ගූගල් මැප් එක නිසා ජීවිත බේරුණු අවස්තාවන් 5ක්!

 

ගූගල් මැප් එක නිසා මිනිස් ජීවිත බේරුණු අවස්තාවන් 5ක් මෙන්න.

1. පැහැරගත් පුද්ගලයෙකුගේ ජීවිතය බේරුනා

මෙයත් ගූගල් මැප් එක නිසා ජීවිතයක් බේරුණු අවස්තාවක්. Sander Cokelaere එදා සුපුරුදු පරිදි තම රැකියාව සිදුකරමින් සිටියා. ඔහු බලාපොරොත්තු නොවූ අවස්තාවක ජෝන් චාල්ස් ලෙස හඳුන්වන පුද්ගලයෙකු පැමිණ ඔහුව පැහැරගෙන යාමට කටයුතු කළා. ජෝන් චාල්ස් යනු එම ආයතනයේම සේවය කරපු කෙනෙක්. එම ආයතනයේ ප්‍රධානියාගෙන් ඔහුට විශාල මුදලක් ලැබෙන්නට තිබුනා. එම නිසා තමයි ඔහු මෙම පැහැරගැනීම සිදුකරේ.

වාසනාවකට සැන්ඩර්ට තම දුරකථනය සගවා තබාගැනීමට හැකිවුනා. අවස්තාවක් ලැබුණු ක්ෂණිකව ඔහු ගූගල් මැප් එම මගින් ස්ථානය දැනගෙන එය ප්‍රධානියාට ලැබෙන්නට සලවා තිබුනා. ස්ථානය දැනගත් විගස ආයතනයේ ප්‍රධානියා පැමිණ ඔහු බේරාගෙන තිබෙනවා. සිදුකරනු ලැබූ අපරාදයට පසුව ජෝන්ව අත්අඩංගුවට පත්වුනා.

2. වසර 23කට පසුව තම නිවෙස සොයාගැනීමට සමත්වුනා.

මෙම කුඩා දරුවා වසර 5දී නොදැනුවත්කම නිසා දුම්රියකට ගොඩවීම හේතුවෙන්, දෙමව්පියන්ගෙන් ඈත්වීමට සිදුවුනා. නැවත නිවසට පැමිණෙන විදිය පිළිබඳව කිසිම අදහසක් ඔහුට තිබුනේ නැහැ. නමුත් වසර 23ක් පුරාවට ඔහු තම පවුලේ අය සෙවීමට වෙහෙසුනා. වසර 5දීම වෙන්වීමට සිදුවූ නිසා ඔහුට කිසිවක් මතක තිබුනේ නැහැ. අඩුම තරමේ තම වාසගමවත් ඔහුට මතක තිබුනේ නැහැ. ඔහුට මතක තිබුණු එකම දෙය නම් ඔහුගේ නගරයේ පාලම් දෙකකින් සම්බන්ධවී තිබුණු බවයි. ඔහු ගූගල් මැප් එකේ එවැනි පිහිටීමක් පරික්ෂා කිරීමේදී එම නගරය සොයාගැනීමට හැකිවුනා. ඉන් පසුව පවුලේ අය සොයාගන්න එක එතරම් අපහසු දෙයක් වුනේ නැහැ. සාරු නම්වූ එම ඉන්දියානු තරුණයා පවසන්නේ ගූගල් මැප් සහ ගූගල් අර්ත් විසින් ඔහුගේ ජීවිතය බේරුණු බවයි.

