ඇස් දෙකම නොපෙනුනත් වවුල් තාක්ෂණයෙන් ලෝකය දකින මිනිසා!

අද ලිපිය ඉතාමත්ම සිත් ඇදගන්නාසුළු ආකර්ශනීය ලිපියක් බවට පත්වේවි. මොකද අද අපි ඔබව දැනුවත් කරන්නේ ඇස් දෙකම නොපෙනුනත්, වවුල් තාක්ෂණයෙන් ලෝකය දකින අපුරු මිනිසෙකු පිළිබඳවයි.

දුර්ලභ අක්ෂි පිළිකාවක් නිසා ඩැනියෙල් කිෂ්ගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවුනා. පිළිකාව පැතිරීම වැළක්වීමේ අරමුනෙන් ඔහුගේ ඇස් දෙකම ඉවත් කරන විට ඔහුගේ වයස අවුරුද්දක් විතර ඇති.

නමුත් අන්ධ බව යටපත් කිරීමට සමත් ඉතාමත්ම දියුණු ක්‍රමවේදයක් ඔහු තම උත්සයෙන් ගොඩනගා ගැනීමට සමත්වුනා. ඊට ස්තූති වන්ත ඔහුට ලෝකය දැකීමට හැකිවුනා කිව්වොත් නිවැරදියි. එත් අපි ලෝකය දකින විදියට නම් නොවෙයි.

දිවෙන් පිටකරන කුඩා ශබ්දයක් මගින් අවට පරිසරය දැකීමට සහ විඳගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. දිවෙන් පිටවෙන එම ශබ්දයේ ශබ්ද පරාසය අවබෝධ කරගනිමින් තමයි ඔහු අවට පරිසරය පිළිබඳව අවබෝධ කරගන්නේ.

ඔහු පවසන පරිදි වයස අවුරුදු දෙකේදීම දිවෙන් පිටකරන කුඩා ශබ්දයක් මගින්, අවට පරිසරය මනසින් සිතියම් ගතකරගැනීමට ඔහුට හැකිවී තිබෙනවා.

පළමුව ඔහුට හැකිවුණේ ගොඩනැගිලි කිහිපයක් පසුකොට ආරක්ෂිතව නිවසට පැමිණීමට පමණයි. විශේෂඥයින් එම ක්‍රමවේදය හඳුන්වන්නේ Echolocation තාක්ෂනය ලෙසයි.

වවුලන් වැනි නිශාචර සත්වයින් ගොදුරු හඳුනාගැනීමට සහ අවට පරිසරය අවබෝධ කරගැනීමට මෙම ක්‍රමවේදය භාවිතා කරනවා. එපමණක් නොවෙයි ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සත්වයින්ද ඉහත ක්‍රමවේදයම භාවිතා කරනවා. එම ක්‍රමවේදයට ස්තූතිවන්ත වෙන්න ඝන අඳුරු අවස්තාවක උනත් ගොදුරු සොයායෑමට,මිතුරන් සහ සතුරන් හඳුනාගැනීමට සහ බාධක මගහැර යන්නට ඔවුන්ට පුළුවන්.

Echolocation ක්‍රමවේදය සෝනාර් හෝ රේඩාර් ක්‍රමවේදයට සමාන කරන්නට පුළුවන්. එකෝලෝකේශන් ක්‍රමවේදයේදී ඉහල සංඛ්‍යාතයකින් යුත් ශබ්ද තරංගයක් භාවිතා වෙනවා. ඩැනියෙල් කිෂ් නම් ඒ සඳහා භාවිතා කරන්නේ දිවෙන් පිටකරනු ලබන ශබ්දයක්. දිවෙන් පිටකරන එම ශබ්දය අවටවූ වස්තූන් වල වැදී එහි දෝංකාරය නැවත වෙත පැමිණෙනවා. නැවත පැමිණෙන එම ශබ්ද තරංගය හොඳින් හඳුනාගැනීම මගින්, ඉදිරියෙන් බාදකයක් තිබෙනවාද එය තිබෙන්නේ මොන තරම් දුරකින්ද යන්න ඔහුට අවබෝධ කරගන්නට පුළුවන්. එම බාධකයේ ස්වභාවය පවා අවබෝධ කරගැනීමේ හැකියාව ඔහුට තිබෙනවා. වවුලන් භාවිතා කරන්නේද මෙවැනිම ක්‍රමවේදයක්.

ක්ෂීරපායී සත්වයින්ට Echolocation ක්‍රමව්දය මගින් ලෝකය දකින්නට පුළුවන්. මොකද ශබ්දයක දෝංකාරය විශ්ලේෂණය කරමින් අවට පරිසරය ත්‍රිමාන ක්‍රමවේදයකට සිත තුල මවා ගැනීමේ හැකියාවක් ඔවුන් සතුව තිබෙනවා. ඉතින් ඩැනියෙල් කිෂ් මහතාත් භාවිතා කරන්නේ එම ක්‍රමවේදයමයි.

මෙම තාක්ෂනයට ස්තූතිවන්ත වෙන්න ඔහු ලෝකය දැක්කා පමණක් නොවෙයි ජීවිතයද ජහගත්තා කිව්වොත් නිවැරදියි. සාමාන්‍යය පාසලකින් ඉගෙන ගත් ඔහු අද උපාධි ලාබියෙකු බවට පත්ව තිබෙනවා.

ඔහු අදවන විට Echolocation හැකියාව ඉතාමත්ම වැඩිදියුණු කරගෙන තිබෙනවා. අඩි දහසක් දුරින් ඇති ගොඩනැගිල්ලක් පවා හඳුනාගැනීමේ හැකියාවක් ඔහුට තිබෙනවා. ඒවගේම සාමාන්‍ය වාහන තදබදයක් ඇති අවස්තාවක් පාපැදියක් පැදයන ගමන්, තමා පසුකර යන්නේ මොනවගේ වාහනයක්ද යන්නත් ඔහුට අවබෝධ කරගන්නට පුළුවන්.

Echolocation මගින් අන්ධ පුද්ගලයින්ට ලෝකය දකින්නට උදව්වීමේ අරමුණෙන් ඔහු සංවිධානයක්ද පිහිටුවා තිබෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!