මෙම ජනප්‍රිය පුද්ගලයින් නිවසක්වත් නොමැතිව සිටිබව ඔබ දන්නවාද ?

දියුණුවේ හිනිපෙත්තටම ලගාවුණු බොහෝ දෙනෙක් එම තැනට පැමිණියේ පහලම තැනින්. ඒ අතරින් බොහෝ දෙනෙක්ට හිසට සෙවනක්වත් තිබුනේ නැහැ. ඔබ මෙතෙක් නොදැන සිටි එවැනි ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙක් මෙන්න.

1. චාලි චැප්ලින්

චාලි චැප්ලින් යනු නිහඬ හාස්‍ය උත්පාදන ක්‍ෂේත්‍රය තුල අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ චරිතයක්. ඔහු මියගොස් බොහෝ කාලයක් ගතවුනත් ඔහු අදටත් ජනප්‍රියයි. නමුත් ඔහු ලන්ඩන් වීදිවල හැදී වැදුණු කෙනෙක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 1898 වර්ෂයේදී පියාගේ අකල් මරණයෙන් පසුව චාලි චැප්ලින්ගේ මව මානසික රෝහලකට ඇතුල් කරා. ඒ වන විට චාලිට වයස අවුරුදු 10යි. එම නිසා චාලිට ඔහුගේ සහෝදරයා සමග මහමග දිවිගෙවීමට සිදුවුනා. නමුත් 1977 වර්ෂයේදී ඔහු මියයන විට මිලියන පතියෙක්ව සිටියා.

2. සෑම් වෝදින්ටන්

මොහු තමන්ට ලැබුණු එක් අවස්ථාවකින් තම දුප්පත් කම ජයගෙන ජනප්‍රියත්වයට පත්වීමට සමත්වුනා. ඇවෙටර් චිත්‍රපටියේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන විට ඔහුට නිවසක්වත් තිබුනේ නැහැ. ඔහු ජීවත් වුනේ මහමග තම මෝටර් රථය තුලයි. ඔහුගේ දක්ෂතාවය හඳුනාගත් ජේම්ස් කැමරන් අධ්‍යක්ෂකවරයා ඔහුට අවස්තාවක් ලබාදී තිබුනා. ඔහු රගපාපු ඇවෙටර් චිත්‍රපටිය වසරේ සාර්ථකම චිත්‍රපටිය බවට පත්වුනා. දැන් ඔහු හවායි වල සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනවා. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 11ක් පමණ වෙනවා.

3. සිල්වෙස්ටර් ස්ටැලෝන්

1976 වර්ෂයේ තිරගතවූ Rocky චිත්‍රපටියේ තිර පිටපත රචනාකරේ සිල්වෙස්ටර් ස්ටැලෝන් බව ඔබ දන්නවාද ? එම පිටපත විකිණීමට පෙර ඔහුට නිවසක්වත් තිබුනේ නැහැ. ඔහු නිදාගෙන තිබුනේ නිව්යෝක් නගරයේ බස්නැවතුම් පොළ තුලයි. දුප්පත් කම ඔහුට කෙතරම් තදින්ම දැනුනාද යත් තම සුනඛයාත් විකිණීමට සිදුවුනා. ඉන් සතියකට පසුව ඔහු ඔහුට විශාල මුදලකට පිටපත විකිණීමට හැකිවුනා. ඉන් ලැබුණු මුදල් වලින් ඔහු ඩොලර් 3,000ක මුදලක් ගෙවා නැවත සුනඛයාව මිලදී ගෙන තිබෙනවා. එම චිත්‍රපටියට රංගනයෙන් දායකවූ ඔහු ඇති විශාල ජනප්‍රියත්වයක් ලගාකර ගැනීමට සමත්වුනා.

4. ජේම්ස් කැමරන්

ජේම්ස් කැමරන් යනු ලොව සාර්ථකම චිත්‍රපටි නිෂ්පාදකයෙක් බව ඔබ දන්නවා ඇති. ටයිටැනික්, ටර්මිනේටර් සහ ඇවේටර් ඔහු විසින් අධ්‍යක්ෂණය කරපු ලෝකප්‍රසිද්ධ චිත්‍රපටි කිහිපයකි. මෙම ලැයිස්තුවේ සිටින අනෙකුත් චරිත වගේම ඔහුත් සාර්ථකත්වයට පැමිණියේ ජීවිතයේ පහලම තැනින්. ටර්මිනේටර් රචනා කරනවිට ඔහු වාසය කරේ තම මෝටර් රථය තුලයි. ඔහු ටර්මිනේටර් හී අයිතිය විකුණනු ලැබුවේ ඩොලර් 1ක් වැනි සුළු මුදලකට වුනත්, එම චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් මිලියන 77ක ආදායමක් ඉපයීමට සමත් වුනා. ජේම්ස්ට එම මුදල් දකින්නවත් ලැබුනේ නැතිවුනාට සිනමා ක්ෂේත්‍රයට පාතැබීමට ඔහුට හැකිවුනා. දැන් ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 700ක් පමණ වෙනවා.

5. ඩැනියෙල් ක්‍රේග්

ජේම්ස් බොන්ඩ් යනු නිවසක් නොමැතිව අසරණව දිවිගෙවූ කෙනෙක් බව සිතන්නටත් අපහසුයි නේද ? රංගන ජීවිතයේදී මුලින් විශාල දුෂ්කරතා වලට මුහුණ දුන් ඔහුට බංකු උඩ නිදාගැනීමටත් සිදුවුනා. එම කාලයේදී ඔහුට ලැබුණු චිත්‍රපටි චරිත වුනේ වේටර් වරයෙකුගේ චරිතයයි. නමුත් ඔහු පසුව 007 ලෙස ලෝකප්‍රසිද්ධියට පත්වුනා. අද ජේම්ස් බොන්ඩ් කියපු ගමන් ඔහු පිළිබඳව නොදන්නා කෙනෙක් නැහැ. දැන් ඔහු එක් චිත්‍රපටියකින් ඩොලර් මිලියන 20ක් පමණ උපයනවා.

6. ස්ටීව් ජොබ්ස්

ඔබ ආදරය කරන මෙම චරිතය මෙම ලැයිස්තුවට එකතුවුනේ කෙසේද කියා ඔබ පුදුමයට පත්වෙනවා ඇති. පාසල් සමයේදී ස්ටීව් ජෝබ්ස්ට නැවතීමට කාමරයක් වගේම අතේ මුදල්වත් තිබුනේ නැහැ. එම නිසා ඔහුට සිදුවුනේ මිතුරන්ගේ කාමර වල බිම නිදාගැනීමටයි. ඒවගේම කොකා කෝලා බෝතල් එකතු කරමින් එය කඩවල් වලට ගෙනගොස් සුළු මුදලක් ඉපයීමටද ඔහු කටයුතු කර තිබෙනවා. ඒවගේම සතියකට එක් වතාවක් නොමිලේ ලබාදෙන ආහාර වේලක් ලබාගන්න ඔහු සැතප්ම 7ක් පයින් ගමන් කර බවද වාර්තා වෙනවා.

නමුත් ඔහුගේ දක්ෂතාවය නිසා ලෝකයම ජයගැනීමට ඔහුට හැකිවුනා. අද ඇපල් ආයතනය යම් තැනක සිටිනවානම් ඒ ස්ටීව් ජොබ්ස් නිසයි.

මින් අපිට උගත හැකි පාඩම නම්, උත්සහය සහ වාසනාව තිබෙනවානම් ඕනෑම කෙනෙකුට ජීවිතය ජයගත හැකි බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!