විද්‍යාඥයින් 15,000ක් එක්ව මිනිස් වර්ගයාට බරපතල අනතුරු ඇගවීමක් කරයි.

ලොවපුරා විද්‍යාඥයින් 15,000ක් එක්ව මිනිස් වර්ගයාට අනතුරුඇගවීමක් සිදුකලොත්, එසේනම් එය ඉතාමත්ම වැදගත් දෙයක් වියයුතුයි නේද ?

ඔවුන් සියලු දෙනා විසින් එක්ව එළිදක්වනු ලැබූ ලිපියෙන් අනතුරු අගවා සිටින්නේ, අනාගතයේදී ලෝකයට මුහුණදීමට සිදුවෙන ඉතාමත්ම අවසනාවන්ත තත්වයක් පිළිබඳවයි. මෙය 1992 වර්ෂයේදී විද්‍යාඥයින් 1700 දෙනෙක් එක්ව සිදුකල අනතුරු ඇගවීම යාවත්කාලීන කරමින්, නැවතත් එළිදක්වනු ලැබූ අනතුරු ඇගවීමක් ලෙස හඳුවන්නට පුළුවන්.

එය එක් දවසකින් සිදුවෙන මහා විනාශයක් නම් නොවෙයි. එය කාලයත් සමග ක්‍රමයෙන් නරක අතට හැරෙන ඉතාමාත්ම බරපතල තත්වයකි.

අවට පරිසරය දෙස අවදානය යොමුකලොත්, අපි විශාල පාරිසරික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව ඔබට පෙනනවා ඇති. එය තවත් නරක අතට හැරෙනවා විනා නැවත කවදාවත් යතාතත්වයට පත්වෙන බවක් නැහැ. නැවත යතාතත්වයට පත්වුණේ ඕසෝන් ස්තරය පමණයි, නමුත් අනෙකුත් දේවල් නම් දිනෙන් දින නරක අතට හැරෙමින් තිබෙනවා.

විද්‍යාඥන්ගේ එම ලියවිල්ලට අනුව ඉදිරි වසර
ඇතුලත මේ දේවල් සිදුවිය හැකියි.

1. ලෝක පානීය ජල ප්‍රතිශතය සියයට 26කින් අඩුවෙනවා.

2. මිනිසා පෘතුවියේ සාගරයන් දුෂණය කරමින් සිටින නිසා, (Dead Zones) ලෙස හඳුන්වන ස්ථානයන්, එසේත් නොමැති නම් ජීවීන්ට වාසය කළනොහැකි සාගරික කලාප සියයට 75කින් පමණ ඉහල යනවා.

3. වනාන්තර අක්කර මිලියන 300ක් පමණ හෙළිපෙහෙළි වෙනවා.

4. ගෝලීය කාබන් විමෝචනය සහ උෂ්ණත්වය සැලකිය යුතු අගයකින් ඉහලයනවා.

5. ගෝලීය ජනගහනය සියයට 35කින් පමණ ඉහල යනවා.

6. අප පෘතුවියේ වෙසෙන ක්‍ෂීරපායි, උරග, උභය, මත්ස්‍ය සහ කුරුළු සත්ව ගහණය දැඩිලෙස පහල බසිනවා.

(අප විසින් ලෝකයට සිදුකරනු ලැබූ හානිය අවබෝධ වෙන විට අපි ප්‍රමාද වැඩියි. එම නිසා අපි එම අවදානම් තත්වය දැන්ම හඳුනාගෙන වහාම ඊට සුදුසු පියවර ගත යුතුයි. එසේ නොවුනොත් සමස්ත මිනිස් වරගයාගේම ඉරණම ඉතාමාත්ම දුක්ඛිත එකක් වේවි)

ඒ ඔබ දුටුවේ එම විද්‍යාඥයින් මිනිස් වර්ගයාට සිදුකල භයානක අනතුරුඇගවීමයි. 1992 වර්ෂයේදී විද්‍යාඥයින් විසින් සිදුකල මෙම අනතුරු ඇගවීම මිනිසා අවබෝධ කරගත්තේ නැහැ. මෙම අනතුරු අගවීමත් නොසලකා හැරියොත් අපිට ලැබුණු දෙවෙනි අවස්ථාවත් මගහැරී යාවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!