ලොව වටිනාම අමුද්‍රව්‍යය මෙන්න, ග්රෑම් එකක් ඩොලර් බිලියන 24යි.

මිහිමත ඇති වටිනාම අමුද්‍රව්‍ය කියූ සැනින් පළමුව ඔබේ සිතට නැගුනු දෙය රත්‍රන් වෙන්නට ඇති. නමුත් රත්‍රන් ග්රෑම් එකක වටිනාකම ඩොලර් 56යි. රත්‍රන් වලට වඩා වටිනා අමුද්‍රව්‍ය ඕනෑතරම තිබෙනවා.

හෙරොයින්, කොකේන් සහ LSD වැනි මත්ද්‍රව්‍ය උදාහරණයක් විදියට ගත්තොත්, එහි ග්රෑම් එකක වටිනාකම රත්‍රන් වලට වඩා වැඩියි. දියමන්ති ගැන කතා කරොත් එහි වෙළඳ පොළ අගය ග්රෑම් ඒකකට ඩොලර් 60,000ක් පමණ වෙනවා.

මතක තබාගන්න, අද නුතන මිනිසා විසින් හඳුනාගෙන තිබෙන වටිනාම අමුද්‍රව්‍ය Antimatter ලෙස හඳුන්වන්නට පුළුවන්. එය ප්‍රතිපදාර්ථ ලෙසද හඳුන්වනවා.

ඇත්තටම මොකක්ද මේ ප්‍රතිපදාර්ථයක් කියන්නේ ? අද අපි ඒ ගැන කතා කරමු.

ඉතාමත්ම සරලව කිව්වොත් ප්‍රතිපදාර්ථයක් යනු සාමාන්‍ය පදාර්ථයක ප්‍රතිවිරුද්ධ දෙයයි. පදාර්ථයක් වගේම ප්‍රති පදාර්ථයත් සෑදී තිබෙන්නේ අනු සහ පරමාණු වලින්. එහි ඇති එකම වෙනස නම් ඒ සතුව ඇත්තේ එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ ආරෝපන ගුණයක්.

ප්‍රතිපදාර්තයක ප්‍රෝටෝන වල රින ආරෝපනයක් ඇතිනිසා එය anti-protons ලෙස හඳුන්වනවා. ඒවගේම ප්‍රතිපදාර්තයක වූ ඉලෙක්ට්‍රෝනය ධන ආරෝපනයක් පෙන්වන නිසා එය Positron ලෙස හඳුන්වනවා.

ප්‍රතිපදාර්ථයක් සහ පදාර්ථයක් එකිනෙකා ස්පර්ශවුනොත් ඒ ක්ෂණිකවම 100% ක් තරම් ශක්තියක් නිදහස් කරමින් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා. ප්‍රතිපදාර්ථ මෙතරම ප්‍රයෝජනවත් වීමට සහ වටිනාකම වැඩිවීමට හේතුව ඉන් පිටවෙන 100% ක් තරම් කාර්යක්ෂම ශක්ති සමුදායයි.

අද පවතින ඉතාමත්ම කාර්යක්ෂම න්‍යෂ්ටික අවිය උදාහරණයක් විදියට ගත්තොත්, ඊට හැකියාව තිබෙන්නේ එහි ස්කන්ධයෙන් සියයට 7ක් හෝ 10ක් වැනි කොටසක් ශක්තිය බවට පත්කිරීමට පමණයි. නමුත් ප්‍රතිපදාර්ථ සහ පදාර්ථ ඝට්ටනයකදී එහි ස්කන්ධයෙන් 100% තරම් ප්‍රතිශතයක් ශක්තිය බවට පරිවර්තනය වෙනවා.

ප්‍රතිපදාර්ථ ග්රෑම් එකක් තරම් ප්‍රමාණයක් එකතු කරගෙන එය බිමහෙලීමට හැකිවුනොත්, ඒ විසින් හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ දෙකට වඩා විශාලා පිපුරුමක් සිදුවෙනවා. එම පිපුරුම මගින් සම්පූර්ණ නගරයක්ම වුනත් අළු දුහුවිලි බවට පත්කරන්නට පුළුවන්.

අද අපි භාවිතා කරන කුඩා වෙඩි උණ්ඩයකට ප්‍රතිපදාර්ථ ග්රෑම් එකකින් බිලියනයකින් පංගුවක් එකතු කොට වෙඩි තිබ්බොත්, යුධ ටැංකියක් හෝ සම්පූර්ණ නිවසකම උනත් ක්ෂණිකව විනාශ කර දමන්නට පුළුවන්.

