නාසා ආයතනයේ අලුත්ම සොයාගැනීම.

ලොවම මහත් උනන්දුවෙන් යුතුව මගබලාගෙන සිටි විශේෂ නිවේදනය නාසා ආයතනය මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය පිටසක්වල ජීවීන් හා සම්බන්ධ සොයාගැනීමක් නම් නොවෙයි. නමුත් එය ඒ තරමටම වැදගත් සිත්ඇදගන්නා සුළු සොයාගැනීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

විශ්වාස කරන්න, අප සෞරග්‍රහ මණ්ඩලය මෙන් ග්‍රහලෝක 8කින් සමන්විත වෙනත් සෞරග්‍රහමණ්ඩලයක් නාසා ආයතනය විසින් සොයාගෙන තිබෙනවා. ඇතැම්විට එහි ජීවයක් පවතිනවා වෙන්නත් පුළුවන්.

එම සොයාගැනීමට වඩා එම සොයාගැනීම සිදුකරපු ආකාරය සැබවින්ම විශ්මය ජනකයි.

අප පෘතුවියට ආලෝකවර්ෂ 2,500ක් තරම් ඈතින් කෙප්ලර් 90 ලෙස හඳුන්වන තාරකාවක් පිහිටා තිබෙනවා. එම තාරකාව කේන්ද්‍රකරගත් සෞරගහමණ්ඩලය සතුව ග්‍රහලෝක 7ක් ඇතිබව අපි මින්පෙර සිටම දැන සිටියා. නමුත් දැන් ගූගල් කෘතීම බුද්ධියේ උපකාරය ඇතුව කෙප්ලර් 90i ලෙස හඳුන්වන තවත් ගහලෝකයක් සොයාගෙන තිබෙනවා. ඉන් අදහස් කරන්නේ කෙප්ලර් 90 පද්ධතිය සතුව අප සෞරග්‍රහමණ්ඩලය මෙන් ග්‍රහලෝක 8ක් ඇති බවයි.

ඉහත විස්තර කල පරිදි කෙප්ලර් 90 සෞරගහමණ්ඩලය පිළිබඳව අපි මින්පෙර සිටම දැනසිටියා. මොකද කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයට එම පද්ධතිය දර්ශනය වී තිබුනා. නමුත් එම තොරතුරු විශාල දත්ත ගොඩකි වැළලී පැවතියා.

මිනිස් මොලයෙන් තේරුම් ගැනීමට අපහසු එම දත්ත විශ්ලේෂණය කිරීමේ වගකීම කෘතීම බුද්ධි පරිගණකයකට පැවරුවා. ගූගල් ආයතනයේ එම කෘතීම බුද්ධිය කෙප්ලර් දුරේක්ෂයේ දත්ත විශ්ලේෂණය කරමින් තවත් ග්‍රහලෝක තිබෙනවාද යන්නා සොයාබැලීමට කටයුතු කළා. සැවොම මවිතයට පත්කරමින් එම කෘතීම බුද්ධි පරිගණකය විසින් විශේෂ කරුණක් හෙළිදරව් කර සිටියා. එනම් ග්‍රහලෝක 7ට අමතරව තවත් ග්‍රහලෝකයක් ඇති බවයි.

නාසා ආයතනයේ තාරකා භෞතික විද්‍යාඥයෙකු විශේහ්ස නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ දත්ත තුල තවත් මෙවැනි සැගවුණු තොරතුරු ගැබ්ව තිබිය හැකි බවයි. නිවැරදි උපකරණ භාවිතා කිරීමෙන් තවත් තොරතුරු රැසක් සොයාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය සතුව අවුරුදු 4ක විශාල දත්ත ගබඩාවක් තිබෙනවා. එම දත්ත තුල තවත් ග්‍රහලෝක 35,000ක් පමණ සැගව ඇති බව විද්‍යාඥයින් සැකපලකරනවා.

එම දුර්වල සඥාවන් මිනිස් මොලයෙන් විශ්ලේෂණය කිරීමට ඉතාමත්ම අපහසුයි. එම හේතුව නිසාම තමයි ගූගල් ආයතනයේ සහය නාසා ආයතනයට ලැබී තිබුනේ.

ඔවුන් පළමුව සිදුකරේ සංක්‍රමණික ග්‍රහලෝක පිළිබඳව සොයාබැලීමට විශේෂිත නියුරල් නෙට්වර්ක් එකක් ගොඩනැගීමයි. එම දත්ත ඇසුරෙන් ග්‍රහලෝක සොයාගැනීමේ නිවැරදිතාවය සියයට 96ක් තරම් නිවැරදි අගයක පැවතියා. ඉන් පසුව කෘතීම බුද්ධියෙන් යුතු පරිගණකය ස්වයං අධ්‍යයනය මගින් එම හැකියාව ක්‍රමයෙන් දියුණු කරගත් තිබුනා. එහි ප්‍රතිපලයක් ලෙස තමයි කෘතීම බුද්ධිය විසින් කෙප්ලර් 90 පද්ධතිය සතුව තවත් අලුත් ග්‍රහලෝකයක් ඇතිබව සොයාගෙන තිබුනේ.

මොහොතක් සිතන්න කෙප්ලර් දත්ත තුල තවත් සෞරග්‍රහමණ්ඩලයන් විශාල සංඛ්‍යාවක් සැඟව ඇති. ඇතැම්විට නාසා ආයතනයේ මීලග නිවේදනය පිටසක්වල ජීවීන් සම්බන්ධ එකක් වෙන්නට පුළුවන්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!