වෙඩි උණ්ඩ දෙකට කපන සමුරායි රණ ශූරයා!

වේගවත් වෙඩි උණ්ඩයක් දෙකට කපන්නට පුළුවන් සුපිරි වීරයෙකුටම පමණයි. ඔබ බොහෝ විට සිතනවා ඇත්තේ එවැනි සුපිරි වීරයින් සිටින්නේ චිත්‍රපටි වල පමණක් බවයි. විශ්වාස කරන්න, සැබෑ ජීවිතයේ එවැනි දක්ෂතාවයක් දක්වන සමුරායි කඩු ශිල්පියෙකු සිටිනවා.

Isao Machii යනු වයස අවුරුදු 5දීම කඩුවෙන් දසකම දැක්වූ අයෙක්. අඩි 70ක දුරක සිට BB වර්ගයේ පිස්තෝලයකින් පැයට සැතපුම් 200ක් තරම් වේගයකින් පිටවෙන කඩල ඇටයක් තරම් කුඩා උණ්ඩයක් ඔහු දෙකට මැදින් වෙන් වෙන්නට කැපීමේ හැකියාවක් ඔහුට තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.

ඔහු මේවන විට සමුරායි පාසලේ ප්‍රධාන ගුරුවරයෙකු ලෙස කටයුතු කරනවා. ඒවගේම ඔහුගේ කඩුවෙන් ගිනස් වාර්තාවන් කිහිපයක්ම මේ වනවිට පිහිටුවා තිබෙනවා. එම දක්ෂතාවයන් කෙතරම්ද යත්, ඔහුට සමකල හැකි කිසිම කඩු ශිලිපියෙක් මුළු පෘතුවියටම නැහැ.

ඔහු මෑතකදී චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුගේ අභියෝගයක් බාරගත්තා. මොකද ඔහුගේ කඩුවේ වේගය සහ පිටවෙන වෙඩි උණ්ඩයේ වේගය පියවි ඇසට දර්ශනය වන්නේ නැහැ. ඔවුන් ඒ සඳහා භාවිතා කර තිබුනේ සාමාන්‍යය කැමරාවකට වඩා 200 ගුණයකින් මන්දගාමී කැමරාවක්.

අධික වේගයෙන් පිටවුනු වෙඩි උණ්ඩය මාචිගේ කඩුවෙ ස්පර්ශ වෙන හැටි දුටු සියලු දෙනා මොහොතකට ගොලුවුනා කිව්වොත් නිවැරදියි.

ඒ සඳහා භාවිතා කර තිබුනේ බේස් බෝලයකට වඩා 4000 වාරයක් කුඩා මුනිස්සමක්. එවැනි අධික වේගයකින් පිටවෙන කුඩා උණ්ඩයක් සාමාන්‍ය මිනිසෙකුට දැකගන්නටත් බැහැ.

එම අවස්තාව සියසින්ම දුටු අයෙක් අදහස් දක්වා තිබුනේ මෙහෙමයි.

අවංකවම පැවසුවොත්, මෙම වෙඩි උණ්ඩය එළවලු කපන ලැල්ලක් මත තබා එක් පහරකින් කැපීමටවත් හැකියාවක් මට නැහැ. නමුත් තුවක්කු කටකින් අධික වේගයකින් පිටවෙන මෙම වෙඩි උණ්ඩය කැපීමට සමත්වූ ඔහු නම් සාමාන්‍ය මිනිසෙකු විය නොහැකියි. එම වෙඩි උණ්ඩය මාචිගේ කඩුවේ ගැටෙන හඬ අසුනත් එය පියවි ඇසෙන් මට දර්ශනය වුනේ නැහැ.

නමුත් ස්ලෝ මෝෂන් තාක්ෂණය මගින් නැරඹීමේදී ඔහුගේ කඩුව වෙඩි උණ්ඩය ස්පර්ශ කරන හැටි පැහැදිලිවම සටහන් වී තිබෙනවා.


වේගයෙන් පිටවෙන වෙඩි උණ්ඩයක් දෙපලු කිරීමට මිනිසෙකුට හැකිවේවි කියා ඔබ කෙදිනකවත් සිතුවාද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්නට එපා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!