හමුදාමය කටයුතු හැරුණු කොට ප්‍රතිපදාර්ථ වලින් ලබාගත හැකි තවත් බොහෝ ප්‍රයෝජන තිබෙනවා. නොයෙකුත් පිළිකා තත්වයන් සුවකිරීමට සමත් හැකියාවක් anti-protons වලට ඇතිබව පෙනීගොස් තිබෙන අතර, අන්තර් තාරකා අතර සංචාරය කිරීම සඳහාවූ ඉන්ධනයක් ලෙසද ප්‍රතිපදාර්ථ භාවිතා කරන්නට පුළුවන්.

ප්‍රතිපදාර්ථ වලින් බලගැන්වෙන රොකට් එකක් නිර්මාණය කරොත් ආලෝකයේ වේගයට 50%ක් තරම් වේගයකින් ගමන් කරන්නට පුළුවන්. එම වේගයෙන් ගමන් කරොත් පෘතුවියට ආසන්නම තාරකාවට වසර දෙකකින් ගමන් කරන්නට හැකියාව තිබෙනවා.

මෙතරම් විශ්මිත දේ සිදුකළහැකි ප්‍රතිපදාර්ථ නිෂ්පාදනය කිරීමට මිනිසා මේවනතුරු කටයුතු කර නැත්තේ ඇයි ? ඊට හේතුව නම් ප්‍රතිපදාර්තයන් ඉතාමත්ම දුර්ලභයි. ඒවගේම එය නිෂ්පාදනය කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවෙන අතර එය ඉතාමත්ම දුෂ්කර කාර්යයක්.

පෘතුවියේ පිටත වායුගෝලය තුල ස්වාභාවිකවම ප්‍රතිපදාර්තනයන් නිෂ්පාදනය වෙනවා. නමුත් එලෙස නිපදවෙන ප්‍රතිපදාර්ථයන් ඉතාමත්ම සීමිතයි. ඒවගේම එම ප්‍රතිපදාර්තයන් පවතින්නේ ඉතාමත්ම සුළු වෙලාවක් පමණයි.

එමනිසා මිනිසටම ප්‍රතිපදාර්ථ නිෂ්පාදනය කරගැනීමට සිදුවෙනවා. නමුත් කෘතීමව ප්‍රතිපදාර්ථ නිෂ්පාදනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වන අතර විශාල පිරිවැයක් දැරීමටද සිදුවෙනවා.

ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන Large Hadron Collider එක මගින් මිනිත්තුවකට anti-protons මිලියන 10ක් වැනි ප්‍රමාණයක් නිපදවීමේ හැකියාවක් තිබෙනවා. එය සංඛ්‍යාත්මක වශයෙන් විශාල අගයක් ගත්තත් ඉතාමත්ම කුඩා ප්‍රමාණයකි. මේ විදියට ප්‍රතිපදාර්ථ ග්රෑම් එකෙක නිපදවීමට ඊට වසර බිලියන 100ක් වැනි කාලයක් ගතවෙනවා.

ප්‍රතිපදාර්ථ කෙසේහෝ නිෂ්පාදනය කලත් එය ගබඩාකර තබාගැනීම අතිශය දුෂ්කරයි. මොකද ප්‍රතිපදාර්ත සහ පදාර්ථ ක්ෂණිකව එකිනෙකා විනාශ කරගන්න්නා නිසා සාමාන්‍ය ඇසුරුමක බහාතබන්නට බැහැ.

මේ වන විට ප්‍රතිපදාර්තයන් ගබඩාකර තබාගැනීමට අපිට හැකිවී තිබුනේ උපරිම මිනිත්තු 17ක් වැනි කාලයක් පමණයි.

ග්රෑම් එකක් වැනි ප්‍රමාණයකට මුළු නගරයක්ම විනාශ කිරීමට හැකි නිසා, ඒවා ඉතාමත්ම ආරක්ෂිතව ගබඩාකර තැබුවේ නැති නම් මහත් විනාශයක් සිදුවිය හැකියි.

2006 වර්ෂයේදී නාසා නිල වෙබ් අඩවියේ සඳහන්වී තිබුණු පරිදි, ප්‍රතිපදාර්ථ ග්රෑම් 1ක වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 24ක් පමණ වෙනවා. 1999 වර්ෂයේදී ඔවුන් සඳහන් කර සිටියේ ඒ සඳහා ඩොලර් ට්‍රිලියන 62.5ක් වැනි මුදලක් වැයවෙන බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!