මිහිමත ඇතිවිය හැකි විශාලතම සුනාමිය කොපමණ විශාල වියහැකිද ?

සුනාමිය යනු කෙතරම් විනාශකාරී භයංකර අත්දැකීමක්ද යන්න අමුතුවෙන් පැවසීමට අවැසි නැහැ. මෙවැනි දරුණු සුනාමි රළක් කොපමණ විශාලව ඇතිවෙන්නට පුලුවන්ද ? අද අපි ඒ පිළිබඳව කතා කරමු.

ඔබ සාමාන්‍ය මුහුදු වෙරළක දකින රළකට වඩා සුනාමි රළක් ඉතාමත්ම විශාලයි. එවැනි සුනාමි තත්වයන් බොහෝ විට ඇතිවන්නේ සාගරය අභ්‍යන්තරයේ ඇතිවෙන භූමිකම්පාවකින් හෝ ගිනිකඳු පුපුරා යාමකින්.

බොහෝ දෙනෙක් සිතන්නේ සුනාමියක් යනු එක් විශාල රළක් බවයි. නමුත් එක පෙලට පැමිණෙන රළ සමුහයක් ලෙසත් සුනාමියක් ඇතිවය හැකියි. පැයට සැතපුම් 500ක් තරම් වේගයකින් ගොඩබිම ප්‍රදේශයට කඩාවැදීමේ හැකියාවක් සුනාමි රළකට තිබෙනවා.

මේ ඔබ දකින්නේ සාගරයේ ඇතිවූ සුනාමි තත්වයක් නම් නොවෙයි. මෙය ආකාශය තුල දැකගත හැකි Tsunami Cloud ලෙස හඳුන්වන ස්වභාවික සංසිද්ධියක්. විශාල රළක් සේ පෙනෙන එම වලාකුළු සමුහය සුනාමි රළකට වඩා ඉතාමත්ම විශාලයි.

සුනාමි තත්වයකදී භයානකම දෙය ජලය පමණක් නොවෙයි, අඩියක් තරම් උස රළක් වුනත් ඉතාමත්ම වේගයකින් සහ වැඩි ජවයකින් යුතුව ජලය අභ්‍යන්තරයෙන් ගමන් කිරීමට හැකියාව තිබෙනවා.

සුනාමි රළ අතරින් බහුතරයක් අඩි 10කට වඩා විශාලව ඇතිවන්නේ නැහැ. සාගරය අභ්‍යන්තරයේ වූ කොරල් පර සහ වෙනත් භූවිද්‍යා පිහිටීම් නිසා එහි වේගය යම් පමණකින් අඩාල වීමක් සිදුවෙනවා.

නමුත් විශාලව ඇතිවෙන සුනාමි රළ විසින් මාර්ගයේ වූ සියලු බාධක බිඳගෙන අමානුෂික ලෙස ගොඩබිමට කදාවාදීමට ඉඩ තිබෙනවා. එක් සුනාමි රලකින් බේරුනා කියා ඔබ ආරක්‍ෂිත බව සිතන්නට එපා. ඒ සමගම තවත් සුනාමි රළ පැමිණිය හැකියි.

සුනාමි තත්වයකදී විශාල ජල ඝර්ජනාවක් ඇසෙන අතර පොලව සෙලවෙන්නටද පුළුවන්. ඒවගේම බලාගෙන සිටියදී ක්ෂණිකව ජල මට්ට ඉහල යනවා දැකගන්නට පුළුවන්.

සුනාමියක ප්‍රභලත්වය තීරණය වන්නේ සිදුවූ භූකම්පනයේ ප්‍රභලත්වය සහ ජලය ගමන් කරන දිසාව අනුවයි.

2004 වර්ෂයේදී ඉන්දියානු සාගරික සුනාමිය ඇතිවුනේ රික්ටමාපක 9.1ක භූකම්පනයක ප්‍රතිපලයක් ලෙසයි. ඉන් පිටවුනු ශක්තිය කෙතරම්ද යත් දෙවෙනි ලෝක යුධ සමයේදී පිපුරුණු සියලුම බෝම්බ වල එකතුවටත් වඩා වැඩියි.

