දීපිකාගේ ගෙලසිඳින අයෙකුට විශාල ත්‍යාග මුදලක්!

ඉන්දියාව යනු ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. නමුත් එහි වූ සංකීර්ණ දේශපාලනමය ස්වභාවය නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යම් පමණකට සීමා කර තිබෙනවා. චිත්‍රපටි වලට සහ පොත් වලට නියමයන් පැනවීම ඒ සඳහා හොඳම උදාහරණයකි.

ඉදිරියේදී තිරගතවීමට නියමිත “පද්මාවතී” චිත්‍රපටියේ ප්‍රධාන චරිතය දීපිකා පදුකෝන් විසින් රඟදක්වන අතර එය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සන්ජේ ලීලා භන්සායි මහතා විසින්. නමුත් මෙම චිත්‍රපටිය නිසා ඉන්දියාව තුල දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇතිව තිබෙනවා. දීපිකා සහ භන්සායිගේ ගෙල සිඳ දමන කෙනෙකුට වටිනා ත්‍යාගයක් ලබාදෙන බව දේශපාලනඥයෙකු පැවසීමත් සමග එම උණුසුම දෙගුණ තෙගුණ වුනා.

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුනේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකු වන සුරජ් පල් අමූ මහතා විසින්.

වාර්තා වෙන විදියට මෙම චිත්‍රපටිය දෙසැම්බර් 1 වෙනිදා තිරගතවීමට නියමිතයි. එම චිත්‍රපටියට නිර්මාණය කර තිබෙන්නේ 16 වෙනි ශතවර්ෂයේදී රචනාවුණු පද්මාවත් කාව්‍යය මුලික කරගෙනයි.

දීපිකා පදුකෝන් මෙම චරිතය තුල රඟදක්වන්නේ, දිල්ලි වල මුස්ලිම් සුල්තාන් කෙනෙකුට හසුවෙනවා වෙනුවට තමා විසින්ම සියදිවි නසාගැනීමට තෝරාගන්නා රාජ්පුත් රැජිනකගේ චරිතයක්.

ඉන්දියාව මෙතරම් කැළඹීමකට ලක්වී තිබෙන්නේ එම චිත්‍රපටියේ සරාගී දර්ශන ඇතුලත් කර තිබෙන නිසයි. එය පද්මාවතී රැජිනගේ චරිතයට දරුණු අපහාසයක් බවයි බොහෝ දෙනෙක් පවසා සිටින්නේ.

එම රැජිනට සිදුකල අපහාසය සම්බන්ධයෙන් නාසය කපාගන්නා ලෙස  ඇයට දෝශාරෝපන පවා එල්ලවී තිබෙනවා.

එම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගදක්වන දීපිකා පදුකෝන් සහ අධ්‍යක්ෂක වරයා ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ දරුණු ප්‍රකාශය සම්බන්ධයෙන්, ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස අදාළ දේශපාලන පක්ෂයේ බලධාරීන් විසින් සුරජ් පල් අමූ මහතාට අවවාද කරතිබෙන බව වාර්තා වෙනවා.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!