ඩයිනෝසෝරස් යුගයේ වාසයකළ සත්වයෙක් පණපිටින් හමුවෙයි.

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ජීවියෙකු පර්යේෂකයින්ට හමුව තිබෙනවා. එම ජීවියා ට්‍රයිසෙරටෝප්ස් සහ ටයිරැනසෝරස් රෙක්ස් වැනි ඩයිනෝසෝරන් සමග එකට වාසය කරතිබුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

නමුත් මෙම සත්වයා ගැඹුරු සාගර පතුලේ වාසය කර නිසා මහා වඳවීමේන් දිවිරැකගැනීමට සමත්වී තිබෙනවා. එම ජීවියා හඳුන්වන්නේ ” Frilled Shark” යනුවෙනි. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එම අපූරු සත්වයා පිළිබඳවයි.

අප පෘතුවියේ වූ සාගර වලින් සියයට 95ක් වැනි කොටසක් මිනිසා මෙතෙක් ගවේෂණය කර නැහැ. එම නිසා පෘතුවියේ සාගර තුල මොනවගේ දේවල් තිබෙනවාද කියන්න අපි දන්නේ නැහැ. මෙම ප්‍රාග් ඓතිහාසික සත්වයාගේ සොයාගැනීමෙන් එය වැඩිදුරටත් සනාත වෙනවා.

අඩි 5ක් දිග මෙම Frilled මෝරා සොයාගෙන තිබුනේ පෘතුගාලයේ වෙරල තීරයෙන්. Frilled මෝරා යනු මිහිමත වෙසෙන පැරණිතම සහ විරූපිතම ජීවී සත්වයා ලෙස හඳුන්වන්නට පුළුවන්.

එම සත්වයාව සොයාගෙන තිබුනේ යුරෝපියානු එකමතුවේ විද්‍යාඥයින් පිරිසක් විසින්. මසුන් මැරීමේදී සිදුවෙන අනවශ්‍ය සත්වය හානිය වැළක්වීම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී තමයි, එම ප්‍රාග් අයිතිහාසික ජීවියාව ඔවුන්ට හමුවී තිබුනේ.

මෙම මෝර විශේෂය අතිශය දුර්ලභයි. මේවන තුරු මෙවැනි සත්වයෙක් පෘතුවියේ සාගර වල වෙසෙන බව කිසිවෙකුත් දැනසිටියේ නැහැ. නමුත් 1879 ගණන වල විසූ ජර්මන් ජාතික විද්‍යාඥයෙක් මෙම සත්වයා පළමුව හඳුනාගනු ලැබූ බව විස්තර වෙනවා.

පෘතුවිය තුල අද අපි දකින මහද්වීප මීට බොහෝ කලකට පෙර දිස්වුනේ එක් විශාල මහාද්වීපයක් ලෙසයි. එය පැන්ජේයා ලෙස හඳුන්වනවා. විද්‍යාඥයින් පවසන පරිදි, පැන්ජේයා මහාද්වීපය බිඳවැටීම ඇරඹුණු කාලයේ සිට පටන් අද වන තුරු, මෙම මොර විශේෂයේ පෙනුම එකසේ වෙනස් නොවී පවතිනවා. අවුරුදු මිලියන 80ක් කාලයක සිටන් ඔවුන් මෙහි වාසය කරනවා.

ඒවගේම මෙම ජීවියා අඩි 7ක් දක්වා වර්ධනය විය හැකියි. විශ්වාස කරන්න, මෙම ජීවියා සතුව එක පෙලට පිහිටි ඉදිකටු මෙන් තියුණු දත් 300ක් පමණ තිබෙනවා.

මෙම මෝර විශේෂය සාමාන්‍යයෙන් වාසය කරන්නේ අඩි 390 සිට 4200ක් තරම් ගැඹුරු සාගර පතුලේයි. නමුත් මොහු හමුවී තිබුනේ සාගරය මතුපිටට ආසන්නයෙන්.

ක්‍රිටේශස් යුගයේ වාසය කල සත්වයින් වඳවී යද්දී, මෙම සත්වයාට අද දක්වා වාසය කරන්නට හැකිවුණේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැහැ.

දිවිරැකගැනීමට විශාල වශයෙන් ආහාර අවශ්‍ය නොවීම, සහ ගැඹුරු සාගර පතුලේ වාසය කිරීම ඊට හේතුවක් වෙන්නට පුළුවන්.

මෙම සත්වයා තරම් දිගුකාලයක් ගැබ්දරන සතෙක් අප පෘතුවියෙන් සොයාගත නොහැකියි. විශ්වාස කරන්න, මෙම සත්වයාගේ ඝර්භනීකාලය මාස 42 ක් පමණ වෙනවා.

මෙම සොයාගැනීමෙන් අමන්දානන්යට පත්වූ විද්‍යාඥයින්, පෘතුවියේ සාගරයන් වැඩි වශයෙන් ගවේෂණය කිරීමට පෙළඹේවි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!