එම භූකම්පනයේ බලපෑමෙන් ඇතිවූ සුනාමි රළ අඩි 98ක් තරම් උසකින් යුතුවූ බව පැවසෙනවා. එය වැඩුණු පිරිමින් 17 දෙනෙක් එකා මත එකා සිටගත් විට ඇතිවෙන උසට වඩා වැඩියි. නමුත් වාසනාවට ගොඩබිමට පැමිණෙනවාත් සමගම එහි ජවය පිරිහීමට ලක්වුනා. එය නුතන මිනිස් ඉතිහාසයේ විනෂකාරීම සුනාමිය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉන් 220,000ක් තරම් විශාල ජීවිත හානියක් සිදුවුනා.

නමුත් එය විශාලතම සුනාමි රළ නොවෙයි. 2011 වර්ෂයේදී ඒ හා සමානම භූකම්පනයකින් ඇතිවූ ජපන් සුනාමි රළ, අඩි 133ක් තරම් ඉහලට එසවුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. එය ලිබර්ටි ප්‍රතිමාවට වඩා උසෙන් අඩුවුණේ අඩි කිහිපයක් පමණයි.

එම සුනාමිය තත්වය මෙගා සුනාමි තත්වයක් හා සන්සන්ධනය කිරීමටවත් වටින්නේ නැහැ. උල්කාපාතයක් සාගරයට කඩාවැටීම මගින් අති විශාල සුනාමි තත්වයක් ඇතිවය හැකියි.

1963 වර්ෂයේදී ඉතාලියේ එවැනි දැවැන්ත තත්වයක් ඇතිව තිබුනා. ඉතාලියේ වෙජන්ට් වේල්ල නායයෑම මගින් පැනනැගුනු රළ අඩි 820ක් තරම් උසකින් යුතුවුනා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි.

1958 වර්ෂයේදී ඇලස්කාවට ඊටත් වඩා විශාල සුනාමියකට මුහුණදීමට සිදුවුනා. ඇතිවූ විශාල නාය යාමකින් අඩි 1700ක් තරම් විශාල සුනාමි රළක් නිර්මාණය වුනා.

මීට වසර මිලියන 1.5කට පෙරත් අති දැවැන්ත සුනාමියක් ඇතිවුනා. හවායන් දුපතකට විශාල උල්කාපාතයක් කඩාගෙන වැටුණු බවට සාක්ෂි සාදක බොහොමයක් තිබෙනවා. විද්‍යාඥයින් අනුමාන කරන්නේ ඉන් අඩි 1968ක් තරම් විශාල සුනාමි රළක් ඇතිවුණු බවයි. එම සුනාමි තත්වය නිසා මුළු දුපතම ජලයෙන් ගිලුණු බව වාර්තා වෙනවා.

විශ්වාස කරන්න, අප පෘතුවිය මත මීටත් වඩා විශාල සුනාමි තත්වයන් ඇතිවුනා. එය ඇතිවුනේ මීට වසර බිලියන 3.5කට පෙරයි. අති විශාල ග්‍රාහකයක් එකල අප පෘතුවියේ ගැටුණු බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. එමගින් මුළු ප්රුතුවියම වසාගැනීමට සමත් සුනාමි රළ කිහිපයක්ම ඇතිව තිබුනා. එය කෙතරම් දරුණු ඝට්ටනයක්ද යත්, අඩි 300ක් තරම් විශාල ජල කඳක් ඒ ක්ෂණිකවම වාෂ්පවූ බව පැවසෙනවා. ඉන් ඇතිවූ සුනාමි තත්වයෙන් මහද්වීප පවා කාදනය වී තිබෙනවා. එම සුනාමියෙන් යට නොවුනේ ලොව උසම කඳු මුදුන් කිහිපයක් පමණයි.

මෙම කාලයේදී පෘතුවිය නිතර උල්කාපාත ඝට්ටනයන් වලට ලක්වුනා. ඊට හේතුව වුනේ යෝධ වායු ග්‍රහලෝක විසින් ග්‍රාහක තීරයන්හී ගුරුතුවයට විශාල බලපෑමක් ඇතිකිරීමයි.

මෙවැනි ආකාරයේ විනාශයන් යලි කිසිඳු දිනක නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. මොකද විශාල ග්‍රාහක ගැටුමකින් සුනාමි තත්වයක් ඇතිවුනොත් සිදුවෙන හානිය අදහාගත නොහැකියි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!