උතුරු කොරියානු හමුදාව තුල සෙබලියන් දුෂණයට ලක්වෙනවා!

උතුරු කොරියාව පිළිබඳව විදෙස් මාධ්‍යය වාර්තා කරන පුවත් වලින් හෙළිවන්නේ එය මිහිපිය අපායකට සමාන ස්ථානයක් බවයි. සාමාන්‍ය ජනජීවිතයෙදී විඳිමට සිදුවෙන අනන්ත දුක් වලින් නිදහස් වීමට සිතා උතුරු කොරියානු කාන්තාවන් හමුදාසේවයට එකතු වුනත්, හමුදාව තුල ඊටත් වඩා අපා දුක් විඳින්නට සිදුවෙන බව ඔවුන් පවසා සිටිනවා.

උතුරු කොරියානු හමුදාවේ සේවය කළ කාන්තාවක් එම කටුක ජීවිතය පිළිබඳව හෙළිදරව්කර තිබෙනවා. විඳින්නට සිදුවෙන අධික දුක්ගැහැට නිසා බොහොමයක් කාන්තා සෙබළියන්ගේ මාසික ඔසප්වීම නැවතී තිබෙන අතර, ඔවුන් දුෂණයට පවා ලක්වෙන බවයි ඇය පවසා සිටින්නේ.

නමින් Lee So Yeon වන ඇයගේ පියා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්. ඇය තම කැමැත්තෙන්ම හමුදාසේවයට බැඳීමට තීරණය කර තිබුනා. ඇයගේ පවුලේ සාමාජිකයිනුත් හමුදා සේවයේ නියුතුව සිටි නිසා තමයි ඇය හමුදාවට බැඳීමට තීරණය කළේ.

නමුත් ඇය ඇතුළුව බොහෝ දෙනෙක් එකල හමුදාවට බැඳීමට ස්වේච්චාවෙන්ම ඉදිරිපත්වුණු කරුණ වුනේ, එකල පැවති ආහාර හිගය නිසාවෙනි. එසේත් නොමැති නම් දුර්භීක්ෂය නිසාවෙනි. මොකද උතුරු කොරියාවේ සාමාන්‍ය ජනතාව කුසගින්නේ සිටියත් උතුරු කොරියානු හමුදාව කුසගින්නේ තබන්නට එරට පාලනය කටයුතු කරන්නේ නැහැ.

ඒවගේම සාමාන්‍ය ජනතාවට නොලැබෙන විශේෂ වරප්‍රසාද උතුරු කොරියාවේ හමුදා සේවයට බැඳෙන කාන්තාවන්ට හිමි වෙනවා. ඇය පවසන පරිදි ප්‍රථම වරට හිසකෙස් වියලන කුඩා යන්ත්‍රයක් භාවිතා කිරීමට ඇයට හැකිවී තිබුනේ ඇය හමුදා සේවයට එකතුවූ පසුවයි. නමුත් හමුදා කඳවුර තුල නිතර විදුලිය බිඳ වැටෙන නිසා එය භාවිතා කිරීමටවත් අවස්තාවක් නොලැබෙන බව ඇය පවසා සිටියා.

නමුත් ආහාර හිගකම සහ අධික දුෂ්කර පුහුණුවීම් නිසා කාන්තා සෙබලියන් නොයෙකුත් බරපතල සෞඛ්‍යය තත්වයන්ට මුහුණ දී තිබෙන බව වාර්තා වෙනවා. එම තත්වය ඇය විස්තර කර සිටියේ මෙහෙමයි.

(නිවැරදි පෝෂණයක් නොලැබීම සහ අධික ආතතිකර වටපිටාවක වාසය කිරීම නිසා මාස ගණනකින් ඔසප්වීම සිදුවී නැහැ. මිතුරු සෙබලියන් පවසා සිටින්නේ මාසික ඔසප් වීම සිදුනොවෙන එක එක් අතකට හොඳ දෙයක් බවයි. මොකද මෙවැනි තත්වයක් යටතේදී මාසික ඔසප්වීම සිදුවුනොත් එම හේතුව නිසා තවත් බොහෝ දුක්විඳින්නට සිදුවෙනවා)

උතුරු කොරියානු හමුදා සෙබළියන්ගේ මාසික ඔසප්වීම නැවතීම සඳහා ප්‍රධානම හේතුව, කාන්තාවකට දරාගත නොහැකි තරමේ ඉතාමත්ම බරපතල පුහුණුවීම් වල නිරතවීමයි.

නිවැරදිව ස්නානය කිරීමවටත් පහසුකමක් කඳවුරු තුල නොමැති බව ඇය පවසා සිටිනවා. කඳුකර ජලාශයකට සවිකර තිබෙන බටයකින් පැමිණෙන ජලයෙන් තමයි ඔවුන්ට ස්නානය කිරීමට සිදුවී තිබෙන්නේ. බොහෝ විට එම බටය දිගේ ගෙම්බන් සහ සර්පයින්ද පැමිණෙන වාර අනන්තයි.

කාන්තාවන්ගේ මාසික ඔසප්වීම සඳහා හමුදාව විසින් කිසිම ප්‍රතිපාදනයක් ලබා නොදෙන නිසා, බොහෝ කාන්තා සෙබලියන් සනීපාරක්ෂක තුවා නැවත භාවිතයට ගන්නා බවද ඇය පවසා සිටිනවා.

ඒවගේම ඉහල අණදෙන නිලදාරීන් අතින් අලුතෙන් බැඳෙන කාන්තා සෙබලියන් නිරන්තරයෙන්ම දුෂණය වෙන බවද ඇය පවසා සිටිනවා.

නමුත් වාසනාවකට 1992 සහ 2001 අතර කාලයේදී Lee So Yeon දුෂණයට ලක්වී තිබුනේ නැහැ. නමුත් ඇයගේ මිතුරු සෙබලියන් ඉහල නිලධාරීන් අතරින් නිරන්තරයෙන්ම දුෂණයට ලක්වෙන හැටි ඇය ඇස් දෙකෙන්ම දැක තිබෙනවා.

අවුරුදු 28දී හමුදා සේවයෙන් ඉවත්වීමට ඇයට හැකිවුනා. ඉන් පසුව ඇය දකුණු කොරියානු දේශ සීමාව ආසන්නයේ සංඥා සාජන්ට් කෙනෙක් ලෙස සේවය කර තිබුනා. නමුත් සිවිල් වැසියෙක්ව සිටි කාලයේදී ආර්ථික දුෂ්කරතා වලට මුහුණදුන් නිසා ඇය 2008 වර්ෂයේදී උතුරු කොරියාවෙන් පැනයාමට උත්සහ කර තිබුනා. සිරදඬුවම් විඳි ඇය දෙවන වර නම් චීනය හරහා දකුණු කොරියාවට පලායාමට සමත්වී තිබෙනවා. ඒ සඳහා ඇයට තැරව්කරුවෙකු උපකාර කල බව ඇය පවසා සිටිනවා.

මෙය BBC වෙබ් අඩවිය විසින් උපුටාගත් සත්‍යය පුවතක් බව කරුණාවෙන් සලකන්න.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!