නාසා විද්‍යාඥයින් මවිතකල මරණයේ ග්‍රහලෝකය!

නාසා විද්‍යාඥයින්ට බලාපොරත්තු නොවූ විදියේ ග්‍රහලෝකයක් හමුව තිබෙනවා. ඔවුන් එම ග්‍රහලෝකය හඳුන්වන්නේ Death Planet යනුවෙනි. එසේ හැඳින්වීමට හේතුව සහ විද්‍යාඥයින් පුදුමයට පත්කිරීමට සමත්වූ හේතුව කුමක්ද කියා දැන් අපි සොයා බලමු.

නාසා ආයතනයේ විද්‍යාඥයින් එය නිල අවශයෙන් නම්කර තිබෙන්නේ Wasp 18b යනුවෙනි. විද්‍යාඥයින්ට එම ග්‍රහලෝකය හමුව තිබුනේ හබල් දුරේක්ෂයෙන් අභ්‍යවකාශය පරික්ෂා කරමින් සිටින විටයි. එම ග්‍රහලෝකයෙන් පරාවර්තනයවූ ආලෝකය හබල් දුරේක්ෂයට හසුව තිබෙනවා.

පෘතුවියේ සිට ආලෝකවර්ෂ 325ක් තරම් ඈතින් පිහිටි එම ග්‍රහලෝකය ඉතාමත්ම අසාමාන්‍ය ග්‍රහලෝකයක්. එම ග්‍රහලෝකය ඝන කාබන් මොනොක්සයිඩ් ලේයරයකින් සමන්විත අපරිවර්තී ගෝලයකින් වටව පවතිනවා.

කාබන් මොනොක්සයිඩ් යනු මෝටර් රථ වල ඉන්ධන දහනය වීමේදීද නිපදවෙන විෂ වායුවකි. එක්රැස්ව පවතින එම වායුව ආශ්වාස කරොත් එය සත්ව සිරුරට අධික විෂ සහිත වෙනවා.

විශ්වාස කරන්න, මෙම ග්‍රහලෝකයේ වායුගෝලය තනිකරම කාබන් මොනොක්සයිඩ් වලින් සැදුම් ලත් එකක්. එම වායුගෝලය තුල ජල වාෂ්ප නොමැති අතර, ඕසෝන් ස්ථරයක්වත් නැහැ.

අප පෘතුවිය තුලදී නම් ඕසෝන් ස්ථරය විසින් වායුගෝලයට ඇතුළු වෙන සුර්යාගේ අහිතකර කිරණ අවශෝෂණය කරගෙන, විකිරණ වලින් ජීවීන්ව ආරක්ෂා කරනවා.

නමිත් wasp 18b ග්‍රහලෝකය තුල පිටසස්වල ජීවයක් පිලිබදව කිසිම බලාපොරොත්තුවක් තබාගත නොහැකියි. විද්‍යාඥයින් එය Death Planet ලෙස නම් කිරීමට හේතුවත් එහි කිසිම ආකාරයකින් ජීවයට සහයෝගයක් නොදැක්වීමයි.

එය බ්‍රහස්පතිටත් වඩා 10 ගුණයකින් විශාල වායු ග්‍රහයෙක් වීම සහ, මව් තාරකාවට ඉතාමත්ම ආසන්නව පිහිටා තිබීම වැනි හේතූන් නිසාද ජීවයට සහයෝගයක් දක්වන්නේ නැහැ.

නාසා විද්‍යාඥයින් පවසන පරිදි, උණුසුම් කාබන් මොනොක්සයිඩ් වලින් සමන්විත වායුගොලයකින් යුත් මෙවැනි ග්‍රහලෝක තිබෙන බව ඔවුන් මින්පෙර දැනසිටියේ නැහැ.

Wasp 18b යනු අපිට මෙතෙක් හමුවූ විශාලතම වායු ග්‍රහයායි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම වායු ග්‍රහයා හටගෙන තිබෙන්නේ අනෙකුත් වායු ග්‍රහයින්ට වඩා වෙනස්ම විදියකට බවයි.

මොකද එහි වායුගෝලය තුල ලෝහ විශාල වශයෙන් අන්තර්ගතව තිබෙනවා.

ඉදිරියේදී නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකිරීමට බලාපොරොත්තු වෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්, පිටත අභ්‍යවකාශයේ වූ මෙවැනි තවත් ග්‍රහලෝක පිළිබඳව අපිට දැනගන්නට පුළුවන් වේවි.

එය අභ්‍යවකාශගත කිරීමට බලාපොරොත්තු වන්නේ 2018 වර්ෂයේ ඔක්තෝම්බර් මාසය තුළදීයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!