මෙන්න!

අපි ජීවත් වන ලෝකය විස්තරකරගත නොහැකි අභිරහස් වලින් පිරී පවතිනවා. එවැනිම සිදුවීම් කිහිපයක් 2017 වර්ෂයේදීත් සිදුවූ බව ඔබ දන්නවාද ? අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව කතා කරමු.

නාසා ආයතනය පිටසක්වල ජීවය පිලිබඳ වූ සාක්ෂි වසන් කරන බවට ප්‍රභල චෝදනාවක් පවතිනවා. 2017 වර්ෂයේදීත් එවැනිම චෝදනාවක් නාසා ආයතනට එල්ල වුනා. එනම් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සිදුකරනු ලැබූ සජීවී විකාෂණයන්ට සිතාමතාම බාදා කිරීම සම්බන්ධයෙනි. 2017 වර්ෂයේ ජනවාරි මස නාසා ආයතනය සජීවී විකාශනය හදිසියේම නතරකර දැමුවා. ඔවුන් එම විකාශය නරත කර තිබුනේ අභ්‍යවකාශය තුල හඳුනා නොගත් පියාසර වස්තුවක් දර්ශනයවීමත් සමගයි. ඒවගේම පෙබරවාරී මාසයේදී හඳුනා නොගත් පියාසර වස්තූන් සමුහයක් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසලින් පියාසර කරන හැටි කැමරාවේ සටහන් වුනා. ඒ සමගම සජීවී දර්ශන අඳුරු කල බවට නාසා ආයතනය චෝදනාවක් එල්ලවුනා.

නමුත් නාසා ආයතනය පවසා සිටියේ එවැනි කිසිම පියාසර වස්තුවක් දර්ශනය නොවූ බවත්, සජීවී විකාශනයට බාදා සිදුවුනේ තාක්ෂණික දෝෂයක් නිසා බවයි. නමුත් හඳුනා නොගත් වස්තූන් කැමරාවේ සටහන් වෙනවාත් සමගම තාක්ෂණික දෝෂයක් පැනනැගීම අහම්බයක් නම් වෙන්නට බැහැ නේද ?

ඇතැමුන් පවසන්නේ එම සජීවී විකාශනයන් වල සටහන් වී තිබුනේ පිටසක්වල ජීවීන් පිළිබඳ ප්‍රභල සාක්ෂි රැසක් බවයි.

මීළඟ අභිරහස නම් යුරෝපය තුල හදිසියේම විකිරණ මට්ටම ඉහල යාමයි. අප අවට පරිසරයේ විකිරණශීලීත්වය හදිසියේම ඉහල ගියොත්, එය ස්වභාවික සිදුවීමක් නිසා හෝ න්‍යෂ්ටික ක්‍රියාකාරකමක ප්‍රතිපලයක් විය හැකි බව අනුමාන කරන්නට පුළුවන්.

නමුත් 2017 වර්ෂයේදී යුරෝපය පුරාම නොයෙකුත් තැන් වල විකිරණශීලීත්වය හදිසියේම වැඩිවී තිබුනා. එවැන්නක් සිදුවීමට හේතුව කුමක්ද කියන්න කිසිවෙකු දැන සිටියේ නැහැ. සිදුකරනු ලැබූ පර්යේෂණ වලදී Ruthenium 106 ලෙස හඳුන්වන විකිරණශීලී ද්‍රව්‍යය සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකිවුනා. ජර්මනිය, ඔස්ට්‍රියාව, ප්‍රංශය, ඉතාලිය සහ ස්විස්ටර්ලන්තය තුල එම විකිරණශීලී සමස්තානික අගය ඉහල මට්ටමක පැවතියා. එම කලාපයේ විශේෂඥයින් සැක පලකරේ මෙය නැගෙනහිර යුරෝපියානු කලාපය තුලින් ඇතිවූවක් බවයි. එම නිසා බොහෝ දෙනෙක් සිතුවේ රුසියාවේ රහසිගත න්‍යෂ්ටික ක්‍රියාවලියක ප්‍රතිපලයක් නිසා මෙය සිදුවෙන්නට ඇති බවයි.

නමුත් මෙම Ruthenium 106 රසායනිකය පිළිකා ප්‍රතිකාර සඳහාද භාවිතා වෙනවා. එම නිසා මෙය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් සිදුවූ අත්වැරැද්දක් නිසා සිදුවූවක් වෙන්නටත් පුළුවන්. නමුත් ඒ සඳහා සැබෑම හේතුව කුමක්ද යන්න කිසිවෙකු දන්නේ නැහැ.