3. කාන්තාර දුපතකින් දිවිගලවා ගැනීමට හැකිවුනා

පුද්ගලයින් තුන්දෙනෙක් ගමන් කරමින් සිටි කුඩා බෝට්ටුවක් හදිසියේම කාර්මික දෝෂයකට ලක්වුනා. නමුත් අසලවූ දුපතකට පිවිස ඔවුන් කෙසේහෝ දිවිගලවා ගැනීමට සමත්වී තිබුනා. එවැනි අවස්තාවකදී නොනැසී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව දැනීමක් ඔවුන්ට තිබුනේ නැහැ. නමුත් දවසක ඔවුන්ට අපූරු අදහසක් පහලවුනා. ඔවුන් වහාම කොළ අතු සහ ලී කැබලි හැකිපමණ එකතුකරගෙන, Help කියන වචනය විශාලව පෙනෙන ලෙස හැඩගැස්වීමට කටයුතු කළා. වාසනාවකට එම දසුන ගූගල් අර්ත් එකෙහිද පැහැදිලිව දර්ශනයවී තිබුනා. එම තොරතුර ලද විගස ඇමරිකානු නාවික හමුදාවට අයත් යානාවක් විසින් ඔවුන්ව බේරාගැනීමට කටයුතු කරා.

4. අතුරුදහන් වුනු පුද්ගලයෙකු සොයාගැනීමට හැකිවුනා.

2006 වර්ෂයේ ඔක්තෝබර් 11 වෙනිදා ඩේවිඩ් ලී නයිල්ස් අතුරුදහන්වී තිබුනා. ඔහු කොහෝ හෝ ජීවත්ව ඇතිබව සිතූ පවුලේ අය අවුරුදු ගණනාවක්ම ඔහුව සෙවීමට වෙහෙසුනා. අතුරුදහන් වෙන විට ඔහුට වයස අවුරුදු 67යි. 2011 වර්ෂය වනතුරුත් ඔහු ගැන ආරංචියක් නොතිබුණු නිසා පවුලේ අය බලාපොරොත්තු අතහැරගනීමට පවා කටයුතු කර තිබුනා. නමුත් 2017 වර්ෂයේ නොවැම්බර් මස ඔහුගේ මෝටර් රථය හමුවුනා. එම මෝටර් රථය තුලම ඔහුගේ සිරුරත් තිබුනා. එම මෝටර් රථය සොයාගැනීමට හැකිවී තිබුනේ ගූගල් මැප් පරික්ෂා කිරීමේදී දිය පොකුණක අඩක් ගිලුණු මෝටර් රථයක් ඇති බව දර්ශනයවීමත් සමගයි. ගූගල් මැප් එකට ඩේවිඩ්ගේ ජීවිතය බේරීමට නොහැකිවුනත්, අඩුම තරමේ සිරුර හෝ සොයාගැනීමට හැකිවුනා.

5. කඳුකර වනාන්තරයක අතරමංවූවෙක් සොයාගැනීමට හැකිවුනා.

ඔස්ටින් බොහැනන් යනු ඇමරිකාවේ ටෙනීසි වල වාසය කරපු 15 හැවිරිදි දරුවෙක්. ඔහු දිනක් කඳු නැගීම සඳහා නිවසෙන් බැහැරව ගොස් තිබුනා. සහයටවත් කිසිවෙකු නොසිටි නිසා පාර සොයාගැනීමට නොහැකිව ඔහු එහි අතුරුදහන්වී තිබුනා. කඳුකරය තුල දුරකථන සිග්නල් නොමතිනිසා ඔහු දුරකථනය ක්‍රියාවිරහිත කර තිබෙනවා. නමුත්දු 11 වෙනි දිනයේදී දුරකථන සඥාවන් නොතිබුනත් GPS සිග්නල් ලබාගත හැකි බව ඔහුට අවබෝධවී තිබුනා. දුරකථනය ක්‍රියාත්මක කල ඔහු ගූගල් මැප් එකේ පිහිටෙන් කඳුකර වනාන්තරයෙන් පිටවීමට සමත්වුනා. ඔහුව සොයාගත් විගස ඔහුව රෝහල් ගතකිරීම කටයුතු කල බව වාර්තා වෙනවා. ඔහු පවසා සිටියේ GPS සඥාවන් සහ ගූගල් මැප් නොතිබුනා නම් ඔහුට වනාන්තරයෙන් පිටවීමට නොහැකිවෙන බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!