ලැප්ටොප් වෙබ් කැමරාව සැමවිට ආවරණය කරතබන්න

අන්තර්ජාලය හා සම්බන්ධ වෙන කිසිම උපකරණයක් ආරක්‍ෂිත නැති බව මතක තබාගන්න. සයිබර් ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ ඔබ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙනවානම් අනිවාරයෙන්ම වෙබ් කැමරාව ආවරණය කරගත යුතු බවයි.

මාක් සකර්බර්ග්, එඩ්වර්ඩ් ස්නෝඩන් සහ හිටපු FBI අධ්‍යක්ෂ ජේම්ස් කොමේ මහතාද තම ආරක්ෂාව පතා නිතර වෙබ් කැමරාව ආවරණය කරතබන බව වාර්තා වෙනවා. නමුත් අන්තර්ජාල පරිශීලකයින් අතරින් බහුතරයක් ඒ පිළිබඳව දැනුවත් නැහැ.

මේදිනවල හැම තැනම කැමරාවන්. ලැප්ටොප් සහ දුරකථන මේ හැම එකෙක්ම කැමරාවන් තිබෙනවා. එම නිසා අපි අපේ පෞද්ගලික රහස්‍ය භාවය පිළිබඳව මීටවඩා සැළකිලිමත් වියයුතුයි. ඔබ නොදැන සිටියාට ඔබ භාවිතා කරන තාක්ෂණික මෙවලම් වල වූ කැමරාවන් සහ මයික්‍රෝෆෝනයන් හොර රහසේම ක්‍රියාත්මක කරවීමට වෙනත් පාර්ශවයකට හැකියාව තිබෙනවා.

2010 වර්ෂයේදී සිසුන් දෙදෙනෙක් තම පාසලට විරුද්ධව නඩු මගට පිවිසියා. ඊට හේතුව වුනේ පාසල විසින් නිකුත් කරනු ලැබූ මැක්බුක් ලැප්ටොප් පරිගණක වලට, පරිශීලකයාගේ පෞද්ගලිකත්වය බරපතල විදියට උල්ලංඝනය කිරීමට සමත් වෙන ආකාරයේ anti-theft වර්ගයේ මෘදුකාංගයක් ස්ථාපනය කර තිබීමයි. එම මෘදුකාංගයේ උපකාරයෙන් සිසුන් නොදැනුවත්වම ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකයේ වෙබ් කැමරාව ක්‍රියාත්මක කොට චායාරූප ලබාගෙන තිබුනා. සිසුන්ගේ චායාරූප ඔවුන් විසින් ලබාගත් බව පසුව පාසල විසින් පිළිගෙන තිබුනා.

මීට අමතරව 2011 වර්ෂයේදී තවත් අපුරු පුවතක් පිළිබඳව වාර්තා වුනා. එනම් රෝදපුටුවක් භාවිතා කරන අබාධිත පුද්ගලයෙකු කාන්තාවන් 100 දෙනෙකුගේ වෙබ් කැමරාව අනිසි ලෙස භාවිතා කරමින් ඔත්තු බැලීමේ සිදුවීමක්. එම වරදට ඔහුට වසර 6ක සිරදඬුවමක් නියමකර තිබුනා. වෙබ් කැමරාව මගින් ඔහු ලබාගත් චායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් කාන්තාවන් බිය ගන්වා, ඔවුන්ගේ නිරුවත් චායාරූප තමාවෙත එවන ලෙස ඔහු අදාළ කාන්තාවන්ට බලපෑම් කර තිබෙනවා.

අවසානයටම පවසන්නට තිබෙන්නේ ඕනෑම කෙනෙකුගේ වෙබ් කැමරාවක් හැක් විය හැකි බවයි. නමුත් කළු ටේප් කැබැල්ලක් එය ආවරණය කරතබන්නේ නම් තමාටම ආරක්ෂාව සලසාගන්නට පුළුවන්.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!