මිය යමින් සිටින අම්මා සුවකිරීමට වෙහෙසෙන බෝධිසත්ව පුතෙක්!

මෙය බොහෝ දෙනෙක් සංවේදී කිරීමට සමත්වූ අනුවේදනීය පුවතක්. කුමක් වුවත් දරුවන් අතහැර නොයන දෙමව්පියන් පිළිබඳව අපි අසා තිබෙනවා. නමුත් මේ කතාව තරුණ වියටවත් පත්නොවූ දරුවෙක් දෙමව්පියන් වෙනුවෙන් සිදුකරන විශාල කැපකිරීමක් පිළිබඳවයි.

Gu Guang Zhao, මෙම කුඩා දරුවාට වයස අවුරුදු 12යි. ප්‍රතිකාර වලට අවශ්‍ය කරන මුදල් සොයාගනිමින් කෙසේ හෝ අම්මාව රැකබලා ගැනීමට ඔහු දැඩිව අදිටන් කරගෙන තිබුනා.

ඔහු පාසලෙන් ඉවත්වීමටද කටයුතු කරේ වකුගඩු අකර්මන්‍ය වීමෙන් දැඩිසේ රෝගාතුරවී සිටින මව රැකබලා ගැනීමටයි.

පාසලේ දක්ෂම සිසුන් අතරින් කෙනෙක් වූ ඔහුට දක්ෂතා ඇගයීමේ සහතිකද විශාල ප්‍රමාණයක් හිමිව තිබෙනවා. නමුත් ඉගෙනීම කටයුතු සමග අම්මාව රැකබලාගැනීමට ඔහුට හැකියාවක් නැහැ. ඒ බව පවසමින් ඔහු පන්තිභාර ගුරුවරයාට විස්තරාත්මක ලිපියක්ද යවා තිබෙනවා.

ඔහුගේ වයසේ දරුවන් පාසල් යන අතරතුර ඔහු මවගේ ප්‍රතිකාර වලට අවශ්‍යකරන මුදල් ඉපයීමට දැඩිසේ වෙහස මහන්සි වෙනවා.

මෙම දරුවාගේ ජීවන කතාවට සංවේදීවූ බොහෝ දෙනෙක් අන්තර්ජාලය හරාහා මවගේ සැත්කමට අවශ්‍ය කර මුදල් උපයාදීමට කටයුතු කර තිබෙනවා.

එම උදව් උපකාර වලින් එම අහිංසක දරුවාට වචනයෙන් කියා නිමකළ නොහැකි විශාල සතුටක් ඇතිවෙන්නට ඇති.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!