හඳුනා නොගත් පියාසර වස්තූන් දුටු බව පවසන සිදුවීම් අනන්තවත් තිබෙනවා. නමුත් සාගරය තුලින් හදිසියේම මතුවුණු බව කියන විශාල යානාවක් පිලිබඳ පුවතක් 2017 වර්ෂයේදී වාර්තා වුනා. එය දැක තිබුනේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවෙක් සහ ඔහුගේ කණ්ඩායම විසින්. ඔවුන් පවසා සිටින්නේ හඳුනාන් නොගත් වස්තුවක් හදිසියේම සාගරය තුලින් උඩට මතුවී හිටි හැටියේම පියාසර කල බවයි. එය සිදුවී තිබුනේ මෙක්සිකෝ ගල්ෆ් තීරය තුලයි. Mutual UFO Network සංවිධානය පවසන පරිදි, එම ඉංජිනේරු වරයා එය වාර්තා කර තිබුනේ මාර්තු 21 වෙනිදායි. ඔහු වැඩිදුරටත් විස්තර කර තිබුනේ අඳුරු හැඩයකි යුත් එම ඕවලාකාර වස්තුව අඩි 1,200ක් තරම් විශාල බවයි. ඒවගේම එය සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට වඩා 5ස් ගුණයක් විශාල බවද පවසා තිබුනා. නිහඬව සාගරය තුලින් ඉහලට එසවුණු එම වස්තුව හදිසියේම ඉහල අහසට පියාසර කොට අතුරුදහන්වී ගොස් තිබෙනවා.

මෙම සිදුවීම සිදුවෙන විට තෙල් නැවක් ඒ අසල තිබු බවද ඔහු පවසා සිටියා. එම නිසා එම සිදුවීම දුටුවේ තමන් සහ තම කාර්යමණ්ඩලයේ අය පමණක් නොවෙන බවයි ඔහු පවසා සිටින්නේ.

2017 වර්ෂය විස්තර කරගත නොහැකි අභිරහස් වලින් පිරී පැවති වර්ෂයක්. පෘතුවියේ නොයෙකුත් ස්ථානයන් වලින් ඇසුණු බව කියන අබිරහස් දෝංකාර ශබ්දය හොඳම උදාහරණයකි. මෙය සාමාන්‍ය ශබ්දයක් නම් ලොවපුරා රටවල් වල මිනිසුන් නිකරුනේ කලබලයට පත්වෙන්නේ නැහැ. එය අධික ශබ්දයකින් යුත් ගුප්ත බවක් ගැබ්ව තිබු දෝංකාර ශබ්දයක්. ලොව කිහිප ඇසුණු එම දෝංකාර ශබ්දය එක සමාන බවකින් යුතුවූ අතර, එම ශබ්දය ඇතිවුනේ කෙසේද යන්න කිසිවෙක් දන්නේ නැහැ. විශ්වාස කරන්න, පෘතුවියේ ස්ථාන 60කින් පමණ එම ශබ්දය එකම විදියට ඇසී තිබුනා. විශේෂඥයින් සැක පළකරන්නේ එය සුපර්සොනික් ගුවන් යානයකින් හෝ වායුගෝලය තුල සිදුවූ උල්කාපාත පිපුරුමක් නිසා ඇතිවුණු ශබ්දයක් බවයි. ඇමරිකාව තුල වගේම බ්‍රිතාන්‍යයේ නොයෙකුත් ස්ථානයන් වලින්ද එම ශබ්දය ඇසී තිබුනා.

අවසන් වතාවට එය සිදුවී තිබුනේ නොවෙම්බර් 20 වෙනිදා ඇලබාමා වලයි. ප්‍රදේශවාසී පවසන්නේ එම ශබ්දය කෙතරම් ප්‍රභලද යත්, නිවෙස් පවා සෙලවුණු බවයි.

එවැන්නක් සිදුවුනේ කෙසේද යන්න නිවැරදිව පැවසීමට කිසිවෙකු සමත් වී නැහැ. එම නිසා එය විස්තරකල නොහැකි සංසිද්ධියක් සේ සලකනවා.

ඉතින් ඒ ඔබ දුටුවේ 2017 වර්ෂයේදී සිදුවූ විශාලතම අභිරහස් කිහිපයයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!